නිමල කොඩිතුවක්කු
මීගමුව මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ දයාන් ලංසා මහතා තේරි පත් විය.
නගරාධිපති ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රොයිස් විජිත ප්‍රනාන්දු මහතාගේ සහ පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් දයාන් ලංසා මහතාගේ නම් යෝජනා වී තිබිණි.
ඒ අනුව නගරාධිපතිවරයා තේරීම සඳහා ඡන්දයක් පැවැත්විණි.
එහිදී ඡන්ද 25ක් දයාන් ලංසා මහතාට හිමි වූ අතර රොයිස් විජිත ප්‍රනාන්දු මහතාට ලැබුණේ ඡන්ද 19 ක් පමණි.
මහ නගර සභාවේ උප නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොහොමඩ් ෆරීස් මහතා තේරීපත්විය.
COMMENTS
මමනම් හිතන් නැහැ මෙවැනි මිනිසුන් මහජනටවගේ ජන්දෙන් පත්වෙන අය කියලා, සල්ලි බලයට එන අය .මෙවැනි අය පත්වීමෙන් අපි හැමදාම එකම තැන. ඉදිරි දැක්මක් නැහැ, මිගමුව නගර සබාවට මගේ කණගාටුව ප්‍රකාශ කරමි.
මත් ද්‍රව්‍ය වලින් නම් සංවර්ධනය වෙයි................
ඉස්සර මීගමුවට කිවේ පුංචි වතිකානුව කියල, දැන් කියන්න වෙන්නේ කුඩු ලන්තේ කියල තමා.
මිගමුව ජනතාවට දෙවියන්ගෙ පිහිටයි . ජනතාවට ආදර්ශයක් ඇති නායකයන් නෙවෙයි අහිංසක මිනිසුන් හැමදාම මොඩෝයො කරනවා.
රටේ සේරම දන්නවා අද ලංකාවේ දේශපාලනයේ නියැලී ඉන්නා " සමහරු" ස්ත්‍රී දුෂිතයෝ, නුගත්තු, මිනි මරුවෝ, කුඩුකාරයෝ, රට ගැන ආදරයක් නැති අමනුස්සයෝ කියල. නමුත් අවුල තියෙන්නේ ඒ වගේ පල් හොරුන්ට බලය ලබාගන්න හැකිවන අන්දමට ඔවුන්ට උල්පන්දන් දෙන " නායකයින්" කියාගන්නා කපටින් විසින් අපගේ දේශපාලන වේදිකාව ඒ ආකාරයට හැඩගස්වාගෙන තියෙන එකයි. මේ මිනිස්සු ඕපපාතිකව බලයට එන්නේ නැහැ. මහජනතාවට බැනල ඵලක් නැහැ.
පැහැදිලිවම මෙය එජාප නායකත්වයේ තිබෙන පතෝල උද්දච්ච බකපණ්ඩිතකමේ ප්‍රතිඵලයක්. රාජ්‍ය බලය තබාගෙන පක්ෂයක් මෙහෙම නොන්ජල් වෙලා නෑ ලංකා ඉතිහාසේම. තමන් මුලින්ම කරන්න ඕන බලය තහවුරු කරගැනීම ආණ්ඩු බලය ලැබුන වහාම ( මතකනේ හරේන් අච්චර පෙරලලා බලය අරන් දුන්න පළාත් සභාව මී හරකෙක් වගේ මෙයා නැවත දන් දුන්නා ). මහා ඡන්දෙ ඉවර වුන ගමන්ම ප්‍රාදේශීය සභා සහ පළාත් සභා ටික විසුරුවලා බලය ගන්න තිවුණා කිසිම කරදරයක් නැතිව. එහෙම නම් 2020 වෙනකන් ආණ්ඩුව කිසිම කරදරයක් නැතිව කරගෙන යන්න තිවුනා. අනික ශ්‍රී ලංකා කාරයෝ මොන මගුලට ආණ්ඩුව සම්බන්ධ කරගත්තද ? බලය ගත්තහම තනිය කරගෙන යන්න පුලුවන් කොන්ද්දක් තියෙන්න ඕන නායකයෙක් වුනහම ( අවුරුදු 24ක් පක්ෂ නායක, ඒත් මෙලෝ පළපුරුද්දක් නෑ දේශපාලනය කරන්නේ කොහොමද කියලා ලංකාවේ වගේ රටක ) අනික මහා පොර වගේ තනියෙන් ගහපු එක ගැටයක් වත් හරි ගියාද ? එකක්වත් නෑ. ඒක නිසා එක්කෝ දැන්වත් වෙන කෙනෙකුට දීලා ගෙදර යන්න ඕන එහෙම නැත්තන් මහා ඡන්දයක් තියන්න ඕන. මොකද මේ මගුල් වලින් වෙන්නේ රට තවත් අස්ථාවර වෙලා ආර්ථිකේ නැත්තටම නැති වෙන එක.
මීගමුවේ මි හරක් වැඩිද?
අපි පිටරටවලදිත් අපේ රට ගැන මහත් අභිමානයෙන් කතා කරනව රටේ ඉතිහාසය ආගම ජාතිය ගැන මං හිතන්නෙ ඒව සේරම මනංකල්පිත.රටේ මිනිස්සුන්ගෙ හැටයට තමා පාලකය.
ලංකාවේ ඉන්න අයගේ හැටියට තමයි ඉතින් දේශපාලකයින් බිහිවෙන්නෙත්. වැඩිය බලන් ඉන්න දෙයක් නැහැ. ලංකාව, මෙක්සිකෝව වගේ කුඩු පාරාදීසයක් වෙනවා. මතකයි කුඩු අල්ලපු දවසේ ගිහින් කුඩු කාරයව බදා ගත්ත හැටි. බොහොම හොඳයි. කොල්ලො ටික කුඩු කාරයෝ වෙලා. කෙල්ලෝ ටික ගණිකාවෝ වුණාම අන්න එදාට තමයි සිංහල ජාතිය ගැන පුරසාරම් දෙසාබාන බත්කන හරක්ට තේරෙන්නේ...
මේ පවුලේ අයව පොල් "කුඩු" ගානට දාල කතා කරන්න සමහරු පෙළඹුණත් මම නම් කැමතියි පොල් කියන විශේෂණය ඉවත් කරලා හරි මේ ගොල්ලන්ට පිළිගැනීමක් දෙන්න.
මීගමුවේ ජනතාවට අපගේ බලවත් ශෝකය.!
එහෙනම් තවත් කුඩු ජාවාරම් කරුවෙක් පත්වී ඇත. මීගමුවට දෙයියන්ගේම පිහිටයි. දැන් නම වෙනස් කොට මීගමුව වෙනුවට කුඩුගමුව කියා කිවයුතුයි. ලොකු ගෙදර එස්.ටී.එෆ් එකෙන් කුඩු සම්බන්ධව වැටලූ විට පාන්දරින්ම එකල පාලනය කළ ලොක්කා සැපත් වුනේ පාලක සියලු දෙනා සහ මහජනයා හට ප්‍රශ්නාර්ථ තබමින්... තවත් මොනවද කතා...? අප මව්බිමෙත් යම් දේශපාලඥයින් පිරිසක් ත්‍රස්තවාදය මෙන් මේ කුඩු, මත් ද්‍රව්‍ය, කළු සල්ලි වැනි නීති විරෝධී දේවලට සම්බන්ධ බැවින් රටේ දේශපාලනය අගාධයට ගොස් ඇත. මෙයට රටේ ජනතාවත් වගකිව යුතුයි. මන්දයත් ඡන්ද කිට්ටුව ලැබෙන දේ සහ ලාභප්‍රයෝජන ගැන සිතා මිසක් රටේ යහපත තකා සුදුස්සන් පත් නොකිරීමේ පලවිපාකයි. රටට දෙවියන්ගේම පිහිටයි...
යුඑන්පි එකෙන් නගරාධිපතිකමට ඉල්ලුවේ නවගුණ වැල හෝ ජපමාලය ගණන් කරන කෙනෙක්ද.?
මී ගමුව කියන වාසනාවන්ත නගරය කුඩු වලින් පිරීගිය අවාසනාවන්ත නගරයක් වෙන්නත් පුළුවන් ...
නැවත කුඩු දෑත් ශක්තිමත් වේවි! ජනතා පැතුමත් එකයි! ජයවේවා !!!
මී ගමුවට සියලු දෙවිදේවතාවුන්ගේ අනුකම්පාව ලැබේවා !!!
අපි බයවෙන්න ඕනේ ඔහුව එම තත්වයට ඔසවා තැබූ පක්ෂය 2020 දී බලයට පැමිණීම ගැනයී.
මිගමු නගර සභාව සමාදානයේ සැතපෙවා................
අනේ අපොයි රට කුඩේ කුඩු.....!
මීගමු නගරසභාවට ගුවන්යානා අංගනයක් ඉක්මනින් පිහිටුවීමට ප්‍රතිපාදන වෙන්කළ යුතුයි....
රටේ අද සිදුවෙන දේවල් දිහා බලනකොට මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි ...මිගමු ජනතාවට කුඩු වලින් පිරි සුභ අනාගතයකට ආසිරි.....
පරපුරක් රජ කරන්න ඒ වෙනුවෙන් රට සහ සමාජය විනාශ කරන මේ මිනිස්සු කරන්නෙත් තමන්ගේම අය දේශපාලනයට එන එකයි. ලංකාවේ ඡන්ද දායකයාගේ ලොකුම ප්‍රශ්නය සමාජය විනාශ කරන හොරුන්ට ඡන්දය දීමයි. අපේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ හැඟීම්වලින් මිසක් බුද්ධියෙන් නෙවෙයි. මේක බරපතළ සමාජ ප්‍රශ්නයක්. ඒ හැඟීම්වලින් ඡන්දය දෙන නිසා. හොරු, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ බලයට එනවා. ඊටපස්සේ වැඩ කරන්නේ සමාජයම විනාශ වන විදිහටයි.
මීගමු නගරාධිපති බල ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය නීතිගත කරයි. ඔබට සතුටුද?
දැන් එහෙනම් ආරක්ෂක අංශවල රැකවරණයත් අරගෙනම ව්‍යාපාර ටික කිසිම ගින්නක් නැතිව කරගෙන යා හැකියි..
මීට වඩා හොඳයි මීගමුවේ මිනිස්සුන්ව කපලා මුහුදට දැම්මා නම්. මොන දේ වුනත් අපි පුංචි රෝමයේ ඉන්නේ කියලා අමතක කරන්න එපා. ජඩයෝ වැඩිකල් උඩ පනින්නේ නැහැ.
මී ගමුවට කළු දෙබරක් පත්වීම ගැන මීගමුවේ ජනතාව හැටියට අපගේ බලවත් අප්‍රසාදය...
මේක ජනතා ඡන්දයෙන් වුනු දයක් නෙවෙයි. සල්ලි විසි කරලා ගත්තු ජයක්. මීගමුවේ ජනතාව මෙයට විරෝධය දැක්විය යුතුයි.
කෝටි ගණන් මුදල්වලින් බලය එහා මෙහා කරන්න පුළුවන් කාලයක් මේක.
මීගමු පාතාලය සමග කුඩු බිස්නස් සහ බලපුළුවන්කාරකම් වලට අහිංසක ජනතාව බිලිගනීම් වලින් වර්දනයක් දකින්න පුළුවන්.