(ඩයනා උදයංගනී)
වීසා නොමැතිව ශ‍්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් 500ක දඩ මුදලක් අය කර ගැනීමට රජය තීරණය කර ඇත.
සමගාමීව සංචාරක වීසා කාලසීමා දිර්ඝ කිරීමටත්, ව්‍යාපාරික කටයුතු සඳහා නිකුත් කරන වීසා කාලසීමාව බහුවිධ ඇතුල්වීමේ පහසුකම් යටතේ නිකුත් කිරිමටත් රජය තීරණය කර තිබේ.
එම තීරණ ක‍්‍රියාත්මක කිරීම සඳහා 1948 අංක 20 දරණ ආගාමික විගාමික පනත සංශෝධනය කිරීමටත්, සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් පත‍්‍රයේ පළකර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට යොමු කිරීමටත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රකාවකට කැබිනට් අනුමැතිය ද හිමිවී ඇත.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා නිකුත් කිරීමේ ක‍්‍රියාවලියට අදාලළව වර්තමානයේ පවතින වීසා වර්ග හා අයකරන ගාස්තු සංශෝධනය කරීම සඳහා ආගාමික හා විගාමික රෙගුලාසි සංශෝධනය කිරීමට මීට පෙර කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවී තිබිණි.
මෙම සංශෝධන මගින් ආයෝජන දිරිගැන්වෙන වීසා ක‍්‍රමවේදයක් හඳුන්වාදීමටත්, සංචාරක වීසා සඳහා විවිධ රටවල්වලට අදාළව පවතින විවිධ ගාස්තු ක‍්‍රමවේදය වෙනුවට ඒකිය ගාස්තු ක‍්‍රමවේදයක්ද හඳුන්වාදීමටත් හැකියාව ලැබෙන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් 500 ගෙවා ගන්න බැරි වුනොත් මොකද වෙන්නේ?
වීසා නැතුව.. රටක රැඳී සිටීමට හේතුන් මොනවද..? සංචාරකයෝ වගේ පෙනෙන දූෂකයන්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයන්?
එ්ක නම් මලාට වැඩක් වෙන්නේ නැති නීතියක්... ගෙදර යන්න සල්ලි නැති කෙනා කොහොමද ඩොලර් 500ක් ගෙවන්නේ? එද්දී ප්‍රමාණවත් මුදලක් අතේ තියෙනවද බලලා රට ඇතුලට ගත්තා නම් අඩු තරමින් ඒ මුදලවත් රට තුල වියදම් කළා කියලා සැනසෙන්නට පුළුවනි. අල්ලපු ගමන් පිටත් කලොත් කන්න දිදී උසාවි ගානේ තියාගෙන කරන වියදමත් ඉතිරි කරගන්නට පුළුවනි. රටට ඇතුළු වෙද්දීම රටේ ඕනෑම තැනක සිට වයිෆයි සම්බන්ධිත යන්ත්‍රයකින් කියවිය හැකි සංචාරක මැග්නටික් කාඩ්පතක් (මුදල් අයකොට) නිකුත් කළානම් ආගමන විගමන දත්ත අඩංගු කරලා, එම කාඩ්පත නොමැතිව හෝටල් වල නැවතීම, රෝහල්වලට ඇතුළුවීම, වෙනත් කුලී සේවාවන් ලබා ගැනීම ආදිය සීමා කළාම, මේ කට්ටිය ඉබේම රටින් පිටවෙයි. රටේ රැඳී සිටින්නට බැරි වුණාම... ඒ වගේම එමගින් එම සංචාරකයා රටේ රැඳී සිටි තැන්, ගමන් කළ තැන් ආදිය විශ්ලේෂණය කළ හැකි නිසා එය රටේ ආරක්ෂාවටත් වටිනවා...
කරුණාකර අර ඉස්සර තිබුනා වගේ යුරෝපා රටවලින් එන සංචාරකයන්ට ගාස්තුවක් නොමැතිව දින 30 කට වලංගු වීසා දෙන්න කැමති කෙනෙකුට ගාස්තුවක් ගෙවලා අඩුම තරමින් දින 90 දක්වා සංචාරක වීසා ගුවන් තොටුපලේදීම ගන්න පුළුවන් විදිහට කටයුතු සම්පාදනය කරන්න. දින 30 වැඩි සංචාරක වීසා අවශ්‍ය පුද්ගලයන් අන්තර්ජාලය මගින් තමන්ගේ විස්තර ලංකාවට ගොඩ බැසීමට සතියකට කලින් දන්වල අවසර ගන්න කියන්න ,
ඊයේ පුවත්වල තිබුණා මාස 6ක් සඳහා නොමිලයේ වීසා දෙනවා කියා. අද කියනවා ඩොලර් 500ක දඩ ගහනවා කියා. කොළඹ ගුවන් තොටුපොළේ කවුන්ටර් වල රස්තියාදු නොවීම සඳහා පසුගිය දිනක මා ප්‍රංශයේ මගේ නිවසේ සිට ඉලෙක්ට්‍රොනික් වීසාවක් රැගෙන ශ්‍රී ලංකාවට ගියෙමි. මගේ පාස්පෝර්ට් එක සහ ඊ-වීසා පරිගණකයට ඇතුල් කල නිලධාරියා මට රටට ඇතුළුවීම සඳහා වීසා කවුන්ටරයෙන් වීසාවක් ගෙනඒමට පැවසුවා. මා යලිත් වරක් මෙහි සිට ගත් වීසාපතේ කුවිතාන්සිය ඔහුට පෙන්වූ විට ඔහු අන්දමන්ද වී ඔලුව කැසීමට ගත්තා! ඉන්පසු මීටර් 50ක් පමණ දුරින් පිහිටි ඔහුගේ "බොස්ගේ" කාර්යාලයට ගොස් මුද්‍රාව ලබාගැනීමට මට කීවා. එහිදී ඔහු මට කීවා පරිගණක පද්ධතියේ දෝෂයක් නිසා සමහර පාස්පෝර්ට් කියවීමේ ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවත් එය හැම කවුන්ටර්වලටම දන්වා ඇති බවත්ය. එතැන හිටපු නිලධාරියාට එය නොතේරීම නිසා මා වටිනා පැය බාගයක් පමණ කාලයක් ගුවන් තොටුපොළේ රස්තියාදු වුනෙමි...!!!
එකත් එකටම වැඩිපුරම හොරෙන් ඉන්නවා ඇත්තේ චපාති කාරයොයි, චීන්නුයි වෙන්න ඇති. චපාති කාරයෝ ඩොලර් 500 ක් දෙන එක කෙසේවෙතත් කවදාවත්ම ආපසු යන එකක් නැතිවෙයි. ආදි කාලේ රාමදින්න ආපු කොචින් මිනිස්සුත් ඔය අපූරුවට ඉන්නේ.
මේ දඩ මුදල් සහ වීසා ගාස්තු මොකද? ඇමරිකන් ඩොලර් වලින් නියම කරන්නේ... මේක ශ්‍රී ලංකාව මිසක් ඇමරිකන් යටත් විජිතයක් නොවේ.. කරුණාකර වීසා ගාස්තු සහ දඩමුදල් ශ්‍රී ලංකා රුපියල් වලින් නියම කරන්න.
ශ්රී ලංකාවට විදේශිකයෙක් එනවා නම් ඔහු පදිංචි රටේ සහ ස්ථානයේ අනන්‍යතාවය සහතික කල යුතුයි. තවද බැංකු විස්තර සහ ඒ රටේ රැකියාවේ අනන්‍යතාවයද සහතික කල යුතුයි. ඒ දේවල් සම්පුර්ණ නම් වීසා දෙන්න පුළුවන් සංචාරකයින් කියලා රටට ඩොලර් ගෙනෙනවා කියලා මුදල් පස්සේ ගියොත් අපේ රටට නැති ප්‍රශ්නත් ඇතිවෙන්න පුළුවන් චීන්නු බංගලි ඉන්දියානුවෝ අප්‍රිකානුවෝ කොපමණ අය අද ලංකාවේ විසා නැතුව අත්අඩංගුවට අරන් තියෙනවද. අපි යුරෝපෙට විසා ගන්න ගියොත් අප්පා මුත්තාගේ කාලේ ඒවා ඉදන් අහනවා නීතිය කාටත් සාධාරන කරන්න අපි තුන්වන ලෝකේ රටක් කියල ජාතිය බාදුකරන්න එපා.
ලාංකිකයන් ජපානේ, කොරියාවේ, යුරෝපේ හොරෙන් ඉන්නවා වගේ ඒ රටවල මිනිසුන් අපේ ශ්‍රී ලංකාවෙත් ඉන්න දෙන්න එපා
පලිගන්න එකට එක කිරීමක්
විසා නැතිව ඉදපු කාලය අනුවයි මේ දඩ මුදල අයකළ යුත්තේ.මාසයට හෝ ඊට අඩු ඩොලර් 50 ක් වගේ. නැත්නම් අපේ ආගමන විගමන එකෙන් එක දිනටත් ඩොලර් 500 ක් ඉල්ලයි.සාධාරණ වෙන්න ඕන. යුරෝපා රටවලනම් විසා නොමෙති කෙනෙක් අහු උනාම යන්න කැමෙතිනම් ටිකට් එකත් දීල අතටත් ගානක් දීලයි අරින්නේ.
චන්දිම මහත්මය මම දන්නා තරමින් තම රටේ මුදල් භාවිත කරන්නේ නැතුව ඇමරිකන් ඩොලර් වලින් රට තුල ගනුදෙනු කරන්නේ සෝමාලියාව , ඉරාකය , සිරියාව , අප්‍රිකාවේ සමහර රටවල් ඇතුළු , ආර්ථිකය කඩා වැටුන අසාර්ථක රාජ්‍යයන් , අපිත් එම තත්වයට වැටෙන්නේ ඕනේ නැහැ , ආණ්ඩුවෙන්ම දඩ, සහ ගෙවන්න ඕනේ වෙන වීසා ගාස්තු ඩොලර් වලින් නියම කරනකොට කවර කතාද ? අපි විසින්ම අපේ මුදල් බාල්දු කරගැනීමක් නොවේද මෙතන සිදු කරගන්නේ ?
රටක මුදල් ඒකකයක් යනු ජාතික කොඩිය වගේ වැදගත් දෙයක් , උදාහරණයක් ලෙස ගතහොත් එංගලන්තය යුරෝපා සංගමයේ සාමාජිකයෙක් වුනත් යුරෝපේ රටවල් අතහැර ගනුදෙනු කරන කොට තමන්ට මුදල් මාරු කිරීමේදී වියාපාරික වශයෙන් පාඩු සිදු වුනත් තමන්ගේ මුදල් ඒකකය වන බ්‍රිතාන්‍ය පවුම අතහැර යුරෝ මුදල් ඒකකය ගන්න කැමති වුනේ නැහැ , අපිත් ඉගෙන ගන්න ඕනේ අපේ මුදල් ඒකකයට ගරු කරන්න නිසි තැන දෙන්න , නැතිනම් රුපියල වැටෙනවා නවත්වන එක බොරු ,
ඉන්දියන්,පකිස්තාන්, සහ බංගලාදේශ ජාතිකයන් කොච්චර කියල අපේ රටේ හොරෙන් ඉන්නවද? සමහරු කසාද බැඳලා ළමයි බමයි හදා ගෙන ලාංකිකයෝ වගේ ජීවත්වෙනවා. කවුරුද අල්ලන්නේ? අපේ රටේ මිනිසුන් පොලිසි වලට ඔත්තු දෙන්න යන්නේ නැහැ.මෙකයි තිත්ත ඇත්ත. නමුත් අපේ රට වගේ දූපත් රටක් වෙන සීශේල් රටේ හොරෙන් ඉන්න බැහැ.රටේ මිනිසුන් පොලිසියට සහ ආගමන විගමන අංශයට ඔත්තු දෙනවා.නමුත් අපේ රටේ ?
නන්දලාල් හරියටම හරි... මොකද එකපාරක් ගන්නේ ඔන්ලයින්. දෙන්නේ මාසයකට. ආයේ ලංකාවට ඇවිල්ලා ගුවන් තොටුපොළේ රස්තියාදු කරනවා. වීසා එක හරි නැහැ කියනවා. ඔයා වගේම මමත් එකඑක කාමරවලට යවනවා. මගේ දුවවත් එහෙමම යැව්වා. වීසා එක හරි නැහැ කියලා. මේ සල්ලි ගෙවලා ලදුපතත් තියෙනවා. කොහොම හරි එළියට ඇවිල්ලා මාසේ පහු වුනොත් ආයේ විසා ගන්න ඕනෑ (දික් කරගන්න ඕනි)
කරුණාකර ආගමන විගමන දෙපාර්තුමේන්තුව සම්බන්ධ කරගෙන මෙහි වර්තමාන තත්වය දැනගන්න පුලුවන්ද?