රංජන් කස්තුරි
2019 වසර සඳහා රජයේ පාසල්හි පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත්කර ගැනීමට අදාල අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූලි මස 10 වැනි දින දක්වා කල්දැමුණු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
මේ දිනවල පවතින තැපැල් වර්ජනය නිසා දෙමාපියන්ට සිදුවිය හැකි අපහසුතාවයන් මගහැරවීමට එම පියවර ගත් බවද ඇමතිවරයා කීය.
2019 වසර සඳහා රජයේ පාසල්හි පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් බාරගැනීම ජූනි මස 30 වැනි දින අවසන් වීමට නියමිතව තිබිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.