IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ටිකට් නැතිව ගියාට අයි.ඩීය තියා ගන්න බෑ

(යොහාන් භාසුර)

ප්‍රවේශපතක් නොමැතිව දුම්රියේ යෑමේ චෝදනාවට පුද්ගලයෙක්ගේ ජාතික හැදුනුම්පත සහ ජංගම දුරකථන භාරයට ගැනීමට දුම්රිය ආරක්‍ෂක අංශයට නීතිමය බලයක් නොමැති යැයි ‘ලංකාදීප’ කළ විමසුමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා පැවසීය.

ජාතික හැදුනුම්පත සහ ජංගම දුරකථන භාරයට ගැනීමෙන් මගී ජනතාව අපහසුතාවට පත්වන්නේ නම් ඒ පිළිබඳව සොයා බලන බව ද ගුණසිංහ මහතා වැඩි දුරටත් කීය.

ප්‍රවේශපතක් නොමැතිව දුම්රියේදී දුම්රිය ආරක්‍ෂක අංශ නිලධාරීන් භාරයට ගන්නා පුද්ගලයන්ගෙන් කාලයක සිට ජාතික හැදුම්පත ගන්නා අතර අදාල පුද්ගලයා සතුව ජාතික හැදුනුම්පත නොමැති වුවහොත් ඔහු සතුව ඇති ජංගම දුරකථනය හෝ වෙනත් වටිනා භාණ්ඩයක් භාරයට ගැනීමට දුම්රිය ආරක්‍ෂක අංශය කටයුතු කරමින් සිටියි.

ඇතැම් අවස්ථාවල දුම්රිය ආරක්‍ෂ අංශය මගී ජනතාවගේ ස්වර්ණාභරණ වැනි දේ ද භාරයට ගැනීමට උත්සහ කරන බව ද ජනතාව පවසති.

ජාතික හැදුනුම්පත භාරයට ගැනීම පිළිබඳව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ දුම්රිය ආරක්‍ෂක අංශයට ජාතික හැදුනුම්පත භාරයට ගැනීමට කිසිඳු බලයක් නොමැති බවත් අදාල පුද්ගලයාට ඒ පිළිබඳව නීතිමය කටයුතු කළ හැකි බවත්ය.

 



අදහස් (4)

ටිකට් නැතිව ගියාට අයි.ඩීය තියා ගන්න බෑ

saththyaa Tuesday, 24 January 2023 03:31 PM

නොමැති ප්‍රවේශ පත්‍රය වෙනුවෙන් මගීන් සතු දේපල පවරා ගැනීමත් ,ඇඟට අත තැබීමටත් සී ගී ආර් ආරක්ෂක අංශයට බලයක් නැත

:       0       40

tikkaWednesday, 25 January 2023 07:38 PM

නොමති ප්‍රවෙශ පත්‍රය නිසා හැදුනුම්පත පෙන්වීමට පසුබට නොවන්න .. නැත්තම් අපිට ඔබව පොලිසියට බාරදීමට සිදුවෙවි .

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 24 January 2023 09:29 PM

Mingling with "kakko" or railway ticket checkers, rouges in false uniforms can "confiscate" these official documents or valuables putting commuters in great difficulty !

:       0       1

රමිපාල සීයා Tuesday, 24 January 2023 09:50 PM

දුමිරිය සේවය ආරමිභ වී දැනට වසර 158 ගත වෙලා. නියමිත වලංගු ටිකටි පතක් නොමැතිව ගමන් කරණ මගියෙකුට අදාල වන සුපැහැදිලි නීති පද්ධතියක් මෙි දක්වා ක්‍රියාත්මක නොවෙි නමි ඒ පිළිබදව අදාල බලධාරීන් ව වහාම දඩුකන්දේම ගැසිය යුතුය. පළමුවත්, දෙවනුවත්, මතුනොව තෙවනුවත් ලැජ්ජම ලැජ්ජයි. අයියෝ සාමි!!!

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site