IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


නිවාස සංවර්ධන අධිකාරිය අසළ උද්ඝෝෂණයක් :පිට කොටුව අවට මාර්ග අවහිරයි

 (නිමල කොඩිතුවක්කු ) 

ජාතික  නිවාස සංවර්ධන අධිකාරිය අසළ  මේ මොහොතේ පවතින උද්ඝෝෂණයක් හේතුවෙන් ඒ අවට මාර්ග සියල්ලෙහි දැඩි රථ වාහන තදබදයක් පවතී.


නිවාස සංවර්ධන අධිකායේ සේවය කළ තරුණ තරුණියන් පිරිසක්    තමන්  සේවයෙන් ඉවත් කළැයි  පවසමින් මෙම උද්ඝෝෂණයේ නිරතව සිටිති. 

 138  බස් මාර්ගය අවහිර කරමින් ඔවුහු මාර්ගයේ බිම වාඩි වී සිටින අතර  ,  මේ හේතුවෙන්  පිටකොටුව දෙසට  පැමිණෙන වාහන මෙන්ම  පිටකොටුව සිට  138 මාර්ගයේ ගමන් ගන්නා සියලු  වාහන අතරමඟ නවතා තිබේ.

 

මේ හේතුවෙන් අවට  මාර්ගයන්හි ද  දැඩි  වාහන  තද බදයක් පවතී.


ඔවුහු මාර්ග බාධකද පෙරලා නිවාස සංවර්ධන අධිකාරිය තුළට ඇතුළු වීමට උත්සාහ කළද  ආරක්ෂක අංශ යොදවා ඔවුන් පාලනය කිරීමට පියවර ගෙන තිබේ.


 .  මේ වන විට පොලීසිය,  කැරලි මර්ධන ඒකකය ජල බවුසර ද   එම ස්ථානයට ගෙන්වා ඇති අතර  අවට ආරක්ෂාව තර කර ඇත.

 



අදහස් (1)

නිවාස සංවර්ධන අධිකාරිය අසළ උද්ඝෝෂණයක් :පිට කොටුව අවට මාර්ග අවහිරයි

wasantha Monday, 03 December 2018 09:54 AM

අසරණයින්ට පිහිට සජිත් ප්‍රේමදාස පමණයි.

:       64       81

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 217 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site