(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා යටතේ පැවති දෙපාර්තමේන්තු දෙකක් ජනාධිපතිවරයා යටතට ගෙන ඇත.
මෙසේ ජනාධිපතිවරයා යටතට ගෙන ඇත්තේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහු කාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තු දෙකයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය විසින් ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබීය.
සරත් වීරසේකර මහතාට පොලිසියේ කටයුතු සංවර්ධනය සඳහා වැඩි කාලයක් යෙදවීමට අවස්ථා උදාකර දීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි .
COMMENTS
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හදපු මනුස්සයාටනේ ඒක බාරදෙන්න ඕනේ... මරු විද්‍යාත්මක ක්‍රමය. පොලීසිය මෙයාගෙන් අරන් සිවිල් ආරක්ෂක ඇමැතිකමක් හදලා ඒක මෙයාට දෙන්න..
ඕනෑවට වැඩිය පුස්වෙඩි දානකොට ඔහොම වෙනවා කියලා සමහරු කියන්නේ මොකද මන්දා...?
ඔව් ඒක හරි ගත්තු එක... සරත් පහුගිය කාලේ තමන්ගේ වැඩේ කළේ නැහැනේ... එක එක කෙනාට ඇඳුම් අරන් දුන්නා මිස...
පව් අප්පා අපේ වීරසේකර... වියතුන්ට දීලා ආපහු ගන්නවා..
හ්ම්..!!! සොයාබලන්න ගොඩක් දේවල් මෙත්මාට තියනවා නොවැ..
මේ වගේ රටක දේශපාලනය කරන්න ඔබතුමා වගේ අය තැම්බිලා මදි මගෙ හිතේ. දේශපාලනය කියන්නේ අවංකව කලහැකි දෙයක් නොවේ. හොරකම, ජඩකම, බලුකම, වල්කම වැනි තවත් බොහෝ දේ ඒ සදහා අත්‍යවශ්‍යය.
ඔව් ඉතින් ඉන්නකල් කලේ ගැහැණුන්ගේ ඇඳුම් ඇදපු එකනේ. කරපු වැඩක් නෑනේ
දෙපාර්තමේන්තු දෙකක් නෙවෙයි සේරම ගත්තනම් හරි
දැන්වත් ගෙදර යමු
එහෙනම් තව හොඳ විහිළු ටිකක් බලාගන්න පුළුවන් වෙයි.
මේ ඉන්නේ සිංහයෙක් වගේ ඇවිල්ලා ටික දවසකින් නරියෙක් වෙච්චි පොරක්නේ...
ඔය දෙකක් නොවේ... සියල්ලම ගන්න. ඔහුට එකක්වත් හරියට කරගන්න බෑ.
දෙකම වැටුණද? ඉතුරු වුණේ මොකක්ද?
ඒකද හේතුව නැත්නම්...?
මිනිහට හොඳම ඇඳුම් සැපයීමේ අමාත්‍යාංශය...
ඇඳුම් බෙදාහැරීමේ දෙපාර්තමේන්තුව පමණක් මෙයාට දෙන්න.
දක්ෂයි කියා තමන් කියාගන්න ය නැතිව හොයල බලලා නියම දක්ෂයන්ට තනතුරු දුන්නනම් ඔහොම ගලව ගලව ඉන්න ඕනේ වෙන්නේ නෑ
අනේ පවු මෑනුත් ෆේල් වගේ .අනේ මන්දන්නේ නැහැ ජීවිතේටම දැකලා නැහැ මේ විදිහට ආණ්ඩුවත් ආණ්ඩුවේ ලොක්කත් ෆේල් වෙනවා .මේකත් ලොකු වාර්තාවක්