නුවරට යළිත් සවස 6 සිට ඇඳිරිනීතිය අද උදේ 10ට ඉවත් කරනු ලැබූ ඇඳිරිනීතිය සවස 6ට යළි පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 08 March 2018
ක්‍රීඩා රාජ්‍ය ඇමැතිගේ ප්‍රකාශයට මුස්ලිම් ඇමැතිවරුන්ගේ විරෝධය ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය එච්.එම්.එස්. හාරිස් මහතා විසින් කරනු ලැබූ ප්‍රකාශය පිළිබඳව ජාතික රජයට සම්බන්ධ මුස්ලිම් පක්ෂවල අමාත්‍යවරුන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ. 08 March 2018
අගමැති පොලිස් කොමිසමේ ක්‍රියාදාමය ගැන වාර්තාවක් ඉල්ලයි ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් නොකර අඩුපාඩු ඇති වන විට පමණක් ක්‍රියාත්මක වන ජාතික පොලිස් කොමිසම අනුගමනය කරන ක්‍රියාදාමය පිළිබඳව වාර්තාවක් දෙන ලෙස 08 March 2018
‘සමාජ ජාලා අත්හිටුවීම ජාතිවාදි ගැටුම් පාලනයට රුකුලක්’ - පොලිසිය කියයි ෆේස් බුක් ,වයිබර්,වට්ස්ඇප්,ඉමෝ වැනි සමාජ ජලා මාධ්‍ය අත්හිටු වීමට ගත් පියවර මගින් මහනුවර හා අනෙකුත් ප්‍රදේශයන්හි ඇති වු ජාති වාදී ගැටුම් පාලනය කිරීමට විශාල පිටුවහලක් ලැබුණු බව පොලිස් දෙපාර්තමේන්තුව රජයට අද (8) වාර්තා කරනු ලැබීය. 08 March 2018
ජාතිවාදය එපා - බියවැද්දීම් එපා යයි කතානායකගෙන් නිවේදනයක් ජාතිවාදී සිදුවීම් ඇතිකරමින් කලකෝලහල ඇතිකර රට නැතතත් ආපස්සට හැරවීමට කටයුතු නොකරන ලෙස කතානායක කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි. 08 March 2018
නාඋලට විශේෂ පොලිස් ආරක්ෂාවක් මාතලේ - නාඋල පොලිස් බල ප්‍රදේශයට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ. 08 March 2018
කෝටි තුනක මත්ද්‍රව්‍ය සමඟ දෙන්නෙක් කොටු වෙති රුපියල් කෝටි තුනක ආසන්න මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 613 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් කඩුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි. 08 March 2018
ඇඳිරිනීතිය 10ට ඉවතට මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා අද සවස හතර වන තෙක් පනවා ඇති ඇඳිරිනීතිය උදෑසන 10ට ඉවත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 08 March 2018
නීතිය හා සාමය ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර නීතිය හා සාමය ඇමැතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි. 08 March 2018
අම්පාරේ පරාටේ ඇතුළේ තිබුණේ පිටි ගුලියක් අම්පාරේ කඩයකදී වඳ පෙති යැයි කියමින් පොලිසියට භාර දුන් ආහාර වල තිබී ඇත්තේ පිෂ්ඨය සහිත ආහාර කොටසක් බවට නිගමනය කරන්නේ යැයි රජයේ රසපරීක්ෂක ඒ වැලිඅංගගේ මහතා පොලිසියට දන්වා යවා තිබේ. 07 March 2018
අසමගිය ඇති නොකරන්න’යි ජනාධිපති ලේකම් ඉල්ලයි රටේ අසමගියක් ඇති නොකරන ලෙස සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද (7) පැවසීය. 07 March 2018
ආගමික නායකයන් හමුවන්න ජනපති නුවර යයි මතුව ඇති තත්ත්වය සමනය කරමින් ජන කොටස් අතර සාමය හා සංහිඳියාව ඇති කිරීම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මහනුවරදී ආගමික නායකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවසීය. 07 March 2018
සංවිධානාත්මකව වෛරය වපුරන බව මානව හිමිකම් කොමිසම කියයි සංවිධාන ගත පිටස්තර කොටස් විසින් මහනුවර ප්‍රදේශයේ ජන කොටස් අතර භීතිය, අසමගිය හා වෛරය පතුරුවනු ලබමින් සිටින බව නිරීක්ෂණය වන්නේයැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ. 07 March 2018
කඩාකප්පල්කාරීන්ගේ තොරතුරු ගන්න මධ්‍යස්ථානයක් ජාතිවාදය හා ආගම්වාදය දඩමීමා කරගනිමින් කඩාකප්පල්කාරී ක්‍රීයාවන්හි නිරතවන්නන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පැය 24 පුරාම ක්රීයාත්මක සහාය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 07 March 2018
බොරු ප්‍රචාර වලට නොරැවටී වගකීමෙන් යුතුව කටයුතු කරන්න - අගමැති උණුසුම්කාරී තත්ත්වය පාලනය කොට සුරක්ෂිත වටපිටාවක් තහවුරු කිරිම සඳහා සිංහල,දෙමල,මුස්ලිම් සියලු ජනකොටස් වලින් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (7) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය. 07 March 2018
දිගන සිදුවීමට බුද්ධි අංශද වගකිව යුතුයි - චම්පික රණවක බුද්ධි අංශය නිසි අයුරින් ක්‍රියාත්මක වුවානම් දිගන සිදුවීම පදනම් කරගෙන ඇති වු කලහකාරී තත්වයන් වළක්වාගන්න හොඳටම ඉඩකඩ තිබු බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (07) පැවසීය. 07 March 2018
රංගේ බණ්ඩාර සති දෙකකට පොලීසිය ඉල්ලයි ‘ප්‍රචණ්ඩකාරීන් මෙල්ල කිරීමට පොලීසියට නොහැකි නම් සති දෙකකට පොලීසිය මට භාර දෙන්න. නීතිය ක්‍රියාත්මක කරරන හැටි සතියක් ඇතුළත මම පෙන්වන්නම්‘ යැයි වාරිමාර්ග හා ජල කළමණාකරණ රාජ්‍ය ඇමැති රංගේ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදි අද (07) පැවසීය. 07 March 2018
ඇමරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන්, ඕස්ට්‍රේලියාවෙන් සංචාරක උපදේශන මහනුවර දිස්ත්‍රික්කය මුල් කරගනිමින් ඇති වී තිබෙන ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වීමෙදී දැඩි අවධානයක් යොමු කරන ලෙසට දන්වමින් ඇමෙරිකා එක්සත් ජනපදය , බි්රතාන්යය සහ ඕස්ටේ්රලියාව යන රටවල් සිය වැසියන් වෙත සංචාරක උපදේශන නිකුත් කර ඇත. 07 March 2018
ජන නායකයින් කැඳවන්නයි කතානායකගෙන් ඉල්ලති අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්ක වලින් ආරම්භ වී ඇති තත්ත්වය රටපුරා ජනතාවට ඉමහත් බියක් ගෙනදිය හැකි බැවින් එය තවදුරත් ප්‍රචලිත නොවීම සඳහා දේශපාලන පක්ෂ නායකයින් සිවිල් සංවිධානවල නායකයින් කැඳවා සාකච්ඡා කිරීමට මැදිහත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ කතානායක කරුජයසුරිය මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද ඉල්ලා සිටියේය. 07 March 2018
පුංචි ඡන්දය කල් දැමීමට එරෙහිව ගොනුකළ පෙත්සම ඉවතට පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව සහ එම මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු 7 දෙනෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) ප්‍රතික්ෂේප කළේය. 07 March 2018
ඒකාබද්ධයේ යෝජනාව කතානායක ප්‍රතික්ෂේප කරයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ විශ්වාසය දිනාගන්නා තැනැත්තා අගමැති ලෙස පිළිගන්නා ආකාරයටම විපක්ෂ නායකවරයාත් පිළිගන්නාලෙස ඒකාබද්ධ විපක්ෂය ස්ථාවර නියෝග (සංශෝධන) පනත සඳහා ගෙනා යොජනාවක් කතානායක කරුජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) ප්‍රතික්ෂේප කළේය.ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇතිවු මතවාද මෙසේ වෙයි. 07 March 2018
මහනුවරට තවත් පැය 24ක් ඇඳිරිනීතිය හදිසි නීති රෙගුලාසි ප්‍රකාරව පොලිස්පතිවරයාට ලැබී ඇති බලතල පාවිච්චි කරමින් අද සවස හතරේ සිට හෙට සවස හතර වන තෙක් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැනවූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. 07 March 2018
පොලිසියේ නිවාඩු අවලංගු කරයි රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති නිසා සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 07 March 2018
මහනුවර ගැටුම පිටුපස සිටින අය ගැන රාජිත හෙළිකරයි මහනුවර ඇතිවු ගැටුම පිටුපස එක්තරා දේශපාලන පක්ෂයකට අයත් පිරිසක් සිටින බව හෙළිවී ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 07 March 2018
‘ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්න එපා‘ හිටපු ජනපති ජනතාවගෙන් ඉල්ලයි බුද්ධිමත්ව කල්පනා කර බලා ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් වැළකී සිටින ලෙස රටේ සියලූම ජනකොටස්වලට අයත් ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 07 March 2018
වට්ස් ඇප් - වයිබර් අවහිර කරයි ෆේස්බුක් වලට අමතරව වට්ස්ඇප්, වයිබර් වැනි තොරතුරු හුවමාරු කරන මාර්ගද අවහිර කරන බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පැවසීය. 07 March 2018
පොහොර සහනාධාරය පෙර පරිදිම ගොවීන්ට පොහොර සහනාධාරය පෙර පරිදිම යළි ගොවින් වෙත දීමට රජය තීරණය කර තිබේ. රජය මේ තීරණය ගත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ජාවේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළ යෝජනාවක් අනුවයි. 07 March 2018
සුමංගල - රාහුල එක්දින තරගය කල් යයි මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල අතර පැවැත්වෙන වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන ඉරිදා (11 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගය දින නියමයකින් තොරව කල් දමා තිබේ. 07 March 2018
එක්සත් ජාතීන්ගේ අවධානය මහනුවර වෙතට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මෑන් තෙදින නිල සංචාරයක් සඳහා සිකුරාදා (09) දිවයිනට පැමිණිමට නියමිතය. 07 March 2018
ළදරුවන්ගේ හටනත් කල් දමයි මහනුවර විද්‍යාර්ථ විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය අතර මේ මස 9 සහ 10 යන දින වලදී පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ 58 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය (ළදරුවන්ගේ හටන) දින නියමයකින් තොරව කල් දමා තිබේ. 07 March 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026