ලන්ඩන්හිදීය (ඒ.එෆ්.පී)
‘ලොව ජීවත්වීමට වඩාත් සුදුසුම’ නගරය ලෙස කිරුළු පැළඳීමට ඔස්ටි‍්‍රයාවේ වියානා නගරය සමත්ව තිබේ.
මීට පෙර එම ස්ථානයේ රැඳි සිටියේ ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගරයයි. දකුණු දිග ඕස්ටේ‍්‍රලියාවේ නගරයක් වන මෙල්බර්න් නගරය වසර හතක් ‘ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසුම’ නගරය යන කිරුළ දරා සිටියේය.
ලොව ප‍්‍රමුඛතම සඟරාවක් වන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව අයත් ‘ඉකොනොමිස්ට්’ ව්‍යාපාර සමූහයේ ‘ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට්’ ඒකකය වාර්ෂිකව මෙම සමීක්ෂණය සිදු කරයි. යුරෝපීය නගරයක් මෙම ලැයිස්තුවේ මුල් තැනට පැමිණි පළමු අවස්ථාව මෙය වේ. ජීවත්වීමටත් රැකියාවක නිරත වීමටත් වඩාත් සුදුසුම නගරය මෙම ලැයිස්තුවෙන් හඳුනාගැනේ.
මෙම ලැයිස්තුව සැකසීමේදී සෑම වසරකදීම නගර 140ක් සලකා බැලෙයි. එහිදි ජීවන තත්ත්ව, අපරාධ, ප‍්‍රවාහනය, යටිතල පහසුකම්, අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ප‍්‍රවේශවීම මෙන්ම දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවය යන සාධක සලකා බලමින් ලකුණු ලබා දීමක් කරයි. එහිදි ලකුණු 100න් එම ලකුණු දීම කරයි.
එහිදි මෙල්බර්න් නගරය පරාජයට පත් කරමින් වියානා නගරය ලකුණු 99.1ක් ලබාගැනීමට සමත්වූ අතර ලකුණු 98.4ක් ලබාගත් මෙල්බර්න් නගරය දෙවැනි තැනටත් ජපානයේ ඔසාකා නගරය තෙවැනි තැනටත් පත්විය.
පළමු ස්ථාන දහයෙන් ස්ථාන හයකට හිමිකම් කීමට ඕස්ටේ‍්‍රලියාව සහ කැනඩාව සමත්ව තිබේ. ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් (දෙවැනි ස්ථානය), සිඞ්නි (පස්වැනි ස්ථානය), ඇඩිලේඞ් ( දසවැනි ස්ථානය) දිනාගැනීමට සමත්ව ඇති අතර කැනඩාවේ කැල්ගරි (සිව්වැනි ස්ථානය), වැන්කුවර් (හයවැනි ස්ථානය) සහ ටොරොන්ටෝ (හත්වැනි ස්ථානය සමතැන්) ගැනීමට සමත්ව ඇත.
හොඳම ලකුණු වාර්තා කර ඇති නගර ධනවත් රටවල මධ්‍යම ප‍්‍රමාණයේ නගර යැයි ද පර්යේෂකයන් සඳහන් කර ඇත.
මුල් ස්ථාන දහයේ සිටින නගරවල ජනහගහනය අනෙක් රටවල් හා සැසඳීමේදී සාපේක්ෂව අඩු බවත් ඒ හේතුවෙන් ඉහළ අපරාධ මට්ටම් සහ යටිතල පහසුකම්වල අධි බරක් නොමැතිව පුළුල් පරාසයක විහිදුණු විනෝදාස්වාදී කි‍්‍රයාකාරකම් සිදුව ඇති බවත් ශ්‍රේණිගත කිරීම් දක්වමින් නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
සමස්තයක් ලෙස ගත් විට ඕස්ටේ‍්‍රලියාවේ සහ කැනඩාවේ සාමාන්‍ය ජනගහන අනුපාතය 3:2 සහ වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 4ක් යැයි ද පර්යේෂකයේ පෙන්වාදෙති. ගෝලීය ජනගහන සාමාන්‍ය 58කි.
ජපානයේ නගර දෙකක් මුල් ස්ථාන දහයට පැමිණීමට සමත්ව තිබේ. ඔසාකා නගරය තෙවැනි ස්ථානයත් ටෝකියෝ නගරය හත්වැනි ස්ථානයත් (සමතැන්) ගැනීමට සමත්ව තිබේ. එම නගර දෙකත් ඇතුළත්ව සාමාන්‍යයක් ලෙස ගත් විට ජපානයේ වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් පිරිස 347කි. එහෙත් ජපානයේ නගර ඒවායේ ප‍්‍රවාහන පද්ධතිය සහ ජීවන තත්ත්ව යන වැඩි ගෞරවයක් හිමි කරගෙන තිබේ.
මුල් ස්ථාන දහයේ පසුවන අනෙක් යුරෝපීය නගරය කෝපන්හේගන් නගරයයි.
ධනවත් මූල්‍ය අගනගර වන පැරිසිය (19) වැනි ස්ථානය, ලන්ඩන් (48) වැනි ස්ථානය සහ නිව්යෝක් (57) වැනි ස්ථානය ඔවුන්ගේම සාර්ථකත්වයේ ගොදුරු බවට පත්ව ඇතැයි ද අපරාධ අනුපාතය ඉහළ යැයි ද යටිතල පහසුකම් අධිකවීම එම නගරවල ආකර්ෂණයට හානි කර ඇතැයි ද පර්යේෂකයෝ පෙන්වාදෙති.
ජීවත් වීමට නුසුදුසුම නගරය බවට පත්ව ඇත්තේ අවුරුදු හතක යුද්ධයකට ගොදුරු වී තිබෙන සිරියාවේ ඩැමැස්කම් නගරයයි. සෙනගාලයේ ඩකාර්, ඇල්ජීරියාවේ ඇල්ජියර්ස්, කැමරූන්හි ඩූලා, ලිබියාවේ ටි‍්‍රපෝලි, සිම්බාබ්වේ හරාරේ නගරය, පැපුවා නිව්ගිනියාවේ පෝර්ට් මෝස්බි, පාකිස්තානයේ කරච්චි, නයිජීරියාවේ ලේගොස් සහ බංග්ලාදේශයේ ඩකා දර්ශකයේ අවසන් රටවල් නවය බවට පත්ව තිබේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ජනාධිපති තුමාගේ නම ගහල තියෙන ගෙදරක් ඔස්ට්‍රියාවේ තියෙනවලු.
දැනට අපි ඉන්නේ 130 ලබන අවුරුද්දේ තේරීමට අපිට 131 හෝ ඊටත් එහා අගයක් ලැබේවි. කාටද ආඩම්බර.?
රෑන්ක් 130 - කොළොඹ.
අපි කියමු අපි අන්තවාදීන් නොවන නිසා තමයි අපි ඔය අන්ත දෙකෙන් එකකවත් නැත්තේ කියල.
පකිස්ථානයේ කරච්චි, බංග්ලාදේශයේ ධකා නගර අතරට ලංකාවේ කොළඹ ඇතුළු සමහර නගරත් එකතු වෙමින් පවතිනවා.
අපි නම් තවත් පල්ලම් බැහැලා ඇති.
‘ද ඉකොනොමිස්ට්’ සඟරාව කොළඹ නගරය අඩුගානේ නුසුදුසු නගර ලිස්ට් එකටවත් දාන්න කැමති වෙලා නැහැ.
වයස පනස් හයක් වන මගේ දිවියෙන් බාගයක්ම ජීවත් වුනේ මෙල්බර්න් නගරාසන්නයේයි. ඒ ගැන සතුටු වෙනවා මිසක් ලංකාව පහත් කර සලකන්න මම කැමති නැහැ. ඉහළ ගිය හැම දෙයක්ම පහළට එනවා කියන කියුම අනුව මෙල්බර්න්වලට යා හැක්කේ පහළට පමණයි. නමුත් පහළම තිබුන කොළඹ නගරය (බෝම්බ පිපිරීම් නැවතිලා , මාර්ග වැඩිදියුණු වෙලා) ටික ටික හොඳ පැත්තට හැරීම සතුටක්. ඒක තවදුරටත් ඉදිරියට ගෙනයාමට සියලුම ලාංකිකයෝ දායක වියයුතුයි.
මේ කියන නගරවල ඉඳලම බලන්න ඕනෑ. මේවා ඇත්තද බොරුද කියලා... සඟරාවල යන භාගයක්ම බොරු. අතනින් මෙතනින් තොරතුරු ටිකක් එකතු කරන රෑන්ක් කරට හරියන්නේ නැහැ. පිටින් දකින දේවල් නෙමෙයි ඇතුළත තියෙන්නේ. ටොරොන්ටෝ ගැන දැනගන්න ටොරොන්ටෝ ඉන්නම ඕනෑ. වැන්කුවර් හොඳද කියන්න ඉඳලම බලන්න. ජීවත් වෙන්න ලෝකේ කොහේ ගියත් එකයි. හැම තැනකම හොඳ නරක දෙකම තියනවා. නිකන් එක එක රටවලට අපහාස කරන්න දරන වැඩ මේවා. කොළඹ හොඳ ඒවත් තියනවා, නරක දේවලුත් තියනවා. මෙල්බර්න් වලත් එහෙමයි. කුඩු, දූෂණ පාතාල අපිරිසිදුකම හැම නගරයකම ක්‍රියාත්මක වෙනවා. නිකන් බොරු ඕනේ නැහැ. තමන් හරියට ජීවත් වෙනවා නම් ලෝකේ කොහෙත් එකයි.