(පාලිත ආරියවංශ)
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදුවන නායයාම් හා ගල්පෙරැළීමේ අවදානමට පිළියමක් ලෙස ආරක්ෂක ගල්වැටි හා කම්බි දැල් යෙදීමට මාර්ගය සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.
මෙම මාර්ගයේ රාවණාඇල්ල අභය භූමි ප්‍රදේශයේ 24 සහ 25 යන කිලෝ මීටර් කණු අතර,ඇල්ල පර්වතයේ අඩි 700 ක් පමණ ඉහළ සිට ගල්පෙරැළීම සිදුවන අතර නාය අවදානමක පෙර ලකුණු බව කියන දිය පහරක්ද මතුව ඇත.
කෙසේ නමුත් අනාරක්ෂිත විශාල ගල් ගණනාවක් පසුගියදා ඉවත්කරනු ලැබීය. එහෙත් තවදුරටත් ගල්පෙරැළීම ඉඩ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළ පරික්ෂාවක දී හෙළි වී තිබේ.
නාය හා ගල් කඩාවැටීමෙන් ගණනාවක් වසා තැබූ අතර මේ නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්විය.
කෙසේ නමුත් දැන් මාර්ගය වාහන ගමනාගමනයට විවෘත කර ඇති අතර විමසිලිමත්ව රිය පදවන ලෙසට පොලිසිය හා ආපදා කළමනාකරණ ඒකකය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළේය.




2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇල්ල- වැල්ලවාය මාර්ගයේ ගල් පෙරැළීමේ අවදානමට පිළියමක්
ajith Sunday, 24 November 2019 09:25 AM
මේක හොද වැඩක්. හැබයි මේක වෙන්න කලින් හදුනා ගෙන මේවා කෙරුවනම් තමයි හොද. ඒක තමයි මේ දේවල් භාර ඉංජිනේරුවන්ගේ වගකීම.