IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


කෝටි 2ක හෙරොයින් සමඟ සොත්ති උපාලිගේ පුතෙකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කටුබැද්ද කුඩුවන්මුල්ල පාරේ දෙමහල් නිවසකදී රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට අධික හෙරොයින් සහ විදේශයේ නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් සමඟ ඝාතනයට ලක් වූ සොත්ති උපාලි නම් පාතාල නායකයාගේ පුතෙකු වන අරබේවෙල දොන් ලක්ෂ්මන් ප්‍රසන්න නමැත්තා අද(02) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
සැකකරු සතුව මත්කුඩු කිලෝ 2කට අධික ප්‍රමාණයක් තිබූ බවද පොලිසිය පවසයි.
 
මීට සතියකට පමණ ඉහතදී සැකකරු කුලී පදනම මත කටුබැද්දේ පිහිටි මෙම නිවසට පදිංචිය සඳහා පැමිණ තිබූ බව ද පොලිසිය කියයි.
 
බන්ධනාගාර ගතව සිටින ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට මෙම මත්ද්‍රව්‍ය තොගය අයත් බව ප්‍රශ්නකිරීමේදී අනාවරණය වී ඇත.

(ඡායාරූප - ඉන්දිකා රාමනායක)



අදහස් (13)

කෝටි 2ක හෙරොයින් සමඟ සොත්ති උපාලිගේ පුතෙකු අත්අඩංගුවට

smith Tuesday, 02 April 2019 11:07 AM

මුටත් යූ එන් පී එකේ සංවිධායක කමක් දෙන්න.....

:       170       177

prabha Tuesday, 02 April 2019 02:37 PM

මේ විදිහට වැටලීම් කරන මිනිස්සුන්ගේ මුණු ටික පත්තරේ දැම්මම ඊලග වැටලීමට යනකොට මැස්සෙක්වත් හොයාගන්න හම්බවෙන එකක් නෑ.

:       0       358

sarath perth Tuesday, 02 April 2019 11:46 PM

රහසිගතව මෙහෙයුම් කලාට ආඩම්බරකමට ඡයාරුප වලට පෙනීසිටීම සුදුසු නැත

:       0       120

de silva berlin Wednesday, 03 April 2019 03:10 AM

ප්‍රභා මත්මයාගේ හෝ මහත්මියගේ ප්‍රකාශය සම්පුර්ණ සත්‍යයක්, රහස් පොලිස් මෙහෙයුම් වල යෙදෙන පොලිස් නිලධාරීන්ගේ විස්තර සහිත ඡයාරූප පත්තරේ දමන එක අමු මෝඩකමක , ලංකාවේ උසස් පොලිස් නිලධාරියෝ මෙපමණ මෝඩද ?

:       0       280

Bamunuarachchi Wednesday, 03 April 2019 11:36 AM

මෙයාගේ තාත්තාට සමාදාන විනිශ්චයකාරකම දුන්නේ අහවලාගේ තාත්තා නේද? මෙතන ලියන සමහරක් තාත්තාගේ අඩිපාරේ යන පුතාට ජනාධිපතිකම දෙන්න කියා ලියනවා. එහෙම වුනොත් තාත්තාගේ යාළුවගේ පුතාට මොනවා ලැබෙයිද කියායි මම හිතන්නේ..

:       158       62

RaveendraWednesday, 03 April 2019 01:02 PM

බයවෙන්න එපා කියන්න. ප්‍රේමදාස උන්නැහේ දුන්නේ. ඒ උන්නැහේගේ ඔක්කොම වැඩ කරපු එක්කෙනෙක් තමයි සොත්ති උපාලි කියන්නේ. ඒක ආයේ හංගන්න දෙයක්යැ... ප්‍රසිද්ධ රහසක්නේ...

:       0       85

BamunuarachchiWednesday, 03 April 2019 04:05 PM

නොකියන්නේ බයට නොවෙයි

:       121       1

ගොන් වස්සාThursday, 04 April 2019 07:37 AM

ඕවා මොනාද ? අයිති කාරයෝ නැති මාලිගා, මැණික් මලු, ඉඩන් තියන රටේ !!!

:       3       106

janatha anura UAE Friday, 05 April 2019 08:09 AM

බුත්තල ගම්උදාවේ වැඩ කරද්දී හමු වුණු සොත්ති උපාලි බව දැන ගත්තේ පසුව බොහොම සංවරශීලිව අප සමග වැඩකළ සිරිසේන කුරේ මහතා සහ ප්‍රේමදාස මහතා අප සිටින තැනට ආවත් මගේ සේවකයන් ඔවුන් හඳුනා නොගත් තැන ඒ ප්‍රේමදාස මහතා බව කීවේ සොත්ති උපාලි...

:       0       0

premadasa Friday, 05 April 2019 08:11 AM

එයා අපේ පක්ෂයේ ළමයෙක්... සියලු වැරදි වලින් ඉවත් වී ගම්උදාවේ පිඩලි ගැසීම ඉතා අවංකව ඉටුකළා..

:       0       0

susil Saturday, 06 April 2019 06:41 AM

සොත්ති උපාලි කරපු වැරදි වැඩ පුතා කරා... ප්‍රේමදාස කරපු හොඳ වැඩ පුතා කරා. හොඳ කරන මිනිසා ගැන විතරක් කතා කරන්න...

:       0       115

kuleMonday, 08 April 2019 12:56 PM

හොඳ මිනිහා, නරක මිනිහව ළංකරගන්නේ පවන් ගස්සගන්න වෙන්න ඇති...

:       0       0

Nishan Monday, 08 April 2019 11:02 AM

ඔහේට වැරදිලා. දැන් කුඩු මුදලාලිලා ඔක්කොම ඉන්නේ පොහොට්ටුවේ.

:       11       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1031 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1064 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site