අම්පාරේ මුස්ලිම් විරෝධී ප්රහාරයට අගමැතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි
අම්පාර නගරයේ මුස්ලිම් දේවස්ථානයකට හා මුස්ලිම් ජාතිකයෙකුගේ ආපනශාලාවකට කලහකාරී පිරිසක් සිදුකළ මැර ප්රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ දිස්ත්රික් (එජාප) මන්ත්රී මුජිබර් රහමන් මහතා නීතිය හා සාමය පිළිබඳ ඇමති සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී.