(යොහාන් භාසුර)
දෙමටගොඩ දුම්රිය අංගනයේ සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් අද (27) පස්වරුවේ ධාවනය වීමට නියමිත දුම්රිය අංගනයෙන් ඉවත ගැනීමේ ගැටලුවක් මතුවී ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙක් පැවසීය.
සමස්ථ දුම්රිය පද්ධතියෙන් අද පස්වරුවේ දුම්රිය ප්‍රමාද බවත් ඒ හේතුවෙන් කාර්යාල සේවක සේවිකාවන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
බලන්න මොන අපරාධයක්ද කියලා...? එංජිම පමණක් ගලවලා අනිකුත් පෙට්ටි සුදුසු ස්ථානයකට ගෙනිහිල්ලා. අනිකුත් සියලු දුම්රිය එම මාර්ගයෙන් ඉවත්කරගෙන පළමු දුම්රිය නැවත නිසිලෙස සම්බන්ධකර ඔය වැඩේ පහසුවෙන් කරන්න තිබුණා නේද?