(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම සෙල්ලන්කන්දල් රක්ෂීතයේ මැරි සිටි දළ ඇතාගේ මරණයට හේතුව විස ශරිර ගතවිමක් බව වන ජීවි පශු වෛද්‍යවරු අද(10) සවස පැවති පශ්චාත් මරණ පරික්ෂණයේදි තහවුරු කර තිබේ.
වනජීවි පශු වෛද්‍යවරුන් වන චන්දන ජයසිංහ සහ පුත්තලම සහ කුරුණෑගල භාර ඉසුරු යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කෙරිණි.
වයස අවුරුදු 30ක් පමණ වූ මෙම තනි දළයා වසර 15කට වැඩි කාලයක් පුත්තලම සෙල්ලන්කන්දල් හා කල්අඩිය රජයේ වන රක්ෂීත ආසන්යේ රැදි සිටි බවට ජනතාව පවසයි.
කිසිම අවස්ථාවක හිරිහැරයක් මෙම ඇතාගෙන් සිදු නොවු බව කියන ඔවුහු සති කිහිපයක සිට තනි දළයා සෙල්ලන්කන්දල් රක්ෂීතයේ දක්නට නොලැබුණු බව පැවසූහ.
පසුගිය 9වැනිදා සවස මරණයට පත්ව සිටි ඇතාගේ සිරුර හමුවී ඇත්තේ රක්ෂිතය මැදින් ගමන් කරමින් සිටි කිරි ගොවියකුටය.

2025 දෙසැම්බර් මස 30
61
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තනි දළයාගේ මරණයට හේතුව හෙළිවෙයි
Welu Monday, 11 December 2017 06:17 AM
ශ්‍රී ලංකාවේ බොහෝ අලි ඇතුන් සිටිනවා. නමුත් මේ සතුන්ට ජීවත් වීමට තිබෙන කැලෑ ප්‍රදේශ ඉතාමත් සීමිතයි. මෙවැනි සතුන් ගම්වදින්නේ ඒ නිසයි. අලි ඇතුන් වැඩිවුණොත් අපනයනය කරන්න තමයි වෙන්නේ..