IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


'ජීවිතේ, මම හරි සතුටින්'

2016-12-04-ent-86

2016 රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලේදී හොඳම ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියට හිමි සම්මානය හිමිවූයේ ‘කවිය නුඹ’ ටෙලි නාට්‍යයේ රඟපෑ හිමාලි සයුරංගි හටය. අනුරුද්ධ ජයසිංහගේ කවිය නුඹ නාට්‍යයේ පොකුට්ටි නමැති චරිතය රඟපෑම නිසා ඇයට මේ සම්මානය ලැබිණි. ඒ සම්මානයේ සතුට දරාගෙන හිමාලි සඳැල්ලට ආ මොහොතයි මේ.

 

හිමාලි පොකුට්ටි ගැන අද ඔබට හැෙඟන්නෙ කොහොම ද?

2016-12-04-ent-89මට ලැබුණු විශිෂ්ට චරිතයක්. මවකට දරුවකු ලැබීමට සිටියදී ඒ මව ගබ්සාවක් කර ගන්න හදනවා. ඒ නිසා උපදින දරුවා විකෘති ස්වභාවයක් ගන්නවා. පොකුට්ටි වෙන්නේ ඒ දරුවායි. මේ විදියට මේ පොකුට්ටි චරිතය කිරීම මට නම් ලෙහෙසි වුණේ නැහැ. උදේ පාන්දර හතරට විතර මේක් අප් එක දාගත්තාම රාත‍්‍රී එකොළහ විතර වෙනකල් ඒ මේක් අප් එකෙන් ඉන්න සිද්ධ වුණා. අමතර දත් ඇන්දක් පවා භාවිතා කළා. එය ඇත්තටම බොහොම වෙහෙස වෙලා කළ චරිතයක්.

 

ඒ චරිතය එදා ඔබට ලැබුණාම මොන වගේ හැඟීමක් ද ඇති වුණේ?

අනුරුද්ධ ජයසිංහ අයියා කොහොමටත් වෙනස් දේ කරන කෙනෙක්. ශාන්ති දිසානායකගේ නවකතාවකට අනුව රචනය වූවක්. මම ඒ පොත කියවලා තිබුණා. මේ නාට්‍ය රූගත කරද්දී සීඝ‍්‍රගාමීව එය කළේ නැහැ. ඒ නිසා ශිල්පීන්ට තම චරිතය නිදහසේ ගොඩ නගා ගෙන හැකි උපරිම දායකත්වය ලබාදීමට අවකාශය සලසා තිබුණා. දවසකට දර්ශන තුන හතරක් වගේ තමයි රූගත කළේ. එය ඉතා විවේකීව නිදහස් චරිතයට ප‍්‍රවේශවී කළ හැකි වුණා. මොකද මම නාන කාමරයට ගියාම මුළු නාන කාමරයම කලූම කලූ වෙනවා. මාව සම්පූර්ණයෙන්ම කලූ කරලා තිබුණෙ. පාන්දර හතරට නැගිටලා ඒ තද මේක් අප් එක දාගෙන රාත‍්‍රී 12 දක්වා විතර කළ කැපවීමේ ප‍්‍රතිඵලය තමයි මේ සම්මානය.

 

දැන් කොහොමද ජීවිතේ?

දුවට දැන් අවුරුදු 3යි. එයාගෙ පෙර පාසල් ගමන පටන් ගන්න ළඟයි. සැමියගෙ අම්මා සහ මගේ අම්මා මට ලොකු සහයෝගයක් ලබා දෙන්නෙ. දුවගෙ පාසල් ගමන පටන් ගත්තාම නම් මට මේ කලා කටයුතුවලින් තරමක් ඉවත් වෙන්න වේවි.

 

මවක, බිරිඳක, රංගන ශිල්පිනියක කරන කටයුතු ගැන ඔබට දැනෙන්නෙ කොහොම ද?

මවගේ භූමිකාව, බිරිඳගේ වගකීම සියල්ල මම හඳුනාගෙන කටයුතු කරන්නෙ. ඒ නිසා මට ඒවා කිසිවක් ප‍්‍රශ්න වෙලා නැහැ. තවම තරුණ වයස නිසා ගතේ ශක්තිය සහ හිතේ හයිය නිසා සියලූ වගකීම් දරන්න සහ කැපවීමෙන් ඒවා කරන්න පුළුවනි. මහන්සිවෙලා ඒ වැඩ කරන අතරේ සංචාරවල පවා ඉඳහිට යෙදෙනවා.

 

සංචාරවලට? මොකටද ඒ?

කලාකරුවන්ගේ සහභාගීත්වය ඇතිව විදේශීය රටවල පැවැත්වෙන සංගීත සංදර්ශනවලට තමයි දායක වෙන්නෙ. ඇරයුම් ලැබෙන පරිදි ඒවාට දායක වෙනවා.

 

ඔබේ ජීවිතය තෘප්තිමත් ද?

ඇත්තෙන්ම ඔව්. මට හිතෙන විදියට මම සාර්ථක ගැහැනියක්. ජීවිතයේ සියලූ කටයුතු සමබරව කිරීම ඒකට හේතුව වෙන්න ඇති. ක්ෂේත‍්‍රයේ වසර 16ක් තවම මම රැුඳී සිටින්නේ සමබරව ගමනක් ආ නිසයි. දියණිය, සැමියා, පවුලේ අය සහ කලාව මේ සියලූ දේ නිසා මම ජීවිතයේ හරි සතුටින්.

 

නිවේදනය, රඟපෑම, ගීත ජවනිකාවලට පෙනී සිටීම වැනි මේ සියලූ දේ අතරින් ඔබගේ මතකය මුලින්ම පේ‍්‍රක්ෂකයින් අතරට ගියේ කොතැනින් කියල ද හිතන්නෙ?

මම හිතන්නෙ එවකට ජාතික රූපවාහිනියෙ නිවේදිකාවක ලෙස සිටියදී විශාරද නන්දා මාලිනියගෙ ගී ඇතුළත් නඳුන් උයන ප‍්‍රාසාංගික වැඩසටහනට රංගනයෙන් එක්වුණා. ඒ වැඩසටහන නරඹා බොහෝ දෙනා කතා කරන්නට වුණා. ඒක ඇත්තටම මට ඉතා සොඳුරු මොහොතක් වුණා. අදටත් ඒ සොඳුරු මොහොත වින්දනය කරනවා. ඒ වගේම අවුරුදු 4ක් බදාදාට නුග සෙවණ කළා. එයත් බොහොම සුන්දර මතකයක්.

 

ඔබ ගැන ඔබට විග‍්‍රහ කරන්න කිව්වොත්?

මම බොහොම සරල තැනක සිටින කෙනෙක්. ජීවිතයෙ ලොකු දේ ලබා ගැනීමට අභිප‍්‍රායක් නැහැ. ලොකු වාහන, ලොකු ගෙවල්, සුව පහසුව එහෙම හිතන්නෙ නැහැ. එන දේට එන විදියට මුහුණ දෙන කෙනෙක්. ඒ නිසා ජීවිතය හරිම සැහැල්ලූයි. අනවශ්‍ය බරක් ඔළුවට නැහැ.

 

සඳුන් ගමගේ

 

2016-12-04-ent-88
2016-12-04-ent-87



අදහස් (0)

'ජීවිතේ, මම හරි සතුටින්'

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31110 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13237 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 43 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site