(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ලබාගත් සියලුම ණය ආපසු ගෙවීමට කැපවී සිටින බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඉදිරි මාස 6 දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත.
මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල හොඳ ප්‍රගතියක් ශ්‍රී ලංකාව ලබා තිබෙන බවත් ඉන්දියාව දැනටමත් මූල්‍ය සහතික ලබා දෙන බවට පොරොන්දු වී තිබෙන බවත් වීරසිංහ මහතා පෙන්වා දී තිබේ.
දැන් චීනයේ සහ ජපානයේ මූල්‍ය සහතික ලැබෙන තෙක් ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු ප්‍රකාශ කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සඳහා අනුමැතිය ලැබුණු පසු වාණිජ සහ ද්වි පාර්ශ්වික ණය හිමියන් දෙපිරිසම සමඟ විශේෂිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එම ක්‍රියාවලිය මාස හයක් තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් වීරසිංහ මහතා පෙන්වා දී තිබේ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාලරාමුව පිළිබඳ විශාල අවිනිශ්චිතතාවයක් තිබෙන බවත් ශ්‍රී ලංකාවට තිරසර වර්ධන මාවතකට පැමිණීමට නම් ණය තිරසරභාවය ඇති කළ යුතු බවත් වීරසිංහ මහතා පවසා ඇත.
මෙම වසරේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය ශීඝ්‍රයෙන් පහළ වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් වසර අවසන් වන විට උද්ධමනය තනි ඉලක්කමට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් වීරසිංහ මහතා පෙන්වා දී තිබේ.
එසේම පැරිස් සමාජය සමඟ සිදුකළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී සාර්ථක ප්‍රගතියක් ශ්‍රී ලංකාව ලබා ගත් බවත් වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත.
2025 නොවැම්බර් මස 04
426
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2195
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරි මාස හයේ අවසන්
Hafeel Tuesday, 24 January 2023 04:32 PM
දැන් මෙයා කියන්නේ මාස හයක් තුළ කියල. ජනාධිපති එදා කිව්වේ 2022 දෙසම්බරයට කලින් කියල. මෙයා එකක් කියනවා, ජනාධිපති තව එකක් කියනවා, කිසිම දැනුමක් මුදල් රාජ්‍ය ඇමති තවත් බොරුවක් කියනවා. එහම නම්, මෙයා කියන පරිදි මිනුස්සු තව මාස මෙහම දුක් විඳින්නද? ජනවරමක් නැති ජනාධිපතිට සහ ආණ්ඩුවට කොව්රුත් උදව් කරන්න නැහැ වගේ තමයි පේන්නේ.
mp Wednesday, 25 January 2023 08:45 AM
වරින් වර කියන මේ කතාත් හිඟන්නාගේ තුවාලය වගේමයි.