IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගිනි අවි බාර දෙන්න තිබූ පොදු සමා කාලයේ අවි 200 ක් බාර දෙති

(ඉන්දිකා රාමනායක)

රට පුරා ඇති සියලුම නීතිවිරෝධී ගිනි අවි බාර දෙන ලෙසට  ආරක්ෂක අමාත්‍යාංශය මගින් ප‍්‍රකාශයට පත්කර තිබූ  සතියක සහන කාලය තුළ වලංගු බලපත්‍රයක් නොමැතිව හෝ බලපත්‍රය අලුත් කර නොමැතිව භාවිතා කරන ලද ගිනි අවි 200 ක්  පොලිස් ස්ථාන වෙත බාර දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.  

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව ලබාදුන් නියෝගය අනුව ආරක්ෂික අමාත්‍යාංශය විසින් ගිනි අවි බාර දීම සඳහා පෙබරවාරි 5 සිට 12 දක්වා පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර තිබුණි.

ආරක්ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමට අනුව බෝර 12 වෙඩි බෙහෙත්  තුවක්කු 137, බෝර 16 වෙඩි බෙහෙත් තුවක්කු 15 ක්,  ද්විත්ව බැරල් තුවක්කු 2 ක්, රිපීටර් වර්ගයේ තුවක්කු 5  ල රයිෆල් 6  , රිවෝල්වර 7, පිස්තෝල 8 හා සහ තවත් ගිනි අවි 20 ක් මෙසේ  පොලිස් ස්ථාන වෙත බාර  දී තිබු බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම පොදු සමා කාලය තුළ දී   වලංගු බලපත්‍ර නොමැතිව හෝ බලපත්‍ර අලුත් කර නොමැතිව භාවිතා කරන ආයුධ භාර දුන් අයට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවද ආරක්ෂක අමාත්‍යාංශය   සඳහන් කරයි.

මහජන ආරක්ෂාව සහතික කිරීම සහ එවැනි අනවසර ආයුධවලින් එල්ල වන තර්ජන මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙලෙස ගිනි අවි පොදු සමා කාලයක් ලබා දී තිබුණි.

පොදු සමාව කාලය තුළ ආයුධ භාර දුන් අයට නව බලපත්‍ර ලබාගැනීමට සහ පරණ බලපත්‍ර නැවත අලුත් කිරීම් සඳහා ආයුධ පොලිසියට බාර දුන් දින සිට මාස තුනක සහන කාලයක් ලබා දෙනු ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම කාලය සැළකිල්ලට නොගෙන තවමත් නීති විරෝධී ලෙස ආයුධ සඟවාගෙන සිටින අය ඉදිරියේ අත්අඩංගුවට ගෙන ඔවුන්ට  එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා  බවත් නීති විරෝධී ගිනි අවි සන්තකයේ තබාගෙන සිටින අය පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ආරක්ෂික අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී. 

1916 ගිනි අවි ආරක්ෂ අණ පනතේ අංක 33 හි විධිවිධාන යටතේ බලපත්‍ර නොමැතිව ආයුධ ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එය දඩ ගැසීමකට හෝ සිර දඬුවම් විඳීමකට හෝ මෙම දඬුවම් දෙකටම හෝ යටත් වන වරදක් වේ.

වලංගු බලපත්‍රයක් නොමැතිව ආයුධ බාර නොදුන් අය, එය ඔවුන්ගේ පළමු වරද නම්, ඔවුන් රුපියල් 10,000.00 ට නොවැඩි දඩයකට හෝ අවුරුදු  5 කට නොවැඩි සිරදඬුවමකට හෝ මෙම දඬුවම් දෙකටම යටත් වනු ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

 



අදහස් (1)

ගිනි අවි බාර දෙන්න තිබූ පොදු සමා කාලයේ අවි 200 ක් බාර දෙති

ROHAN DAYADARA PARIS Tuesday, 18 February 2020 05:01 PM

ගිනි අවි, පුපුරන දෑ , අත්බෝම්බ වැනි නීතිවිරෝදී සියල්ල රජයට බාරදිය යුතුමයි එසේ නොකළොත් තරාතිරම නොබලා දැඩි දඩුවම් දියයුතුයි එහෙම නැතුව රට හදන්න බැ ...... !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31404 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13668 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11029 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 136 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 287 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site