IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තලාවේ බැංකුවක කෝටි අටක මුදල්-රන් භාණ්ඩ පැහැරගෙන


 
දයාරත්න ඇඹෝගම 
 
තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට  ඇතුළු වූ   පිරිසක් එහි තිබු රුපියල් කෝටි අටකට ආසන්න මුදල් සහ රං ආභරණ සොරා ගෙන ඇතැයි තලාව පොලිසිය කියයි.
 
මෙම බැංකුවේ නිලධාරින් අද (02)  උදැසන බැංකුව විවෘත කිරීමට ගිය අවස්ථාවේ පිටුපස දොර කඩා දමා තිබූ බව අනාවරණය වීමෙන් පසුව ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබුණි.
 
ඒ අනුව පොලිසිය හා බැංකු නිලධාරින් එක්ව සිදුකළ පරික්ෂණයේදී බැංකුව තුල තිබූ සේප්පුවද කඩා බිඳ දමා ඒතුල තිබූ මුදල් සහ රං භාණ්ඩ සොරා ගෙන ගොස් තිබූ බව අනාවරණය විය.
 
පසුගිය සිකුරාදා මෙම බැංකුව ගනුදෙනු අවසන් විමෙන් පසුව වසා දමා නැවත අද (02) විවෘත කර තිබුණු අතර ඒ කාලය අතරතුරදී  කිසියම් කණ්ඩායමක් බැංකුවේ පිටුපස දොරටුව කඩා දමා ඊට ඇතුළුවී මෙම  කොල්ලය සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.



අදහස් (3)

තලාවේ බැංකුවක කෝටි අටක මුදල්-රන් භාණ්ඩ පැහැරගෙන

Mahee Monday, 02 July 2018 07:47 AM

රටේ ඉහළ ඉඳලා පහළට කවුරුත් තම තමන්ගේ දක්ෂකම් අනුව මංකොල්ල කනවා, හොරකම් කරනවා. ඉහළ කට්ටිය මං දන්නේ නෑ කියනවා. නැත්නම් මේවා මඩ ගැහිලි කියලා කියනවා. පහළ කට්ටිය අවුරුදු 20කට විතර පස්සෙ හිරේයනවා.

:       0       321

RaveendraMonday, 02 July 2018 10:31 AM

මහී මයා වෙත, ඇත්තෙන්ම ඔබ නිවැරදිය. රටේ ඉහළම තනතුරේ සිට පහළම තනතුර දක්වා හොරා කන සමාජයක ඇත්තෙන්ම මෙවැනි හොරකම් අරුමයක් නොවේ.

:       0       117

Darshana Monday, 02 July 2018 12:52 PM

මහ බැංකුවත් කඩලා, දැන් මේ බැංකුවත් කඩලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site