(අංජුල මහික වීරරත්න)
වන අලින් පලවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි සඳහා වාර්ෂිකව රජයට වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් මිලියන 2800ක් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
වසරකට අවශ්‍ය අලි වෙඩි ප්‍රමාණය ලක්ෂ 14ක් බවත් දේශීය ගිණිකෙළි කර්මාන්තකරුවන්ගෙන් ඒවා මිල දී ගන්නා බවත් වනජීවී දෙපාර්තමේන්තුව කියයි.
වන අලින් වගා බිම්වලට හා ගම්වලට කඩා වදින අවස්ථාවල දී ඔවුන් පළවා හැරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව ජනතාවට නොමිලයේ අලි වෙඩි සපයනු ලබයි.
වන අලින් ගම් වැදුනු අවස්ථාවල පළවා හැරීම සඳහා වනජීවී නිලධාරින්ගෙන් නිසි සහයෝගයක් නොලැබෙන බවට ඇතැම් විට ජනතාවගෙන් නැගෙන චෝදනා සම්බන්ධයෙන් කෘෂිකර්ම , වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනසංරක්ෂණ නිලධාරින්ගෙන් කරුණු විමසීය.
එහිදී ඔවුන් පවසා ඇත්තේ වන අලි ගම් වැදුනු අවස්ථාවල ජනතාව වනජීවී නිලධාරින්ට දැනුම් දුන්නත් ඉන්ධන සීමාවන් නිසා ඇතැම් විට වනජීවී නිලධාරින්ට නියමිත වේලාවට අදාල ස්ථානයට ගමන් කිරීමේ ප්‍රායෝගික අපහසුතා ඇති බවයි.
එමෙන්ම දැනට පවතින අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා අලි වෙඩි සඳහා දැනට වැය වන මුදලට වඩා වැඩි මුදලක් ඉදිරියේදී වැය කිරීමට සිදු විය හැකි බව ද වන ජීවී නිලධාරීන් සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන අලි ප්‍රශ්නයත් සමහර නිලධාරීන්ට ‘‘රත්තරන් බිජු දමන තරම් වගේ.. ‘‘. විසඳුවා නම් තාරාවා මැරුවා හා සමානයි. ඔක්කෝටම ඉස්සෙල්ලා ඒ හොරු ටික එළවලා දාලා ඉන්න.
අලි 5000ක් ඉන්න රටේ අලියෙක්ට රුපියල් ලක්ෂ 5 ක් වියදම් කරන එක පාඩුද? අලි බලන්නම විදේශිකයින් කී දෙනෙක් රටට එනවාද?
අද රටේ වන අලි ගහනය මෙතරම් කුඩා රටකට දැරිය නොහැකි තරම්ය. මේ වල් අලින්ගෙන් බොහෝ විට බැට කන්නේ ඈත ගම්වල වෙසෙන දුප්පත් ගොවීන්ය. ඔවුන්ට ඇති මේ හිරිහැරය ගැන කතා කරන්නට කිසිවෙක් නැහැ. වර්තමාන වන අලි ගහනය පාලනය කිරීම සඳහා ගම් වදින අලින්ට වෙඩි තැබීම කළයුතුයි.
ඒ සල්ලි වියදම් කරලා ස්වභාව රක්ෂිතයට මායිම්ව ඇලවල් කපනවා නම් හොඳයි. ඒකෙන් මිනිස්සුත් අලිත් බේරෙයි!