IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හැටන් සභාපති තෝරද්දී සභාව උණුසුම්වෙයි

රංජිත් රාජපක්ෂ

හැටන් දික්ඔය නගර සභාවේ  සභාපති හා උප සභාපති තේරීම කුසපත් ඇදීමකින් සිදු කිරිමට මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාට අද (26)  සිදුවිය. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ප්‍රසාද ලැයිස්තුවට නම් වු සෙන්තිල්රාජ් සිවදර්ශනි මහත්මිය එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්වීමත් සමඟ පක්ෂ දෙකටම සභිකධුර 8ක් වශයෙන් තිබීම නිසා සභාපති සහ උප සභාපතිවරයා තේරිම දැඩි උණුසුම්කාරි තත්ත්වයකට පත් විය.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෙන්තිල්රාජ් සිවදර්ශනි මහත්මිය එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්විමත් සමඟ සභාව තුල දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් හටගැනිමත් සමඟ එය පාලනය කිරිමට පොලිසියටද මැදිහත්විමට සිදුවිය.

හැටන් දික්ඔය නගර සභාවේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් අලගමුත්තු නන්දකුමාර සහ ලංකා කම්කරු කොංග්‍රසයෙන් සඩයන් බාලද්‍රන්  යන මහත්වරුන්ගේ නම් යෝජනා විය.

කුසපත් ඇදීමෙන් හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සඩයම් බාලචන්ද්‍රන් මහතා තේරි පත්විය.

උප සභාපතිවරයා වශයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් එම්.ජේ.එම් ෆාමිස් මහතා යෝජනා වූ අතර ලංකා කම්කරු කොංග්‍රසයෙන් එම්.ඩී කුමාර කරුණාසිරි මහතාගේ නම යෝජනා විය. 

උප සභාපතිවරයාද කුසපත් ඇදීමකින් සිදුවිය.  උප සභාපතිධුරය එක්සත් ජාතික පක්ෂයේ එම්.ජෙ.එම් ෆාමිස් මහතා තේරි පත්විය. 

ලංකා කමිකරු කොංග්‍රසයේ සභිකධුර  6ක් ලංකා පොදුජන පෙරමුණේ සභිකධුර 2ක් ශ්‍රී ලංකා කොමියුනිස්ටි පක්ෂයට 1 සභිකධුරයක් සහ එක්සත් ජාතික පක්ෂයට සභිකධුර 7ක් වශයෙන් හැටන් දික්ඔය නගර සභාව සභිකධුර 16 කින් සමන්විත විය.



අදහස් (0)

හැටන් සභාපති තෝරද්දී සභාව උණුසුම්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site