’ ශ්‍රිලනිප රූස්ස ගස කපා දමන්න බැහැ’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැමැති රූක්ෂ ගස කඳින් කපා වෙන් කළ ද නැවත ශක්තිමත්ව ලියලනු ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරන්නීය. 02 September 2021
කොරෝනා මඩින්න සජබෙ පහන් දල්වයි පැතිරෙන කොරෝනා වසංගතය පාලනය වේවා යන පැතුම පෙරටු කර ගනිමින් ජීවිත අහිමි වූ සියලු දෙනා අනුස්මරණය කිරීමට හෙට (03) පස්වරු හයට සෑම නිවසක් තුළම පහනක් දල්වන මෙන් සමගි ජනබලවේගය සියලූම රටවැසි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 02 September 2021
මව්බිම රණින් සැරසූ විරුවන්ට ඇතෙක් බරට තෑගි ජපානයේ ටෝකියෝ නුවරදී දැන් පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්තට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 5 ක් හෙවත් රුපියල් ලක්ෂ 500 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර ඇතැයි ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් එදිරිසූරිය මහතා පවසයි. 02 September 2021
නිරෝධායන ඇඳිරිය දීර්ඝ කරනවද නැද්ද තීරණය හෙට රටපුරා ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 6 වැනිදා සදුදායින් පසු තවදුරටත් දීර්ඝ කෙරෙනවද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් හෙට (3) පැවැත්වීමට නියමිතය. 02 September 2021
තැනින් තැනට කඩින් කඩ වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (2) දිනයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 September 2021
ආණ්ඩුවේ විසඳුම් පිළිගන්නැයි ඇමැති වීරවංශ ගුරුවරුන්ගෙන් ඉල්ලයි විදුහල්පති සේවයේ වැටුප් සියයට 25කින් ද, ගුරු සේවයේ වැටුප් සියයට 13කින් ද ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බැවින් ඒ පිළිබදව අවධානය යොමු කොට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන ලෙසට ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 02 September 2021
චීන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරයේ චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරයේ පිහිටුවීම සදහා සියලු පහසුකම් සැලසීමට රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 02 September 2021
දනෝ සිටිති මඟ නිරතුරු ඩෙල්ටා පොකුරු පැමිණෙන තුරු රට වසා තිබුණ ද මැද කොළඹ ප්‍රදේශයේ වීදි ජනතාවගෙන් පිරී පවතින ආකාරය දැකගත හැකිය. 01 September 2021
එජාප 75 වන සංවත්සරය පස් වැනි දා සිරිකොතදි එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සර සැමරුම් උත්සවය සැප්තැම්බර් 5 වැනිදා සවස 5ට පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙයි. 01 September 2021
කොවිඩ් මරණ 215ක් කොවිඩ් ආසාදිතවූ තවත් 215 දෙනකු ඊයේ (31) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය. 01 September 2021
අද ආසාදිතයන්ගේ අඩුවීමක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 944 දෙනකු අද(1) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 01 September 2021
කාදිනල් තුමාගෙන් ඇමති ජී.එල්.පීරිස්ට පිළිතුරක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණවලට අදාළව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා සාකච්ඡාවකට පැමිණෙන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කර ඇති ආරාධනය පිළිගැනීමට නම් පාස්කු ප්‍රහාරයේ විමර්ශන විනිවිදභාවයකින් සිදුවන බවට විශ්වාසයක් තමා තුළ ඇතිවිය යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අමාත්‍යවරයා වෙත ලිඛිතව දන්වා යවා ඇත. 01 September 2021
තායිලන්ත රජයෙන් වෛද්‍ය උපකරණ තොගයක් මෙරට රජයේ රෝහල් වලට අවශ්‍ය වී තිබූ ඔක්සිජන් ටැංකි 108 ක් , ඔක්සිජන් සාන්ද්‍රක , ඔක්සි මීටර ඇතුළු කොවිඩ්-19 ආශ්රිත වෛද්‍ය උපකරණ තොගයක පරිත්‍යාගයක් වශයෙන් තායිලන්ත රජයෙන් ඊයේ (01) මෙරටට ලැබුණු බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 01 September 2021
උද්ධමනය සියයට 6.0ක් දක්වා ඉහළ අගෝස්තු මාසයේ දී උද්ධමනය සියයට 6.0ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 01 September 2021
ඇමෙරිකාවෙන් සෞඛ්‍ය උපකරණ ඇමරිකාවේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර වෛද්‍ය සේවා සංවිධානය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3.1 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අද (1) භාර දී ඇත. 01 September 2021
කඩදහි පෙට්ටියද දිවියක වටිනාකම? දිගින් දිගටම රටේ කොවිඩ් මරණ වැඩිවමත් සමග දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රී පියන්ත සහබන්දුගේ අදහසක් මත ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කාඩ්බෝඩ් මිනි පෙට්ට් සහන මිලට ලබාදීම පසුගියදා ආරම්භ කළේය. 01 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 2,884ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,884 දෙනකු අද (1) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,43,186 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත. 01 September 2021
ලංකාගම - නෙළුව මාර්ගයේ ඉදිකිරීම් සියයට 98ක් අවසන් ලංකාගම සිට නෙළුව දක්වා සිංහරාජ ලෝක උරුමය හරහා ඉදිකරන මාරගයේ ඉදිකිරීම්වලින් සියයට 98ක්ම මේ වන විට අවසන්ව ඇතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 01 September 2021
සමිඳුණි අවසරයි යන්නට ගමට මට මහනුවර ඓතිහාසික දළදා පෙරහරේ සදාතුක කරඬුව වැඩම කරවීමෙන් පසු නැඳුන්ගමුවේ රාජා හස්තිය නැවත ගම්පහ බලා ගමන් ආරම්භ කිරීමට පෙර දළදා සමිඳුන් අද පෙරවරුවේ වැඳ පුදා ගත්තේය. 01 September 2021
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට මැති සබයේදී පාර්ලිමේන්තුව ලබන සතියේ රැස් වෙනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් (පක්ෂ නායක රැස්වීම) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (2) පස්වරු 2.00 ට රැස්වීමට නියමිතය. 01 September 2021
බදියුදීන් යළි රිමාන්ඩ් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 15 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ අද (01) නියෝග කළේය. 01 September 2021
අවිවාහක තරුණිය තෙමස් කළලය මල්පාත්තියේ වළ දමයි අවිවාහක තෙමස් ගැබිනියක් තම නිවසේ මල් පාත්තියක් තුළ වළ දැමුවේ යැයි කියන බිලිදු කළලයක් නුවරඑලිය මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ජයරත්න මහත්මිය ඉදිරියේදි අද ගොඩ ගත්තේය. 01 September 2021
‘‘ජනතාවට මේ වෙලාවේ ඔනේ ඇවිදින මංතීරු නොවේ‘‘ මේ වෙලාවේ කළ යුත්තේ ඇවිදින මංතීරු හදනවා ද නැත්නම් ජනතාවට බලපා ඇති ජීවන වියදම ඉහළයාම පාලනය කරනවාද නැද්ද යන්න පිළිබදව අප කල්පනා කළ යුතු යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා පවසයි. 01 September 2021
ගම්පහින් ඇල්ලූ සීනි ගම්පහ පාරිභෝගිකයන්ටම ගම්පහ ප්‍රදේශයේ මුද්‍රා තැබූ ගබඩා තුනක සීනි හෙට සිට ගම්පහ ගම්පහ දිස්තික්කයේ සතොස සහ සමුපකාර මගින් ජනතාවට සහන මිලට ලබා දෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සුළු මොහොතකට පෙර පැවසීය. 01 September 2021
මහින්ද ඇරැඹූ තැනින් වජිරත් අරඹයි කොරෝනා ශීඝ්‍රයෙන් පැතිරෙමින් යන අවස්ථාවේ රට වසා තැබීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ මැදිහත්වීම ම විශාල පින්කමක් බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා නාරාහේන්පිට අභයාරාමයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (1) පැවසීය. 01 September 2021
‘‘ආණ්ඩුවෙන් යන්න අදහස් නෑ‘‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමේ කිසිදු සූදානමක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 01 September 2021
කොරෝනා මරණ විකුණන මිනී කාක්කන් ගැන පොලිසියට තොරතුරු කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය සඳහා රෝහල් මෘත ශරීරාගාරයෙන් ඔවුන්ගේ ඥාතීන්ට ලබා දීමට අල්ලස් වශයෙන් දහස් ගණන් මුදල් ඉල්ලන මෙරට ප්‍රධාන පෙළේ රෝහල්වල සෞඛ්‍ය සේවකයන් කීප දෙනකු සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. 01 September 2021
රෝහල්වල අමාරු ලෙඩ්ඩු අඩුවෙලා කොවිඩ් ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලබන ඔක්සිජන් අවශ්‍ය කෙරෙන අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් පහත බසිමින් ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය. 01 September 2021
ඇඳිරිය තවත් සති දෙකක් දීර්ඝ කළ යුතුයි කොවිඩ් පැතිරීම පාලනය කර ගැනීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය තව සති දෙකක්වත් දීර්ඝ කළ යුතු බව තමාගේ පෞද්ගලික මතය යැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. 01 September 2021
කොරෝනා කාලයේ රිය අනතුරු 3111ක් කොරෝනා වයිරසය ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා මාරක රිය අනතුරු සංඛ්‍යාව 3111ක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ, නිහාල් තල්දුව මහතා පවසයි 01 September 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026