IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


දූෂණ පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6)දැනුම් දුන්නේය.

පනතේ අනුකූල නොවන කරුණු සංශෝධනය කළහොත් ගැටලුවක් ඇති නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායකවරයා කීවේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව  පනතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන වගන්ති වන්නේ 1, 2(1)(f), 2(2), 3(2), 4(1)(a), 4(1)(b), 4(3), 17(1), 21, 31 (2), 163(2)(h), 40, 48(3), 49(1)(f), 50(1)(a), 53(1), 62(1), 65, 67(5 ), 71(6) හා (8), 80, 93, 99, 101, 112, 149 සහ 162 යි.

කතානායකවරයා මෙසේ දැනුම් දුන්නේ සභාවේ කටයුතු ආරම්භයේදී නිවේදන ඉදිරිපත් කරමිනි.

රටේ අල්ලස දූෂණ   මැඩපැවැත්වීම සඳහා රජය විසින් මේ  දූෂණ මර්දන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පසුගිය අප්‍රේල් මස 27 වැනිදා  ඉදිරිපත් කරනු ලැබීය.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගිය අප්‍රේල් මස 3 වැනිදා නිකුත් කෙරිණ.

පනත ඉදිරිපත් කළ අවස්ථාවේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා  පනත විස්තර කරමින් පැවසූවේ  අල්ලස් දූෂණ වැරදි සඳහා නඩු පැවරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම, දූෂණ ක්‍රියා වැලැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සහ දූෂණ නැති කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම යනාදී කටයුතු වෙනුවෙන් විධිවිධාන සැලැස්වීමට  පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවයි.

මේ අතර දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂවලින් සහ ඇතැම් සිවිල් සංවිධානවලින් පසුගිය කාලයේදී විවිධ චෝදනා එල්ලවිය.



අදහස් (0)

දූෂණ පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය මැතිසබයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 163 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 234 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1104 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site