IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අයි.සී.සී.ආර් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවේ

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය 2020-2021 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් අයි.සී.සී.ආර්. ශිෂ්‍යත්ව සඳහා අයඳුම්පත් කැඳවා ඇත. 

නේරු අනුස්මරණ, මවුලානා අසාද්, රජිව් ගාන්ධි සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය යන වැඩසටහන් යටතේ  ශිෂ්‍යත්ව පිරිනැමේ.
                
නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඉංජිනේරු විද්‍යාව, විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව, වාණිජ්‍යය, මානව සමාජ විද්‍යාව සහ කලා ඇතුළු සියලු උපාධි පාඨමාල සඳහා අයඳුම්පත් කැඳවා තිබේ. එනමුත් වෛද්‍ය, පරිපූරික වෛද්‍ය සහ විලාසිතා නිර්මානකරණය යන විෂය මෛ වැඩසටහනින් ආවරණය නොවේ.
               
මවුලානා අසාද් ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඉහත කී විෂය ක්ෂේත්‍රවල ශාස්ත්‍රපති උපාධි පාඨමාලා සඳහා අයඳුම්පත් යොමු කළ හැකිය. එම ශිෂ්‍යත්ව වැඩසටහනෙන් ද වෛද්‍ය, පරිපූරික වෛද්‍ය සහ විලාසිතා නිර්මානකරණය යන විෂය ආවරණය නොවන අතර එහෙත් ඉංජිනේරු විද්‍යාව, විද්‍යාව සහ කෘෂිකර්මාන්තය යන විෂය ක්ෂේත්‍රවලට වැඩි ඉඩක් කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
                
රජිව් ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඉංජිනේරුකරුණ සහ තොරතුරු තාක්ෂණ  ක්ෂේත්‍රයේ උපාධි පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව පිරිනැමේ.
                
පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්ව වැඩසටහන වෛද්‍ය, පරිපූරක වෛද සහ විලාසිතා නිර්මාණකරණය හැර අනෙකුත් සියලු විෂය යටතේ ආචාර්ය උපාධි පාඨාමාලා සඳහා අයඳුම්පත් කැඳවේ.
                
ඉන්දීය රජයේ සුදුසුකම් සපුරන ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ ඉහළම විශ්ව විද්‍යාලවල උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අයඳුම්පත් තෝරාගැනේ. ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ අයඳුම්කරුවන් තෝරාගැනීම සිදු කෙරේ.
                
සියලුම ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සම්පුර්ණ පාඨමාලා කාලය සඳහා අධ්‍යයන ගාස්තු, මාසික ජීවන වියදම් දීමනාවක් සහ පොත් සහ ලිපි ද්‍රව්‍ය සඳහාවාර්ෂික ප්‍රදානයක් ලබා දේ. තෝරාගන්න අයදුම්කරුවන්ට විශ්ව විද්‍යාල තුළ නේවාසිකාගාර පහසුකම් සපයන අතර කිසිදු ශිෂ්‍යයකුට පෞද්ගලික ස්ථානයකට නවාතැන් ගැනීමට අවසර නොලැබේ. එසේම සියලු ශිෂ්‍යත්වලාභීන් සඳහා පූර්ණ සෞඛ්‍ය පහසුකම්, ඉන්දියාවේ ආසන්නතම ගුවන් තොටුපොළ වෙත ගුවන් ගාස්තු සහ ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල අධ්‍යාපන චරිකා සඳහා වාර්ෂික දීමනාවක් ද වෙනත් දීමනා රැසක් ද ලබා දේ.
               
සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන්ට නගර සැලසුම්, ජල සම්පාදන සහඋසස් අධ්‍යාපන  අමාත්‍යාංශයේ www.mohe.gov.lk යන වෙබ් අඩවියෙන් අයදුම්පත් ලබාගත හැකිය. දෙසැම්බර් 16 වැනි දිනෙන් අයඳුම්පත් බාරගැනීම අවසන් වේ.

(055)



අදහස් (0)

අයි.සී.සී.ආර් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site