IMG-LOGO

දඩ කොළ ප්‍රා.ලේ කාර්යාලවලට ගෙවන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

සුජිත් හේවාජුලිගේ 
 
පොලිසියෙන් රථවාහන වැරදිවලට නිකුත් කෙරෙන දඩ කොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගෙවන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර  මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


තැපැල් වර්ජනය නිසා ජනතාවට දඩ කොළ තැපැල් කාර්යාලවලට ගෙවීම නොහැකි වී ඇතැයි ද ඔහු කීය.



අදහස් (12)

දඩ කොළ ප්‍රා.ලේ කාර්යාලවලට ගෙවන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

සතයපාල Friday, 15 June 2018 01:55 PM

ඊට වඩා ලේසි නැද්ද රාලහාමිගේ අතටම දුන්නම....

:       60       460

MaheeFriday, 15 June 2018 10:19 PM

එ්ක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ, හැබැයි ඒකට රිසිට් එකක් ලැබෙන්නේ නැහැ.

:       27       19

kenath Friday, 15 June 2018 07:27 PM

ඔන්ලයින් ගෙවන්න ක්‍රමයක් ක්‍රියාත්මක කලානම් කාටත් ලේසියි නේද? ලෝකේ අද හැම රටකම මේ ක්‍රම ක්‍රියාත්මක වෙනවා. අදාළ පොලිසි ගානේ රස්තියාදු වෙන්න ඕනැ නැහැ. දඩ මුදල් ටිකක් ඉහළ දමා මේ ක්‍රමය සාදන්න යන පිරිවැය සොයාගන්න. මාස දෙකක් ඇතුලත කරන්න පුළුවන්නේ. විදුලි බිල්පත්, ජාල බිල්පත්, බදු මුදල්, මේ සියල්ලම මෙහෙම ගෙවන්න පුළුවන් නම්, කාගේත් කාලය ඉතිරියි. පහසුයි, ගමන් ගාස්තු ඉතුරු වෙනවා පමණක් නොව වාහන තදබදයද ටිකක් අඩු විය හැකියි. හැම දේටම එක එක තැන්වලට යන්න වුනාම පාරට එකතුවන වාහනත් වැඩිවෙනවා. එ්ක අඩුකරන්නත් හොඳ ක්‍රමයක් මේ ඔන්ලයින් ඉලෙක්ට්‍රොනික් බිල්පත් ගෙවීම ක්‍රම සහ වෙළඳාම.

:       0       19

kennath Friday, 15 June 2018 07:28 PM

ඔන්ලයින් ගෙවීමේ ක්‍රමය නිසා දූෂණ, පගා ගැසීම් පවා අඩු වෙන්න පුළුවන්.

:       0       17

නිපුල් Saturday, 16 June 2018 01:20 AM

ස්පොට් ෆයින් නම්, එතැනදිම රාළහාමිට දීලා රිසිට් එකක් ගන්න, එහෙම නැතිනම් ඕනෑම පොලිසියකට හෝ ඉන්ටර්නෙට් හරහා ගෙවන්න ක්‍රමයක් හදන්න පොලිසියට බැරිද​..?

:       0       13

BamunuarachchiSaturday, 16 June 2018 04:27 PM

රාලහාමිට එතනදීම දඩය දෙන්න මොන රිස්ට්ද? ඩිස්කවුන්ට් ලැබෙනවා එතනදීම ලයිෂන් එකත් ලැබෙනවා. බීලා එලවා අසුවෙලානම් පාරේ ඉන්න අනික් රාලහමිලගෙන් බේරගන්න එක්කෙනෙක් ඔබේ වානයේම ගෙදරට එනවා අනික් එක්කෙනා යතුරු පැදියේ එනවා. ඔබට කියන්න පුළුවන් බීල මම පොලිස් එස්කොට් පිට ගෙදර ආවා කියලා

:       0       12

Sapumal Saturday, 16 June 2018 02:12 AM

රථ වාහන සමහර පොලිස්නිලධාරීන් (පොලිස් නිලධාරීන් ලෙස ඔවුන් හැදින්වුවොත් එය හොඳ අවංක නිලධාරීන්ට කරනා නිගාවකි) දඩ කොලයට මුවාවී ඉතා සුක්ෂම අයුරින් මුදල් ගරනවා. මේ විදිහට ගියොත් වැඩිකල් නොගොස් පොලිසිය අර සතාගේ තත්වෙට වැටෙනවා. සුළු පිරිසක් ජයටම කරගෙන යන මේ ජාවාරම අපේ අති දක්ෂ රහස් පොලිස් නිලධාරී මහත්වරුන්ට බාරදී මේ උවදුර නවතා දමන මෙන් පොලිස්පති තුමාගෙන් රටවාසීන් වෙනුවෙන් මෙසේ ඉල්ලා සිටිමු. මේ රෝගය අධිවේගී මාර්ග සඳහාද බෝවීමට පටන්ගෙන ඇත. අනතුරකදී වාහන හිමිකරුට අනෙකුත් ගෙවීම් වලට අමතරව වාහනයකට රු.2500 /= ක් පොලීසියට ගෙවීමට සිදුවෙන අවස්ථාද ඇත. කරුණාකර මේ ගැනද අවධානය යොමුවන්නේ නම් මැනවි...

:       0       251

AsankaSaturday, 16 June 2018 07:36 AM

අවධානය යොමුවන්නේ නම් මැනවි... වෙයි වෙයි මේක ලංකාව...

:       0       7

yaha Saturday, 16 June 2018 09:02 AM

ඇත්තටම මීට වඩා කාර්යක්ෂම ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙන්න බැරිද? පෝලිමේ ඉඳලා ගෙවීම එපා කරවන්නේ නැතුව ලේසියෙන් ගෙවන්න ක්‍රම කීපයක් හඳුන්වලා දෙන්න.. තැපැල් කාර්යාල වලට.. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වගේම අන්තර්ජාල බැංකු පහසුකම්වලින් කෙලින්ම පොලිසියේ ගිණුමට ගෙවන්න වගේ දේවල් හඳුන්වලා දෙන්න. ගෙවන්න පහසු වුනාම පොලිසියට ජරාව දෙන්නේ නැතුව දඩ කොලේ අරන් ගෙවන්න පෙලඹෙයි. වතුර බිල්, ලයිට් බිල්, ටෙලිෆෝන් බිල් වගේ ඉක්මණින් ගෙවාගන්න ක්‍රම හඳුන්වා දෙන්න.. ප්‍රමාද වුනාම තැපැල් කන්තෝරුව ගෙවීම් බාර ගන්නේ නැහැ... ඊට පස්සේ උසාවි... පරක්කු වුනොත් ගෙවන්න වෙන මුදල වැඩි කරන්න.. එතකොට වැඩි ගානක් ගෙවන්න වෙන නිසා මිනිස්සු ඉක්මණින් ගෙවයි සහ වැරදි අඩු කරගන්න බලයි.. නැත්තම් වැරදි කරලා වැඩියෙන් ආණ්ඩුවට ගෙවයි... එතකොට ආණ්ඩුවට හොඳයි.

:       0       123

BamunuarachchiSunday, 17 June 2018 12:18 AM

ඔය කියන බිල්පත් ගෙදර සිට ගෙවන ක්‍රම අලුතින් හදුන්වා දෙන්න උවමනා නැත. දැනටමත් තිබෙනවාය මගේ ගෙදර ඔය සෑම බිල්පතක්ම, වතුර, විදුලි, ඩයලොග්, බිල්පත් ගෙවන්නේ අන්තර්ජාලයේ පිහිටෙනි. නමුත් යාපනයේ ගැසූ ට්‍රැෆික් දඩය අන්තර්ජාලයෙන් ගෙවන්න කොළඹ ගෙදරදී පුලුවන් පහසුකම හැදුවත් රඳවා ගත් ලැයිසොන් එක ගන්න යාපනයට යායුතුය. ඉතින් නරකද රාලහාමිට දඩය ගෙවන එක. ඩිස්කවුන්ට් එකකුත් ලැබෙනවා ලැයිසොන් එකත් එවලේම ලැබෙනවා. දඩයක් ගැසීමෙන් බලාපොරොත්තුවන්නේ වරද කරුට දැනෙන ආර්ථික පාඩුවක් කිරීමටයි. ඉතින් රාලහාමිට දුන්නත් වද විඳගෙන රජයට දුන්නත් අදාළ පුද්ගලයාට රජය බලාපොරොත්තුවූ ආර්ථික පාඩුව සිදුවේ.

:       0       10

de silva berlin Saturday, 16 June 2018 09:32 AM

කරුණාකර ලංකාවෙත් අර පිටරට තිබෙනවා වගේ දඩකොලය තැපෑලෙන් හෝ කුරියර් සර්විස් එකක් මගින් ගෙදරට එන ක්‍රමය ඇතිකරන්න. එතකොට මේ රස්තියාදුව නැති වෙන අතර, පොලිස් නිලධාරීන් පගාව ගැනීම නිසා රජයට අහිමිවන විශාල මුදලක් පරිස්සම් කරගත හැක. දඩකොල ලියන්නට පොලිස් නිලධාරීන් ගතකරන කාලය රථවාහන තදබදය අඩු කිරීමට රථවාහන පාලනය කිරීම වැනි ඵලදායක දෙයකට යොදවන්න පුළුවන්.. ජනතාවට පහසුවක් ඇතිවෙන නිසා විශාල මහජන ප්‍රසාදයක් රජයට ලැබේවි!!! ලංකාවේ පරිගණක තාක්ෂණය සහ ජංගම දුරකථන වැනි පහසුකම් දියුණු මෙවැනි සමයක ඉතා පහසුවෙන් මෙවැනි දෙයක් ස්ථාපිත කරන්න පුළුවන්. ඩිජිටල් ඇමතිට කරනවා නම් ඔන්න වැඩක්...

:       1       109

Bamunuarachchi Saturday, 16 June 2018 04:18 PM

වඩා ලෙහෙසියි රාලහාමිටම දඩය ගෙවන එක ලයිෂන් එකත් එවලේම ලැබෙනවා ඩිස්කවුන්ට් එකකුත් ලැබෙනවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site