මැරූ මුවන් සමඟ ගල්ගමුව ප්රා. සභාවේ සේවකයකු දැලේ
මැරූ මුවන් තිදෙනෙකුගේ සිරුරු, පතරොම් තුවක්කුවක්, ජීව පතරොමක්, හිස් පතුරොම් කොපු තුනක්, පිහියක්, පොරවක්, මුව මස් සමග ගල්ගමුව ප්රාදේශීය සභාවේ සේවකයෙකු අද (08) අලුයම හල්මිල්ලවත්ත ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මීගලෑව වනජීවි කාර්යාලය පවසයි.