IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘17 ට පස්සේ මහින්දට හොම්බෙන් යන්නයි වෙන්නේ‘

‘ලංකා ඉතිහාසයේ සාමාන්‍යයෙන් සිදුවන්නේ ප්‍රධාන මැතිවරණයකින් ජයගත් පක්ෂය ඊළඟ මැතිවරණය ජය ගැනීමයි. ඒ අනුව ලබන 17 වැනිදායින් පසු මහින්ද රාජපක්ෂට හොම්බෙන් යාමට සිදුවෙනවා‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල මාළිගාපිටියේ පැවැති රැලියකදී පැවසීය.

RDS_3146 RDS_3038 RDS_3050 RDS_3078 RDS_3126

 

 



අදහස් (0)

‘17 ට පස්සේ මහින්දට හොම්බෙන් යන්නයි වෙන්නේ‘

ගලබඩ Wednesday, 12 August 2015 02:16 PM

හොම්බෙන් හරි කොහොම හරි ගිහින් අයෙත් ජනේලේ උඩ නැග්ගොත් තමා වැඩේ ආයිබෝන්...! (අ)

:       0       0

කුමාර Thursday, 13 August 2015 04:21 AM

එතුමා හොම්බෙන් ගියේ එකපාරයි (ම)

:       0       0

රුවන් Thursday, 13 August 2015 09:05 AM

සමහරු නම් පුරුදු පාරේම යාවි (නි)

:       0       0

නිමල් ලලිත් Wednesday, 12 August 2015 02:46 PM

මේ දෙදෙනාගේ පමණක් නොව,මේ ගොල්ලන්ගේ දේශපාලන බලපොරය නිසා කවද හරි හොම්බෙන් යන්න වෙන්නේ සිංහලයාට. (අ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 13 August 2015 05:03 AM

ඔන්න ඔහේ ඔබතුමා ගෙදරට වෙලා 18 වෙනිදා වෙනතුරු විවේක ගන්න.. (නි)

:       0       0

සචිත් ඉන්දික Wednesday, 12 August 2015 02:59 PM

සාමාන්‍යයෙන් අසාමාන්‍ය දේවල් වෙන කාලයක් මේක (බ)

:       0       0

විපුල Thursday, 13 August 2015 05:06 AM

මහින්දට හොම්බෙන් යන්න සිංහල අපි ඉඩ තියන්නේ නැහැ කියන එක දැනටමත් ප්‍රත්‍යක්ෂයි. (නි)

:       0       0

කැටවල Wednesday, 12 August 2015 03:12 PM

ඔබතුමා වගේ අගමැති කෙනෙක් 30 වතාවට හොම්බෙන්ම යනවාමයි (බ)

:       0       0

විදූර Wednesday, 12 August 2015 03:20 PM

අපි බලමුකෝ ඒක එදාට (නි)

:       0       0

විතාන Wednesday, 12 August 2015 03:22 PM

ඔබතුමාට හොඳටම විශ්වාසද? (නි)

:       0       0

රුවන් Thursday, 13 August 2015 05:16 AM

1977 දී රාජ්‍ය සේවකයෝ වැඩ වර්ජන කරලා හොම්බෙන් ගෙදර ගිය ආකාරය මතක් කරගන්න. 1983දී සෑහෙන ජනතාවක් හොම්බෙන් ගියා. 1988 දී 60,000 පමණ විශ්ව විද්‍යාල තරුණ තරුණියන් වගේම පවුල් ජීවත් කරවන ගෘහ මුලිකයනුත් හොම්බෙන් ගියා දැන් නැවත 2015 ඇවිල්ලා. කැමති නම් නැවත හොම්බෙන් යන්න අවස්ථාව ඇති කරගන්න පුළුවන්. (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Wednesday, 12 August 2015 03:31 PM

මෙතන ලියන සමහරුන්ට මිනීමරුවන්, හොරුන් කව්ද කියල දන්නේ නෑ වගෙයි. පහුගිය දේ මතක් කරන්න.(නදී)

:       0       0

විජේසුන්දර Wednesday, 12 August 2015 03:34 PM

මෙම මැතිවරණයෙන් රනිල් පැරදුනොත් පක්ෂ නායක කම නැතිවෙනවා. සජිත් ඊළඟ නායකයා යයි ඔහු විසින්ම කියගානී. සජිත් ගේ පැතුම එයයි. එනිසා හොම්බෙන් යාම ගැන දෙපාරක් සිතුවොත් තමයි හොඳ (නදී)

:       0       0

ලොකුලියන Thursday, 13 August 2015 05:00 PM

රට ජාතිය වෙනුවෙන් වැඩක්කළ එකම මිනිසා වන මහින්දට ජයවේවා! (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 12 August 2015 03:41 PM

ඉතිහාසයේ සිදුවුණු විදියට මෙදාපාරත් වෙනවා නම් අපරාදෙනේ මේ මඩ ගගහා දඟලන්නේ. (නි)

:       0       0

මුගා Wednesday, 12 August 2015 05:11 PM

හොම්බෙන් ගිහිල්ලා බේරුනොත් ඇති (නදී)

:       0       0

සන්තුෂ් Wednesday, 12 August 2015 06:48 PM

මේ කවුරු දිනුවත් 17 න් පස්සෙ හොම්බෙන් යන්න වෙන්නේ පොදු ජනතාවටයි. බලයට එන්න දඟලන හොරු සහ කම්බහොරු අතරින් අපිට තෝරගන්න කිසිම පිලක් නැහැ. දැන් තිබෙන ජවිපෙත් ඊට විකල්පය නොවෙයි. ඒකත් දැන් මුක්කු පක්ෂයක් වෙලා. අද රට පාලනය කරන්නේ වෛරයයි. ඒක රටකට හිතකර නැහැ. බලය ඉල්ලන අයත් වෛරය සපුරා ගැනීමට බලය ඉල්ලනවා. ප්‍රතිපත්තියට වඩා පුද්ගලයෙකු වටකර පහර දී බිම දමන්න හදන්නේ ඇයිද යන්න ජනතාවනි කල්පනාවට ගන්න. (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Wednesday, 12 August 2015 07:40 PM

නිකන් කියවන්නන් වාලේ කියන්නේ නැතුව මට දන්නා කවුරුහරි කියන්නකෝ බලන්න රනිල් 29 පාරක් පැරදුන විදිය. මම දන්නා විදියට රනිල් එච්චර පාරක් තරඟ කරලා නැහැ (නි)

:       0       0

සෙනරත් Wednesday, 12 August 2015 08:45 PM

හොඳයි අපි බලමුකෝ... (නි)

:       0       0

අරුණ Thursday, 13 August 2015 06:53 AM

සෙනඟ දැක්කහම මහින්ද හොම්බෙන් යන එක සිකුරුයි. ජයවේවා! යුන්පී එක්සත් ඒකීය රටක් උදසො යුන්පීය ස්ථිරවම වැඩි බලය ගන්නවා. (නි)

:       0       0

කුමුදු Thursday, 13 August 2015 06:56 AM

මහින්දට නම් එහෙම වෙන එකක් නැහැ (නි)

:       0       0

රෝහණ Thursday, 13 August 2015 12:34 AM

ඒක ඇත්ත. හැබැයි ඒ තර්කය මෙතෙන්ට හරියන්නේ නැහැ. මොකද ජනාධිපතිවරණය දිනුවේ එජාප අපේක්ෂකයෙක් නෙමෙයි, එහෙනම් ඒ වාසිය යන්නේ ඔවුන්ට. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 13 August 2015 12:44 AM

අපේ අය මෙහෙම එකිනෙකාට බැණගන්නකොට ,ඒ අය ඒ පැත්තේ ඉඳලා හරි සතුටින් බලා ඉන්නවා ඇති නේද? හිතනවා ඇති ඔවුන් ඇනකොටා ගන්නා තරමට අපිට වාසියි කියලා. (නි)

:       0       0

අමරසිරි Wednesday, 12 August 2015 12:35 PM

මෙහෙම වාචාල කයිවාරු ගහන්ට ගියොත් හොම්බෙන් යන්ට වෙන්නේ ඉතින් ඔබ..තුමාට ! (බ)

:       0       0

බුද්ධික Thursday, 13 August 2015 01:50 AM

අපි බලමුකෝ කාටද යන්න වෙන්නේ කියලා (නි)

:       0       0

සුගත් Wednesday, 12 August 2015 12:37 PM

රනිල්ට හින දැකල එපා වෙලා නැද්ද? (බ)

:       0       0

හේවා සරත් Wednesday, 12 August 2015 12:37 PM

ඔබතුමාටද 29 වැනි වරටත් හොම්බෙන් යන්න දේවි 17 වැනිදා (බ)

:       0       0

විකුම් Thursday, 13 August 2015 02:14 AM

අන්තිමට අපිට තමයි යන්න වෙන්නේ හොම්බෙන්. (නි)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 12:42 PM

29 වරක් පැරදිලත් සමහරු යහතින් ඉන්නේ (අ)

:       0       0

ලක් Wednesday, 12 August 2015 12:51 PM

අනිත් අයට පස්සපත්තෙන් යන්න වෙන්නේ . (අ)

:       0       0

සුනිල් ප්‍රනාන්දු Wednesday, 12 August 2015 12:58 PM

ඔබ කී සැරයක් හොම්බෙන් ගියාද (බ)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 01:14 PM

28 වතාවක් පැරදුන අය ඔහොම ගියානම් මුහුණක් ඉතිරිවේවිද (බ)

:       0       0

ප්‍රියංක Wednesday, 12 August 2015 01:23 PM

අනගාරික ධර්මපාලතුමා කිව්වා ලංකාවෙන් සුද්දෝ ගියාම කළු සුද්දෝ පාලනය කරනවා කියල. මේ එහෙම කළු සුද්දෙක්. මිනිස්සු මේවා තේරුම් ගන්න ඕන. (බ)

:       0       0

රණවීර Wednesday, 12 August 2015 01:35 PM

ඉතිහාසයේ කුණු බක්කියට යනවා නියතයි. (නදී)

:       0       0

රෝහිත Wednesday, 12 August 2015 01:39 PM

මහින්දට විතරක් නොවේ එයාගේ පස්සෙන් යන අයටත්. (නදී)

:       0       0

දුල්මි Thursday, 13 August 2015 03:59 AM

කී පාරක් පැරදුණත් මේදා පාරනම් දිනනවා. එතකොට ඔය කියන අයටම තමා හොම්බෙන් යන්න වෙන්නේ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site