IMG-LOGO

ලේ තැවරුණු පොලිස් නිලඇඳුම් මාතර ගෙවත්තකදී පුළුස්සලා

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

රත්ගම බූස්සරත්න උදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමෙන් පසුව අපරාධයට සහභාගි වූ නිලධාරීන් ඇඳසිටි ලේ තැවරුණු පොලිස් නිලඇඳුම් පුලුස්සන ලද ස්ථානය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (23) පරික්ෂාවට ලක් කරන ලදි. මෙම ස්ථානය මාතර වැල්ලමඩමේ ගෙවත්තකි.

දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පාලනය යටතේ පැවැති
විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් විසින් මෙම අපරාධය සිදුකරන ලදැයි කියැවේ.

නිල ඇඳුම් ගිනිතැබූ ස්ථානය පරීක්ෂා කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් පරීක්ෂකවරයකුගෙන් ලැබෙන තොරතුරු අනුවය.

මාතර වැල්ලමඩමේ නිවසක කාමරයක සැකකාර පොලිස් පරික්ෂක කපිල නිශාන්තද සිල්වා යන අය තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇති බව රහස් පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. මෙම නිවසේ හිමිකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි වී සිටින බවද කියැවේ.

ව්‍යාපාරිකයින් දෙදෙනාට පහරදී ඝාතනය කර වලස්මුල්ලේ රක්ෂිත වනාන්තරයකට රැගෙන ගොස් සිරුරු පුලුස්සා දැමීමෙන් අනතුරුව සැකකාර පොලිස් නිලධාරීන් පිරිස ඇඳ සිටි ලේ තැවරුණු නිලඇඳුම් මාතර වැල්ලමඩමේ ගෙවත්තේ කසල පුලුස්සන ටැංකියට දමා ගිනි තබා විනාශ කර ඇති බව රහස් පොලිසිය සඳහන් කරයි.

වැඩිදුර පරික්ෂණ සඳහා එම අළු සාම්පල් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රැගෙන යනු ලැබීය.



අදහස් (15)

ලේ තැවරුණු පොලිස් නිලඇඳුම් මාතර ගෙවත්තකදී පුළුස්සලා

නුවන් ෆර්නැන්ඩෝ Saturday, 23 February 2019 12:33 PM

පොලිස් රණවිරුවන්ට අත නොතබනු..

:       433       310

chinthakaSaturday, 23 February 2019 06:10 PM

"නූගතකු වුවද කට අරින තෙක් උගතෙකු සේ සැලකේ" එක නිසා මෝඩ කතා කියන්න එපා මහත්තයෝ. ඔබතුමාට රණවිරුවාවයි, මිනිමරුවාවයි වෙන්කොට හදුනාගැනීමට සමත් බුද්ධියක් නොමැතිවීම ගැන කණගාටුයි.

:       0       516

MaheeSaturday, 23 February 2019 06:43 PM

ඔව් ඔව් නුවන්, දැන් ඉතින් කට්ටිය පටන් ගනී රණවිරු ඝෝෂාව. කොහොම වුනත් සී අයි ඩී බාර ශානි අබේසේකර, එස්.ටී.එෆ්. බාර ලතීෆ් වැනි කොන්ද කෙලින් තියෙන පොලිස් ප්‍රධානීන්ට පින් සිදුවෙන්න, දැන් දැන් අපරාධ යටගහන්න අමාරු වෙලා තියෙන බව පේනවා.

:       1       386

dilanSunday, 24 February 2019 07:11 PM

එස්.ටී.එෆ්. බාර ලතීෆ් ගැන කාටවත්ම කියන්න කිසිම දොසක් නැහැ. එ්ක නිසා තමයි ජනාධිපතිතුමා ලතීෆ් මහත්තයට සේවා දිගුවක් දුන්නෙත්, ලතීෆ් මහත්තයා "මධුෂ්" වැනි කුඩු රජ්ජු පස්සේ බය නැතුව පැන්නුවෙත්. එ්ත් කණගාටුවෙන් හරි කියන්න වෙනවා ශානි අබේසේකර කියන්නේ තනිකරම දේශපාලන බළල් අතක්. දැන් එකපාරටම බග් ගාල "නැහැක්" කියන්න එපා. බලන්න ශානි අබේසේකර කරලා තියන කේස් වලින් මොනතරමක් අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරලා තියනවද කියලා. ශානි අබේසේකර දේශපාලනෙන් ඈත් උනානම් සමහර විට ලතීෆ් වගේ ආදර්ශමත් පොලිස් නිලධාරියෙක් වෙන්න තිබුණා...

:       1       16

නුවන්Saturday, 23 February 2019 09:18 PM

කිසිම මෝඩකමක් නෑ. මේ ප්‍රකාශය දිගින් දිගටම කරන්නෙ ලංකාවට විදේශ අධිකරණ ඕනා කියල තර්ක දාන කට්ටිය.

:       0       0

Jaya Saturday, 23 February 2019 02:33 PM

මේක අර තුර්කියේ සෞදි මාදයවේදියා මරපු විදියටම දීපු ගේම් එකක් වගේ. මේ ගොල්ලොත් ඒ පැත්තේ කාගෙන් හරි උපදෙස් ගත්තද දන්නේ නැහැ.

:       2       171

chamath Saturday, 23 February 2019 02:43 PM

හෙන හතම වදිනවා....

:       3       115

de silva berlin Saturday, 23 February 2019 04:17 PM

මේ මිනිස්සු දෙන්න මේ විදිහට මරල දමන්න හේතුව මොකක්ද ? විනොදෙට මේ විදිහට මිනිස්සු මරන්නේ නැහැනේ ?

:       5       201

sunil Sunday, 24 February 2019 03:11 AM

ඔය පළාතේ ජිවත් වෙන උදවිය නම් එතරම් සාන්තුවර්යින් නොවේ.

:       25       15

mnna puluvan Sunday, 24 February 2019 03:17 AM

මේ දෙන්නම අහිංසකයන් නොවෙන්න පුළුවන් නමුත් මරා දැමීමට අයිතියක් නැත.....

:       0       27

lokumalli Sunday, 24 February 2019 03:39 AM

හරි වැරැද්ද මොකද්ද දන්නේ නෑ, නමුත් මේ දෙන්නා ගිනිඅවි කුලියට දීපු දෙන්නෙක්.

:       10       25

sanju Sunday, 24 February 2019 04:28 AM

නුවන් අදහස් කලේ කුමක්ද කියා චින්තක සහ මහී ට නොවැටහීම පුදුමයක්

:       28       2

chandana Sunday, 24 February 2019 04:30 AM

දැන් පොලිසිය භාර ජනපතිට නේද?

:       0       112

Arshad Sunday, 24 February 2019 09:29 AM

මොවුන් දෙදෙනා පාතාලයට ආයුධ සපයලා කියලා බුද්ධි අංශ දීපු වාර්තාවට අනුව ගත්ත අය කියලා කලින් ලිපියේ තිබුණා. දැන් අහිංසකයන් වුනේ කොහොමද?

:       4       18

sampath Monday, 25 February 2019 11:35 AM

කිසිදු පුද්ගලයෙකුට අවමන් සහගත ලෙස සැලකීම වද හිංසාවන්ට ලක් කිරීම නීති විරෝධි. එය ඕනෙම අපරාදකරුවෙකුට වුනත් සාධාරණයි. දඩුවම් දීමට අධිකරණ පද්දතියෙන් මිසක වෙන කාටවත් බැහැ මේවා වැලැක්විය යුතුයි.

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 35 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site