(ඩී.ජී.සුගතපාල)
ගාල්ල නගරයට අද (22) සවස ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ හමාගිය තද සුළං හා අකුණු ගැසීම් හේතුවෙන් ගාල්ල මහාධිකරණයේ වහලේ තහඩු කිහිපයක් ගැලවී ගසා ගෙන ගොස් තිබූ අයුරු දක්නට ලැබේ.
රජයේ අධි නීතිඥ නිල මැදිරිය , නිතිඥවරුන්ගේ පුස්තකාලය,ලඝු ලේඛක කාමරය ඇතුළු ස්ථාන කිහිපයක් ජලයෙන් යටවූ වී තිබිණි.
මෙම අවස්ථාවේ අධිකරණයේ නඩු කටයුතු අවසන් කර තිබු හෙයින් නඩු කටයුතු පවත්වා ගෙන යාමට බාධාවක් සිදු නොවිය.




COMMENTS
ඕවා තිබුණත් වැඩක් තියෙනවද නඩු අහන එකක්යැ..
අලුත් ප්‍රවණතාවයට දෙවියන් දැක්වූ ප්‍රතිචාර...
ගාලු අධිකරණයේ මීලගට පැමිණීමට නියමිත නඩුව වෙනුවෙන් උසාවියේ අප්‍රාණික වස්තූන් දැක්වූ ප්‍රතිචාර විය හැක.
අපිත් බයෙන් ඉන්නේ තහඩු ගැලවෙයිදෝ කියලා.
දැන් තහඩු ගැලවුණා. ඊට පස්සේ නීතියත් ගැලවෙයිද?
දෙනකොට වහල කඩාගෙන හරි දෙනවා කියන්නේ මේකට තමයි.
නිදි ඇමතිට දෛවයේ සරදමක් දෝ..?