(අංජුල මහික වීරරත්න)
දිළිඳු බව තුරන් කිරීම සඳහා බහු විධ ප්‍රවේශ ඇතුළත් ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් "ප්‍රජා ශක්ති'' වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතියල දී ඇත.
වර්තමාන ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සෑම පුද්ගලයන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන අතර, එම ජනගහනයෙන් 95.3%ක් ග්‍රාමීය හා වතු ආශ්‍රිත ප්‍රදේශ වල ජීවත් වේ.
ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කරනු ලැබ ඇති දිළිඳු බව තුරන් කිරීමේ වැඩසටහන් මඟින් ලැබී ඇති අවසන් ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් සෑහිමට පත්ව නොමැති බව ඒ සම්බන්ධයෙන් පළ කරනු ලබන අදහස් දැක්වීම මඟින් පෙනී යයි. පසුගිය දශක කිහිපයේ දිළිඳුකම පිටු දැකීමේ සුබසාධන වැඩසටහන් මඟින් සහන සලසන ලද ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව සහ ඒ සඳහා වැය කරනු ලැබ ඇති මුදල් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ.
වසර 2000 වන විට ප්‍රතිලාභී සංඛ්‍යාව මිලියන 1.10 ක් වී ඇති අතර, 2010 වර්ෂය වන විට එම සංඛ්‍යාව මිලියන 1.57ක් දක්වා වැඩි වී ඇත. 2024 වර්ෂය වන විට එම සංඛ්‍යාව මිලියන 1.79ක් දක්වා තවදුරටත් වර්ධනය වී තිබේ. මෙම තත්ත්වය දිගින් දිගටම පවත්වා ගෙන යාම රටේ ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියට අහිතකර ලෙස බලපාන බැවින්, අවදානම් කණ්ඩායම් පමණක් විධිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලකට යොමු කර අනෙක් පිරිස ආර්ථික ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවන් ලෙස දායක කර ගනිමින් ක්‍රමවත්ව සැලැසුම් කරන ලද වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුව ඇත.
ඒ අනුව, නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයකට අනුගතව ' පොහොසත් රටක් - සුරක්ෂිත ජීවිතයක් යන දැක්ම සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි බහු විධ ප්‍රවේශයක් සහිත ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් "ප්‍රජා ශක්ති " වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බලගැන්වීම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දිළිඳු බවට තිත තියන්න ’’ප්‍රජා ශක්ති’’ එයි
ගුණරත්න Tuesday, 25 February 2025 11:25 PM
ආණ්ඩු මාරුවෙන සැරේට එනවා දිළිඳුකම පිටුදකින්න නොයෙක් ව්‍යාපෘති, එව්වට කාර්යාල ලොක්කන් සොක්කන් වාහන හැම එකක් එක්කම තඩි බජට් එකකුත් දෙනවා. ඊළඟට එන ආණ්ඩුවත් තව එකක් ඒ විදිහටම අටවා ගන්නවා ජනසවිය, සමුර්දිය, අස්වැසුම, දැන් ප්‍රජා සක්ති. එත් තාමත් මිනිස්සු දුප්පත්. ඔය කිසි දෙයක් ඕන නැහැ, නිකම් සල්ලි දෙන්න හොඳ නැහැ. මිනිස්සුන්ට උගන්වන්න සල්ලි හොයන හැටි.
Lalla Wednesday, 26 February 2025 11:07 AM
පින්බත් කකා තඩි බඩවැල් උස්සගෙන සහනාධාර ගන්න පෝලිමේ එන ලමයින් එල්ලාගත්ත තරුණ වයසේ අය දකින එකම කරුමයක්.මොනම වැඩක්වත් නොකර පිනට ජීවත්වෙන්න ලජ්ජාව ඇතිකරන්න ඕන. සහනාධාර නවතාදැමීම අසාධාරණ වගේ පෙනුනට කරන්න දෙයක් නෑ. දරුවොත් නිකම්ම ඉන්න පුරුදු වෙනව.