(තිලකරත්න දිසානායක)
එක්ස්ප්‍රස් ප්‍රර්ල් නෞකාවේ ගින්න නිසා සෘජුව සහ වක්‍රව ජීවනෝපාය අහිමිවූ ධීවර පවුල් 9883කට රුපියල් 5000 දීමනාව ලබා දිමට කටයුතු කර ඇතැයි බව ගම්පහ දිසා ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.
ඒ යටතේ මීගමුව,වත්තල,කටාන සහ ජාඇළ ප්‍රදේශවල පිරිසකට මෙම වන්දි මුදල් හිමිවේ.
සෘජුව ජීවනෝපාය අහිමි වූ මීගමුව ප්‍රදේශයේ ධීවර පවුල් 6042ක් වත්තල ධීවර පවුල් 1409ක්,කටානෙ ධීවර පවුල් 233ක් සහ ජාඇළ ධීවර පවුල් 69 මෙම වන්දි මුදල් හිමිවන බව ද දිසාපතිවරයා කියයි.
මෙම ගින්න නිසා වක්‍රව සිය ජිවනෝපාය අහිමි වූ මීගමුවේ 1991,වත්තල 116 ක් කටානේ 14ක සහ ජාඇළ 09 දෙනකුට ද 5000 වන්දි මුදල් හිමි වන බව ගම්පහ දිසාපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මේ සඳහා වෙන් කළ මුදල රුපියල් 49,415,000 සකි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.