(අජන්ත කුමාර අගලකඩ)
දිවයින් පුරා පිහිටි ජාතික පාසල් 383 න් 274 කටම විදුහල්පතිවරුන් නැතැයි අධ්‍යාපන ක්‍රීඩා සහ තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
පළමු පන්තියේ ජාතික පාසල් 64 ක් තිබෙන බව කී ඇමැති අලහප්පෙරුම මහතා එයින් ද 40 කට ම විදුහල්පතිවරුන් නැති බව කීවේය.
අවුරුදු එක හමාරකට වැඩි කාලයක් තිස්සේ පවතින මෙම පුරප්පාඩු නිසා පාසල්වල පරිපාලන කටයුතුවලට බාධා පැමිණ ඇතැයි කී ඇමැතිවරයා ඇතැම් ජාතික පාසල්වල අවුරුදු දෙක හමාරක් තිස්සේ විදුහල්පතිවරුන් නැතැයි පැවසීය.
ජාතික පාසල්වල පවතින පුරප්පාඩු වලින් 50% ක් පමණ ලබන ජනවාරි මාසය තුළද පිරවීමට කටයුතු කරන බවත් ඒ සඳහා වැඩපිළිවෙළක් දැනටමත් සකස් කර ඇති බවත් ඔහු කීවේය.
COMMENTS
ජාතික පාසල් 274කට විදුහල්පතිවරු නොමැති නම් සුදුසු පුද්ගලයන් පත් කරන්න. දේශපාලන හෙන්චියියන් පත්නොකර සිටින්න. මහා ලොකුවට මාධ්‍යයට පැමිණ "වොයිස් කට්" දී පොරක් වනවාට වඩා නිශ්ශබ්දව වැඩේ කරගෙන යන්න ලංකාවේ දරුවන්ටත් හොඳ අධ්‍යාපනයක් ලැබිය යුතුයි. ඔබත් ඔබගේ පක්ෂයේ කණ්ඩායමත් ඇමෙරිකාව එරෙහිවූවාට. ඇත්ත තිත්තය නමුත් කිවයුතු දෙයක් තිබේ. ලංකාවේ බොහෝ දෙනෙක් නොදන්නවට ඩලස් අලහප්පෙරුම ඇමෙරිකාවට චෝදනා කළත් එයත් ඇමෙරිකාවේය.
අවුරුදු හතර හමාරක් ජාතියට කළ සේවය තමයි ඔය... තවත් බොහෝ දේවල් ඉදිරියේදී ජනතාවට දැනගන්න හැකිවේවි...!!!
දේශපාලනයේ නැවත උපදින සිරාලාගේ, ආසියාවේ හොඳම අගමැති සහා පුතාණෝගේ යහපාලන ආණ්ඩුවේ තවත් වික්‍රමයක්. කොච්චර දේවල් මෙයාලා හංගගෙන ඉඳලා තියෙනවද? රටම කාලා තියෙන්නේ... තව එක අවුරුදක් හිටියා නම් අපිට රටක් නැහැ..
මම මෙයාගැන සොයා බැලුවා.. මට දැනගන්න ලැබුණ විදිහට අධ්‍යාපන ඇමැති වුණාට උපාධියක් නැහැ කියලා..
රටේ උගත්, බුද්ධිමත් සුදුසුකම් ඇති අය මොනතරම් ඉන්නවද? රස්සාවල් නැතුව. දේශපාලකයන්ට මොන සුදුසුකම්ද? පහුවෙන කොට පවුල්වල ඉන්න අයව පත්කර ගනීවී.
මේ වනවිට ඇතැම් ජාතික මට්ටමේ පාසල් වල සිටින විදුහල්පතිවරුන් අධ්‍යාපනය දියුණු කරන කිසිඳු රාජකාරියක් මේ වනවිට නියැලෙන්නේ නැති බව කිව යුතුයි. මගේ දරුවා මෙවර සාමාන්‍යපෙළ නුගේගොඩ ප්‍රාධාන බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබමින් පෙනී සිටිනවා. මා සෑම දිනකම දරුවාගෙන් අහනවා අද පීරියඩ් කීයක් වැඩ කලා ද? සෑම විටම කීවේ පීරියඩ් 4, 5, 6 ක් වැඩ කලා කියලා. සිලබස් කවර් කලා කියලා මාස තුනකට ඉහතදී සම්මන්ත්‍රණ පවා පිටින් ගෙනවිත් ළමුන් සියල්ල එකට දමා කළා. ඒකෙන් නොකෙරෙනු අල්ල ගන්න බැරි වූ කොටස් ළමයින්ට කෙරුනේ නෑ. කිසිදු දිනක විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ කෙරිලා නෑ. ගණිත පාඩම් පිටින් අත හැරලා. කාට කියන්නද? මා මේ ගැන නුගේගොඩ කලාප අධ්‍යක්ෂකට දෙවරක් කථා කර කිව්වා. මොකුත් වුනේ නෑ. පළාත් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකටත් කථාකර කිව්වා. කට්ටියක් යවන්නම් කිව්වා. මොකුත් වුනේ නෑ. ඒ ගොල්ලෝ සඳළු තලෙන් බහින්නැති විදුහල්පතිනිය විශ්වාස කරනවා. මේක මම වගකීමෙන් කියන කථාවක්...
මේ උන්නැහේ... ඔයාලත් හිටපු අයත් එක්ක එකට ලැගලා හිටියා නේද එකම පට්ටියේ? එතකොට මතක් වුනේ නැද්ද මේ අඩුපාඩුව..? සමහරවිට එකම පට්ටියේ හිටිය හරකුන් නිසා තමන්ගේ වරිගයාගේ අඩුපාඩු මොකට හොයනවද නේද? දැන් නම් පට්ටි දෙකක් තියෙන නිසා අනිත් පට්ටියේ කෙනාගේ අඩුපාඩුම තමයි දකින්නේ. එ්කත් නරකම නැහැ.. මේ නැවත වරක් කියන්නේ අනිත් අය නොකළ නිසානේ ඔයාලා වගේ අයට මිනිසුන් බලේ දුන්නේ ඒ නිසා නොකෙරුණු දේවල් ගැන කතා කරකර ඉන්නේ නැතුව වැඩේ කරනවද? නැත්නම් තමන්ගේ අහිංසක මෑණියන්ට උදේ සවස පස්පංගුව තම්බලා දෙනවද?
අධ්‍යාපන මාෆියාවක් ඇතිවීමට බලපා ඇති කරුණකි. වසර තුනකට වරක් විදුහල්පතිවරුන් ස්ථාන මාරු කිරීම කාලෝචිත වේ. හේතුව අයථා ඉපැයීම් හා මුල්‍ය වංචා වලකා ගත හැකිය.
ඕනේ තරම් ඉන්නේ දාන්නකෝ
මේ ප්‍රතිචාර දිහා බැලුවම මට පෙනුනේ මේ අයට අධ්‍යාපන ක්ෂෙත්‍රය සහ ඩලස් ගැනත් අකිල ගැනත් අවබෝධයක් නැති පාටයි. අකිලලා 2015 ආණ්ඩුව ගත් ගමන් රෝයල් ඇතුලු ඉහල ම යැයි සලකන ජාතික පාසල් සියල්ලටම හිටපු නියම ක්‍රමවේදයට ගත් සුදුසුකම් සහිතව හිටපු සියලු විදුහල්පතිවරුන් ඉවත් කරලා දේශපාලන පත්වීම් දුන්නා. අදටත් ඒවායේ ඉන්නේ ඒ අය. දෙවරක්ම සම්මුඛ පරීක්ෂණ තිබ්බා ස්ථිර පත්වීම් දෙන්න, ක්‍රමවේදය සැකසුවෙත් ඉන්න අයගේ සුදුසුකම් බලලා ඒ අයම ස්ථිර කරන්න. නමුත් විරෝධතා නිසා හරි ගියේ නැහැ. ඩලස් ඇතුලු ආණ්ඩුව ඒක නිවැරදි කරාවි කියලා විශ්වාසයක් අපේ තියෙනවා. එජාපය තරම් දේශපාලන පලිගැනීම්, සැළකීම් පොදු පෙරමුණ මේතාක් කරල නැහැ.
විදුහල්වල නිසි සුදුසුකම් ඇති විදුහල්පතිවරු සිටියොත් නිසි අධ්‍යාපනය ලබාදී විදුහල තුලින් උගතුන් බිහිවේ. දේශපාලුවන්ට බේගල් ඇද බාන්න බැරිවේවි. මුදුන්මුලට හානි සිදුකල විට වර්ධනය අඩපන වේ. තව දුරටත් පැවැත්ම සඳහා කෘත්‍රිම ක්‍රමවේදයන් අනුගමනය කරන්න වේවි. මේක තමා අපේ දේශපාලුවන්ගේ තියරිය. අධ්‍යාපනය කඩාකප්පල් කරන තරමට ඒ අයගේ පැවැත්ම තියේවි.
කිසිදු පාසලකට වැඩ බලන විදුහල්පතිවරුන් උපරිම මාසයකට වඩා තියාගන්න බැහැ කියල නීතියක් හදන්න. සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදයත් ගැසට් කරන්න. පුරප්පාඩු වී මාසයක් තුළ ස්ථිර විදුහල්පතිවරුන් පත් කරන්න.
ළඟම පාසල හොඳම පාසල කිරීම කෙසේවෙතත් කෑ/මාව/ රුක්මලේ ප්‍රාථමිකය හා අඹදෙණිය ප්‍රාථමිකය වසාදමා ඇත. ගොඩනැගිලි වල්බිහිවී විනාශවෙමින් පවතී. එක්කෝ මේ විදුහල් දෙක නැවත අරින්න, නැත්නම් මේ දේපලවලින් නිසි ප්‍රයෝජන ගත හැකි විකල්පයක් සකසන්න.
විරිත්තලා හිනාව දමලා මහා උස් හඬින් කෑගහලා වැඩක් නැහැ. ආවා නම් කයිය නොගහ වැඩ කරන්න. කරලා ප්‍රතිඵල අරන් කට ගහන්න. කරන්නේ නැතිව පොර ටෝක් දමලා වැඩක් නැහැ.
මේ යූඇන්පී කාරයින් කළ තරමක් කරලා තියෙන්නේ රටට විනේ කැටීම...! ඉස්කෝලෙකට ළමයෙක් දාගන්නත් බැරිව ගියා.... අපේ ලොකු සර් නම් ඒ කාලෙම කිව්වා අම්මලා තාත්තලා ඉස්කෝලෙකට ළමයෙක් දාගන්න මොනවා කළත් විරුද්ධ නැත කියලා අන්න මිනිස්සු...! එ්ත් දැන් බලනකොට මේ යූඇන්පී අය විදුහල්පතිලාවත් දාලා නෑ. මේ අය මේ තරමට රටට හතුරුද?
ආණ්ඩු පෙරලන්න ප්‍රශ්න හොයහොයා හිටපු මේ කට්ටියට ඇමතිකම ලැබෙනකම්ම මේ ප්‍රශ්නය නොපෙනුනේ මෙතුමන්ලගේ කිසිවෙකුගේ දරුවෝ ජාතික පාසල්වලට යන්නේ නැද්ද?