IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


තෙල් බෙදීම කාර්යක්ෂම කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධාරණය

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

ඛනිජ තෙල් බෙදා හැරීම දැනට වඩා කාර්යක්ෂමව සහ විධිමත්ව සිදු කිරීමේ අවශ්‍යතාව ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) අවධාරණය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙසේ අවධාරණය කළේ, ආණ්ඩුව ජනතාවට ලබාදෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අසාධාරණ ලෙස ඉහල දැමීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ය.

විජිත් මළල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම  සැලකිල්ලට ගැනිනි.

මීට පෙර අධිකරණය විසින් කරනු ලැබූ නියෝගයකට අනුව සෑම පාරිභෝගිකයකුට ම සමාන සමානම ඛනිජ තෙල් බෙදා හැරීමේ සැලැස්ම නීතිපතිවරයා අද (05) අධිකරණයට ඉදිරිපත් කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතා අධිකරණයේ පෙනී සිටිමින්මෙන්න සැලස්ම අධිකරණයට ඉදිරිපත් කළේය .

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා මහතා සඳහන් කර සිටියේ මෙම සැලැස්මේ බොහෝ කරුණු මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව ය .

මේ වන විට තෙල් බෙදා හැරීම සිදු කරනු ලබන්නේ ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ ඩිපෝ කළමනාකරුවන්ගේ අධීක්ෂණය යටතේ බවත්, එමගින් ඈත පිටිසර පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය .

ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඛනිජ තෙල් බෙදා හැරීමේ ක්‍රමවේදයේ දී දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මඟින් සිදුකිරීම සුදුසු බව ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහිදී අධිකරණයේ දී කරුණු ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයකටයුතු කළ ආකාරය පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන බවය .

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරියට ගත යුතු තවත් පියවර සහ නිර්දේශ අඩංගු දිවුරුම් ප්‍රකාශයක් ලබන 31 වැනිදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නියෝග කල ශ්‍රේෂ්ඨාධිකරණය එතෙක් නඩුව කල් තැබීය.

ජනතාවට සහන සලසා දීමට අවශ්‍ය ක්‍රමවේදයක් වහාම සකස් කරන ලෙස අමාත්‍ය මණ්ඩලයට නියෝගක් නිකුත් කරන ලෙස ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය අමාත්‍යාංශ ලේකම්වරු සහ නීතිපතිවරයා ඇතුළු හතළිස් දෙනකු නම් කරනු ලැබ ඇත.



අදහස් (0)

තෙල් බෙදීම කාර්යක්ෂම කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධාරණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 566 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 422 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site