එක්සත් ජාතික පක්ෂයේ 2018 වසර සඳහා නිලධාරී මණ්ඩලය පත් කිරීම පිළිබඳ වැඩ කටයුතු මාර්තු 31 වැනිදා වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇතැයි අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා කියයි.
පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු වෙනුවෙන් මෙන්ම රජයේ නව ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීම අගමැතිවරයා කමිටු කිහිපයක් පත්කර ඇතැයි ද ඇමැතිවරයා පවසයි.
COMMENTS
එජාපය ගොඩගන්න මේ ඇස් බැන්ඳුම් වැඩක් නැහැ. එජාප විනාශයට පාර කැපූ අය අතර ඔබත් ඉන්නවා. ඔය හැත්ත බුරුත්තම තෝංචි වෙලා ගියදාට අපි දිවිහිමියෙන් එජාපයේ... ඒකට එජාපයේ ලොක්කෝ ඇමෙරිකා යා යුතුයි.
මොනවද ඉතිං හිටපු සභාපති අනුශාසක වෙලා, අනුශාසක සභාපති වෙයි. හිටපු ලේකම් භාණ්ඩාගාරික වෙලා, භාණ්ඩාගාරික ලේකම් වෙයි. ඔය වගේ දේවල් තමයි වෙන්නේ...
හුරේ..!!! සූත්තර පුංචා නැවතත් නායකයා විය...
ඔබලා කොහොම නිලධාරී මණ්ඩලයක් පත්කරත්, නව නිලධාරීන් ගෙනත් ඔළුවෙන් හිටගත්තත් හරියන්නේ නෑ. නායකත්වය වෙනස් කරන්නේ නැතිව.. අන්න එ්ක වෙනස්කරන්න කටයුතු කරන්න. එතකොට පක්ෂය හැදෙයි. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ ඉන්නකල් නම් සදා සොත්තිම තමයි.
අලි යූ.එන්.පී. එකේ... අපිටත් ඉතාම කණගාටුයි මේ වැටිලා තියෙන තත්වයට. එජාප නායකයා ඉවත්ව යායුතුමයි. එතුමා ලංකාවේ ඉන්න පළපුරුදුම දේශපාලකයා... ජාත්‍යන්තර වැඩවලට නොම්මර 1. ඒත් ඔහු ඉවත්ව යා යුතුයි. ඔහුගේ යාළුවන් ටිකත් යායුතුමයි. එහෙම වුනොත් එජාපය ගොඩ යාවි... නැතිනම් වලේම තමයි.
අපි දැන් කැරට් කන්නේ නෑ. තව මාස 18 යි.
හරිම ලේසියි රනිල් මහත්තයා පක්ෂ නායකයා මැරෙනකන්ම, උප නායකයෝ ගොඩක් සහ නියෝජ්‍ය නායකයෝ ගොඩක් පත් කරල කියනවා පක්ෂයට දෙවැනි පෙළ නායකයෝ පත්කළා. දැන් පක්ෂය දිනවීමට කටයුතු කරන්න කියලා...
ඔය කොළඹ 7 කල්ලිය යූ.එන්.පී. එක අල්ලාගෙන ඉන්නකන්, ඔය පක්ෂය අයේ ගොඩඑන්නේ නැහැ.
මහ නරක කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ.
හැම දාම නිලදාරීන් පත්කරනවා කොමිටි පත් කරනවා හැමදාම ජාතිය අමතා කතා කරනවා විශේෂ අවධානය යොමු කරනවා මෙකි නොකී දේවල් පත් කරනවා රට ගැනවත් ජාතිය ගැනවත් කිසිම දැනුමක් නැති පාලකයෝ ඉන්න රටක් රට්ටු හිනා වෙනවා.