නිමල කොඩිතුවක්කු
දිවයිනේ දිස්ත‍්‍රික්ක පහකට බලපෑ ඇති අධික නියං සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් පවුල් අනූදහසකට අයත් පුද්ගලයින් දෙලක්ෂ අනූතුන්දහසක පිරිසක් දැනට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ලංකාදීපයට පැවසීය.
පොළොන්නරුවට සහ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ඇතැම් ප‍්‍රදේශවලට (27) දින සිට තද වැසි පතිත වන බැවින් මෙම තත්ත්වය වෙනස් විය හැකි බවද ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේය.
පුත්තලම, කුරුණෑගල සහ මන්නාරම යන දිස්ත‍්‍රික්ක වල සිටින ජනතාව පවතින නියං සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් තවදුරටත් පීඩාවට ලක්ව ඇති බවද ඔහු පැවසීය.
දැනට එම ජනතාව සදහා අවශ්‍ය පානීය ජලය ලබාදීමට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය මගින් පියවර ගෙන ඇති බවද ඒ මහතා සදහන් කළේය.
පෙරේදා (27) රාත‍්‍රි කාළයේ සිට පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත‍්‍රික්ක වලට වැසි පතිත වන බැවින් මෙම තත්ත්වය වෙනස් විය හැකි බවද ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් කියා සිටියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නියගය නිසා දිස්ත‍්‍රික්ක පහක ජනතාව දැඩි අපහසුතාවයක