(අංජුල මහික වීරරත්න)
කැලණිය රජමහා විහාර පූජා භූමිය කැලෑ වැදී තිබූ යුගයක එය ලෝකවාසී බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීමට හැකි වන පරිදි සකස් කොට සසුනට පිදූ පරපුරක සාමාජිකයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරේ ප්‍රධාන ආගමික වැඩසටහනක් සඳහා සහභාගී නොවී යැයි ප්‍රකාශ නිකුත් කිරීම කණගාටුවට කරුණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පැවසීය.
පොසොන් පොහොයේ අරමුණ විය යුත්තේ වෛරයෙන් ක්‍රෝධයෙන්, ඊර්ෂාවෙන් තොරව සිත් සතන් සුවපත් වේවායි යන ප්‍රාර්ථනාවෙන් ශ්‍රී ලාංකික සහ ලෝක බෞද්ධ ජනතාව පෙළගැස්වීම යැයි ද අබේවර්ධන මහතා කීය.
එජාප සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
VIII වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ ප්‍රධාන ආගමික වැඩසටහන් සඳහා සහභාගී නොවූ බවට ප්‍රකාශ නිකුත් වීම ශ්‍රී ලාංකික සමස්ත බෞද්ධ ජනතාව නොමග යැවීමකි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ පරම්පරාව බුදුන් වැඩම කළ කැළණිය රජමහා විහාර පූජා භූමිය කැලෑ වැදී තිබුණු යුගයක එය ලෝකවාසී බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීමට හැකිවන පරිදි සකස්කොට ශාසනයට පූජා කළ පරපුරයි. මිහින්තලාවේ පුදබිමේ ආලෝක පූජාව පටන් ගත්තේ ද රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන මහතා විසිනි.
එපමණක් නොව අනුරාධපුර නගරයේ කෙරෙන ප්‍රධාන පිංකම් ගණනාවක්ම පටන් ගත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ අය විසින් බව අමතක නොකළ යුතුයි. එමෙන්ම එම පරම්පරාවේම සාමාජිකයකු වන උපාලි විජයවර්ධන මහතාද සිතුල් පව්වේ පොසොන් උත්සවය එදා ආරම්භකොට එයටද නායකත්වය ලබා දුන්නා. එතැනින් නොනැවතුණු එම පරම්පරාවේ රංජිත් විජයවර්ධන මහතා විජය පුවත්පත සමාගම හරහා තන්තිරිමලේ ආලෝක පූජාවද පසුකාලීනව ආරම්භ කරනු ලැබුවා.
ශ්‍රී ලාංකික මහජනතාව වෙනුවෙන් මෙවන් පිංකම් කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ උදවිය සහ එතුමා සම්බන්ධයෙන් වැරදි ප්‍රචාර ගෙනයාම කණගාටුදායක කරුණකි.
එපමණක් නොව ඉහත සඳහන් පිංකම් මාලාවලට විටින් විට රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබුණු සෑම අවස්ථාවකම සහ එතුමාට කළ හැකි සෑම සේවයක්ම කිරීමට කිරීමට පියවර ගත්තේය. එපමණක් නොව ආණ්ඩු මාරු වුවත් බෞද්ධ ශ්‍රී ලාංකික නායකයින් විවිධ අවස්ථා වල මේ පිංකම් සඳහා දේශපාලන භේදයකින් තොරව සහභාගී වෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඉතිහාසයේ සිතුල්පව්ව පිංකම් මාලාවට විටින් විට සහභාගී වන අවස්ථාවද අපට සිහියට නැගෙනවා. 2024 වසරේ පොසොන් පොහොය දිනයේදී තන්තිරිමලේ රජමහ විහාරයේ පැවැති අලෝක පූජාව සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ආරාධනය ලැබුණු වහාම එතුමා ඒ සඳහා සහභාගී වී සමස්ථ ශ්‍රී ලාංකික බෞද්ධයන් වෙනුවෙන් එම කටයුතු ආලෝකමත් කිරීම සඳහා ක්‍රියාකළ බව ශ්‍රී ලාංකික මහජනතාවට මතක් කර දීමට කැමතියි.
එම නිසා අනුරාධපුරයේ ප්‍රධාන පිංකම් ආගමික වැඩසටහන් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී නොවූ බවට කෙරෙන ප්‍රකාශ සියල්ලක්ම පදනම් විරහිත කරුණු බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
’’රනිල් අ’පුර බෞද්ධ වැඩට නොඑන බව කීම කනගාටුවක්’’
stfup Wednesday, 11 June 2025 06:26 PM
කොහේ හිටපු VIII විධායක ජනාධිපතියෙක්ද? පැනලා ගිය කිච විරුවාගේ කොටේ ඇද්ද පිනානේ මෙයා. පස්ස දොරෙන් ආවා කියලා අමතක කරලා නීතිය පවා ගණන් ගන්නැතුව කුල්ල කුජීත වෙන්නම ගෙදර ගිය මෑන්, මේ පච්ච කොටාට ලොකු ඇති...
Srinath Wednesday, 11 June 2025 07:42 PM
මෙරට ජනතාව හොඳට දන්නවා Ranil කව්ද, JR කව්ද, බණ්ඩාරනායක කව්ද, මහින්ද කව්ද කියලා, මේ ගොල්ලන් හැමදාම කළේ බොරුවට බෞද්ධ කමක් පොරවා ගෙන ඡන්ද මංකොල්ල කෑම, සමහරක්ට තවම දැනෙන්නේ නැහැ...
කව්ද බෝයි Wednesday, 11 June 2025 08:25 PM
ඔය කියන පරම්පරාවේම හිටපු ජනපති මාමා කෙනෙක්, පන්සල් වටකරලා කම්බි වැටවල් ගහපු බවත් අති ප්‍රසිද්ධ රහසක්...
swene Wednesday, 11 June 2025 09:25 PM
නායකයා වගේම ඔයත් බොරු කියනවා. හැබැයි ඔයාගේම වචනින් ලියලා තියෙන්නේ රනිල්ගේ මුතුන් මිත්තන් බෞද්ධ වැඩ කළ බව පමණකි.
Saththaya Wednesday, 11 June 2025 09:49 PM
ලැජ්ජයි කියන්න, කැත නැතිව පූජක පක්ෂය දේශපාලනය කරන යුගයක් බවට දැන් මේ රට පත්වෙලා...
chandima Wednesday, 11 June 2025 10:08 PM
තව ටික දවසකින් දවල් වරුවට ගෙයින් එළියට එන එකකුත් නෑ. දැනටම අර හැම එකකටම ඉස්සරහට පැනලා සිංහ ලීලාවෙන් පඬි වදන් කියන එක නතරවෙලානේ තියෙන්නේ.
ජයනාත් Wednesday, 11 June 2025 10:14 PM
අනුරාධපුර ගියවර පොසොන් උත්සවය සම්පූර්ණයෙන් කඩාකප්පල් කලේ රනිල්. එයාට ආගමක්, දහමක් තියෙනවද..? වජිරත් ඒ ජාතියේ තමයි...
කව්ද බෝයි Thursday, 12 June 2025 12:40 AM
මිහින්තලේ හාමුදුරුවෝ "බෞද්ධ වැඩට නොඑන බව" කිව්වා නම් ඉතින් "කාදිනල් හිමිපාණන් ගාව පල්ලියේ වැඩට" යන එකනේ තියෙන්නේ...?
Dinesh Thursday, 12 June 2025 03:42 AM
තම්බි මුදියන්සේගේ පරපුර තමයි රට කෑවේ...!
පොඩිඑකා Thursday, 12 June 2025 09:09 AM
නොඑන එකමයි හොද!
Bunny Preena Thursday, 12 June 2025 09:11 AM
රනිල් මහතා කරගත්තා වූ පින්බලෙන් සහ ශ්‍රද්ධාවේ මහිමයෙන්, එජාපය ආරක්ෂා කරගෙන, එයට වින කටින සියලුම භූතාත්මයන් තූෂ්ණීභූත වේවායි කියා ප්‍රාර්ථනා කරමු.
Jayasekara Thursday, 12 June 2025 10:42 AM
උපතින්ම බෞද්ධත් නෙමෙයිනේ . කවලම් උන ජාන තවමත් ඇතිනේ ?
හසකThursday, 12 June 2025 02:04 PM
රනිල් කොහොමත් ගොබ්බයා. නමුත් කලවම් නැති ජාන කියල දෙයක් නෑ. මේ ලියන මගෙත්, ඔබ සිංහල නම් ඔබේත් වැඩිපුර තියෙන්නේ දකුණු ඉන්දියානු ජාන. යුරෝපීය, අරාබි ඒවත් සුළු වශයෙන් හරි තියුනවා. කලවම් ජාන කියන එක ඇහෙන, දකිනකොට ඒ කියන ලියන එකා මොන මෝඩයෙක්ද කියල මට හිතෙනවා.
බකල ජයාThursday, 12 June 2025 07:28 PM
සම්පූර්ණයෙන්ම එකඟයි, හසක... මම පොඩි විස්තරයක් මේ ගොබිලන්ට දැනගන්න දැම්මා... අපි හැමෝම අප්‍රිකාවෙන් විවිධ සංක්‍රමණ රැලි වලින් ඇවිල්ලා තියෙන්නේ. රාවණා ගැන හොයන්නැතුව පරිණාම ජීව විද්‍යාව ගැන ඉගෙන ගන්න. අඩුම ගණනේ රිචර්ඩ් ඩෝකින්ස්ගේ, රොබර්ට් සපොල්ස්කිගේ කතාවක් දෙකක් අහලා තේරුම් ගන්න බලන්න....
පිරිසිදු ජාන හොයන ගොබ්බයින්ට "බකල ජයා"ගෙන්Thursday, 12 June 2025 03:55 PM
කලවම් ජාන කිය කිය,මැරෙන්ඩ හදන මෝඩ තක්කඩියන්ට :- සිංහලයකුගේ සාමාන්‍ය ජානමය සංයුතිය (ආසන්න ප්‍රතිශත), දකුණු ආසියාතික/ඉන්දියානු උපමහාද්වීපීය පරම්පරාව: 70-85%, අග්නිදිග ආසියාතික පරම්පරාව: 8-15%, යුරෝපීය පරම්පරාව: 2-8%, නැගෙනහිර ආසියාතික පරම්පරාව: 1-5%, මැද පෙරදිග/බටහිර ආසියාතික පරම්පරාව: 1-3%. (පරම්පරාව = ancestry)
janahitha Thursday, 12 June 2025 02:32 PM
මෙතුමා මතුමාම උනා
Ekanayake Thursday, 12 June 2025 03:53 PM
උදය = වජිර, ගම්මපිල = අබේවර්ධන
අජිත් Friday, 13 June 2025 09:57 AM
ඉතිම් බඩ තඩියො අපිට පාන්ද?" පිං වලට පිං විපාක බටලන්ද වගේ ඒවට පවු විපාක
රුවන් Friday, 13 June 2025 02:23 PM
රනිල් වික්‍රමසිංහ චරිතය මොකක් වුනත්, ජාන කතාව නම් විහිළුවක්. බණ්ඩාරනායක කියන්නේ ද්‍රවිඩ පරම්පරාවකින් පැවත එන කෙනෙක් හැබැයි කවුරුත් කියනවා ද එහෙම? ශූද්ධ සිංහල කළු සිංහලයා කියලා කියන්නේ (හැබැයි දෙමළ/තමිල්නාඩු)
බකල ජයාSaturday, 14 June 2025 12:04 PM
දෙමළ, සිංහල, එංගලන්ත, රතු ඉන්දියානු, වැදි, අඩු කුල, වැඩි කුල, නමුණුකුල සියළුම අය අප්‍රිකානුවෝ...