IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ජාතික හැඳුනුම්පත් එක්දින සේවාවේ දෙවැන්න කුරුණෑගලින්

(ජයන්ත සමරකෝන්)
 
ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව විමධ්‍යගත වැඩපිළිවෙළ යටතේ එහි දෙවන අදියර නුදුරේදී ම කුරුණෑගල ප්‍රදේශයෙන් ආරම්භ වන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
 
බත්තරමුල්ල සුහුරුපාය ප්‍රධාන කාර්යාලයට පමණක් සීමා වී තිබූ එක් දින සේවාව මීටමාස කිහිපයකට පෙර ගාල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ප්‍රථම වරට ආරම්භ කළ බව එහි කොමසාරිස්, ජනරාල් වියානි ගුණතිලක මහතා ලංකාදීපයට අද(10) පැවැසීය.
 
සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි එහි ප්‍රධාන නගරයක් මුල්කරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හැඳුනුම්පත් අංශය මගින් මෙම එක්දින සේවාව ආරම්භ කරන බවද ඒ අනුව එක් දින සේවා සඳහා කොළඹ පැමිණීමට අවශ්‍ය නොවන බවද ඒ මහතා කීය.
 
දැනට ගාල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශය යටතේ එක්දින සේවාව සාර්ථකව සිදුවන බවද දකුණු පළාතේ ජනතාවට එයින් විශාල සේවාවක් සැලසෙන බවද ඔහු සඳහන් කළේය.
 
මෙම තත්වය යටතේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ නිරන්තර තදබදය විශාල ලෙස අඩුවී ඇතැයිද කී කොමසාරිස් ජනරාල් ඉදිරියේදී උතුරු මැද හා නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි මෙම සේවාව ලබාදෙන බවද කීවේය.



අදහස් (2)

ජාතික හැඳුනුම්පත් එක්දින සේවාවේ දෙවැන්න කුරුණෑගලින්

අපි හම්බන්තොට Tuesday, 10 March 2020 08:29 AM

හම්බන්තොටටත් ඕනෑ. අපි ලොක්කගේ මිනිස්සු.

:       32       27

dakune buddimathaTuesday, 10 March 2020 09:36 AM

අනිවාර්යෙන් කුරුණෑගලට මොකටද? ටිකක් උදෙන්ම කම්මැලි නැතුව ඒ අයට එන්න කියන්න. පහසුකම් ඕනේ වෙන්නේ දකුණේ අපිට.

:       31       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1122 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site