ශ්රී ලංකාවේ ඩිස්ටිලරීස් සමාගමේ සුරාබදු නිෂ්පාදනවල මිල අද (28) සිට සංශෝධනය කර තිබේ.
ඒ අනුව මත්පැන් බෝතලයක මිල රුපියල් 10 කින් වැඩි කර ඇති බව එම සමාගමේ ප්‍රකාශකයකු පැවසීය.
නිෂ්පාදන පිරිවැය හේතුවෙන් මෙලෙස මිල සංශෝධනය කර ඇති බවත් ඇතැම් නිෂ්පාදනවල මිල නොවෙනස්ව පවතිනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කීය.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ, රුපියල අවප්‍රමාණය වෙන හැටියට මම හිතුවා සෑහෙන මුදලක් යට කරන්න වෙයි කියලා. රුපියල් දහයක්ද? චාටර්නේ...?
බේබද්දන්ගේ දේශයේ මත්පැන් වල මිල හැකි තරම් ඉහළ දමන්න. (අපේ රටේ මත්පැන් වැඩි හරියක් නිෂ්පාදනය කරන්නේ දේශපාලකයන් නේද?)
රජයේ බදු නැත්තම් රුපියල් 500ට බෝතලය වික්කත් සමාගමට ලාබයි. ඇත්තෙන්ම බැලුවොත් ලංකාවේ සිගරට්, මත්පැන් නිසා රජය එකතු කරන අදායම, අයවැයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කරන මුදලට වඩා වැඩියි.
නොහැකියාව, නුගත්කම නිසා ශ්‍රී ලංකා රජය සංශෝධනය කියන වචනයටත් නිග්‍රහ කරනවා.
කන්න, බොන්නත් පින තියෙන්න ඕන. කොහොමත් මැදපෙරදිග රටවල මෙන් ලංකාවෙත් අනාගතයේදී මත්පැන් තහනම් වෙයි. කෑමේ, බීමේ සීමාව නොදන්නා ජනතාවක් වෙසෙන රටකට එහෙම වෙන එකත් ඒක අතකට හොඳයි. කරන අපරාධ වල හැටියට අරක්කු නෙමේ, වතුරවත් ඉතුරු වෙයිද කියලයි සැක.
මෙම මිල වැඩි කිරීම කර ඇත්තේ රජය නොව නිෂ්පාදන සමාගම විසින්. කෙසේ වෙතත් අධික මත්පැන් බදු වලින් සිදු වන්නේ අනවසර මත්පැන් භාවිතය වැඩි වීමකි.
කසිප්පු වලට තිබෙන ඉල්ලුම වැඩි වෙනවා. බොන එකාට ඔනේ මත් වෙන්න ඉතිං අඩු මුදලට තියෙන ඔනේ මල ජරාවක් බොනවා. දැන් සිගරට් මිල ගණන් නිසා බිඩි බොන තරුණයෝ කොච්චර ඉන්නවාද?
සිගරට් එකක් රුපියල් 55/= වුනත් දවසට 10 ක් වත් බොන අය ඉන්න රටේ අරක්කු 10/=න් වැඩි උන එකත් මොකක්ද?
මේකටත් මිල සුත්තරය දාන්න බැරිද ?
සුරාසැල් 90%ක් ම අයිති දේශපාලකයන්ට නේද? මම ඉංග්‍රීසි පත්තරයක දැක්කා.... දේශපාලනයට ඇවිත් මන්ත්‍රීවරයෙක් වුනාම මුලින්ම ගන්න බලන්නේ තීරු බදු රහිත වාහන බලපත්‍රය සහ තැබෑරුම් බලපත්‍රය. වැරදිද මම කියන්නේ?
ලංකාවේ කොඩියේ සිංහයාට අල්ලන් ඉන්න දෙන්න ඕනේ කඩුව නෙවෙයි බෝතලයක්.
රජය මහා භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහා මත්වතුර, දුම්වැටි බදු වැඩි කරනවා. එය දිරවා ගත නොහැකි මත්පැන් නිෂ්පාදකයින් බෝතලයක විකිණුම් මිල වැඩිකර රජය වැඩිකළ බදු මුදල වක්‍රාකාරයෙන් සිය සාක්කුවට දමා ගැනීමට යොදාගත් උපක්‍රමයක් බව මින් පැහැදිලිවම පේනවා !