( තිළිණි ද සිල්වා)
කටාරයේ සිරවී සිටින අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට බෙදා හැරීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කට්ටල 1000ක් එරටට යැවීමට විදේශ සබඳතා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මෙම ඇසුරුම් කට්ටල කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා දෝහා අගනුවර සිටින අවශ්‍යතා ඇති ලාංකිකයන් වෙත බෙදා හරින බවද එම අමාත්‍යාංශ්‍ය කියා සිටී.
වියළි ආහාර ඇතුළත් මෙම අත්‍යවශ්‍ය ආහාර කට්ටල කටාරයට රැගෙන යාම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් භාණ්ඩ ප්‍රවාහන විශේෂ යානයක් නොමිලේ දායකත්වය ලබා දුන් බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.
දෝහා හි වෙසෙන ලාංකිකයින් මුහුණ පාන දුෂ්කරතා අවම කිරීම සඳහා වියළි ආහාර ඇතුළත් මෙම ඇසුරුම් කට්ටල බෙදා හරින අතර එම ඇසුරුම් කට්ටල 1000 ඉකුත් 21 වැනි දෝහා නුවර පිහිට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලැබී තිබේ.
ඒ අනුව දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් අවශ්‍යතා ඇති ලාංකික ප්‍රජාවට වියළි ආහාර සලාක සහ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීමට නියමිතය.
මීට අමතරව, දෝහා හි ශ්‍රී ලාංකික සංගම්, කටාර් පුණ්‍යායතනය, කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සහශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය යන ආයතනවල සහාය ඇතිව ශ්‍රී තානාපති කාර්යාලය මේ වන විට වියළි ආහාර සලාක ඇසුරුම් 5000ක් ද බෙදා දී ඇත.
අවශ්‍යතා ඇති ලාංකික ප්‍රජාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දෙන අතරතුර, ජනාධිපති ලේකම් කාර්යාලය හා කටාර් රජය සමඟ සමීප සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ විදේශ අමාත්‍යාංශය දෝහා හි වෙසෙන වඩාත් අවධානමට ලක්ව ඇති ලාංකිකයන් ඉවත් කිරීමට අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවද විදේශ අමාත්‍යාංශ කියා සිටී.
COMMENTS
ලක්ෂ ගණනක් ඉන්න තැනට පාර්සල් 6000කින් වැඩක් නැහැ... රැකියා, වැටුප් අහිමිව ඉන්න අය ගෙන්වා ගන්න ක්‍රමයක් හදන්න... ඡන්ද කාලෙ සහන මලු එපා. මැදපෙරදිග කඹුරලා ලංකාවට එවන්නේ... නමුත් යුරෝපයේ අය තවම ලොකුකරලා ගෙන්න ගන්නේ ඇයි අපි විතරක්... මේ එම්බසියෙන් බෙදපු අයගේ ලිස්ට් එකක් ඉදිරිපත් කරන්න කියන්න. එම්බසි වටකරගෙන ඉන්න මුදලාලිලා, හෙන්චයියලා, සංගම් කාරයින්, තමයි බෙදාගත්තේ.