IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


මුහුදු මහා විහාරයේ ඉඩම් මැන මාසයකින් ගැසට් කරන්න නියෝග

(විනීතා එම් ගමගේ )

මුහුදු මහා  විහාරයට අයත් අක්කර 30 වහාම මැනුම් කටයුතු කර යළි ගැසට් කරන්නැයි මිනුම්පතිවරයාට ද උපදෙස් දුන් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ පියවර ගත් බවත් පරිසර සහ වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා කීය.  

මුහුදු මහා විහාරයේ  ඉඩම් කොල්ලයට නිලධාරින්ගේ සහය ලැබී ඇත්තේ යම් දේශපාලන උවමනාවක් මත බව පෙනී යන්නේ යැයි කී චන්ද්‍රසේන මහතා කෙසේ වෙතත් මාසයක් ඇතුළත මුහුදු මහා විහාරයේ ඉඩම් අක්කර 30 යළි පවරා ගැසට් පත‍්‍රය නිකුත් වනු ඇතැයි ද කියා සිටියේය.

මුහුදු මහා විහාරයේ ඉඩම් ජනතාව අතර බෙදා ජයභූමි ඔප්පු ලබා දීමට කටයුතු කර ඇති නිලධාරින් පිළිබඳව වහාම සොයා බලා ඔවුන්ට එරෙහිව වහාම නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා අම්පාර දිසා ලේකම්වරයාට උපදෙස් දී ඇත.

එසේ වෙන් කරන ලද ඉඩමේ විහාරය ආසන්නයේ අක්කර 17 ක් මෑතක දී අනවසරයෙන් අල්ලාගෙන ඇති බවත් ඒ සදහා එම ප‍්‍රදේශයේ රාජ්‍ය නිලධාරින්ගේ ආශිර්වාදය ද ලැබී ඇති බවත් මුහුදු මහා විහාරයට අයත් ඉඩම් පිළිබදව එහි ගොස් කළ පරික්ෂණයකින් පසුව හෙලි වූ බැවින් මෙසේ උපදෙස් දුන් බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ලංකාදීපයට පැවැසීය.  පුරා විද්‍යා පනත නොදැන කටයුතු කරන ප‍්‍රාදේශිය ලේකම්වරුන් පිළිබදව සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි අම්පාර දිසාලේකම්වරයාට උපදෙස් දුන් බව ද හෙතෙම සදහන් කළේය.

1951 දී අක්කර 71 වශයෙන් ගැසට් පත‍්‍රයක් මගින් ප‍්‍රකාශයට පත් කර ඇති මුහුදු මහා විහාර රක්ෂිතයෙන් අක්කර 11 ක් සදහා 1996 දී ජයභූමි ඔප්පු ලබා දී ඇති බව එහි හෙලි වී තිබේ. එම ඉඩම් ලබාදී ඇත්තේ මුහුදු මහා විහාර රක්ෂිතයට ඒ වෙනුවෙන් වෙනත් ඉඩම් ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසුව නමුත් මේ වනතුරුත් එය සිදුවී නැති බවත් පසුකලෙක විහාරයේ ඉඩම අක්කර 30 ක් ලෙස යලි ගැසට් කර ඇති බවත් පැවැසේ.
 



අදහස් (10)

මුහුදු මහා විහාරයේ ඉඩම් මැන මාසයකින් ගැසට් කරන්න නියෝග

sena Thursday, 14 May 2020 08:16 AM

ඔක්කොම ඉතින් චන්දෙ ඉවරවෙනකල් තමයි...

:       0       9

SetZ Thursday, 14 May 2020 09:00 AM

ඔය ස්ථානයේ පවතින ගැටලුවට හොදම විසදුම ලෙස මා දකින්නේ යුද හෝ නාවික හමුදා කදවුරක් ඔය ස්ථානයේ ආරම්භ කිරීමයි...

:       1       15

Prabha Thursday, 14 May 2020 09:41 AM

අක්කර 71 අක්කර 30 කරලා තියෙන්නේ ගැසට් එකක් මගින්... ගැසට් එක හොරට නිකුත් නිකුත් කරන්න පුළුවන්ද?

:       0       15

BamunuarachchiFriday, 15 May 2020 03:04 AM

අක්කර 71 එකක අයිතිය අක්කර 30 අඩු උනේ කොහොමද කියලා සොයන්න වෙනවා. එය ඔය පලාත්වල රාජ්‍ය නිලධාරීන්ගේ උවමනාවට සිදුව තිබෙනවා නම් වහාම ඉඩම් අත්පත් කරගත යුතුව ඇත.

:       0       0

Rasika Thursday, 14 May 2020 11:01 AM

ඉතුරු ඉඩම් ....

:       0       3

කලන Thursday, 14 May 2020 12:22 PM

ඒක තමයි හකීම් ඉඩම් ඇමැති උනේ, ඔප්පු නැති ඉඩම් ටික හොයා ගන්න. ඊට පස්සේ උන් ඒ ටික අල්ල ගන්නවා. නඩු දැම්මත් උන් දිනනවා. මේවා නොදන්නා සිංහල යයි කියා ගන්නා දේශපාලුවන්ට රැවටිලා....

:       53       6

PrabhaThursday, 14 May 2020 05:51 PM

මොන ඇමැති වුණත් අක්කර ගාණක් හොරෙන් ගන්න බැහැ... අනික් අය ඇස්, කන් වහගෙන හිටියේ නැතිනම්....

:       0       66

RaveendraFriday, 15 May 2020 04:59 AM

ඔබගේ අදහස් ඉතාම නිවැරදිය. එලෙසම Prabha මයා සදහන් කරාසේ බලය ලබාගැනීමේ අරමුණ වෙනුවෙන් තම වරප්‍රසාද වෙනුවෙන් යාන වාහන වෙනුවෙන් කට වහගත්ත කාලකන්නි කොතරම් මෙම ගැටලුව අශ්‍රිතව ඇත්තද..?

:       0       0

Bamunuarachchi Friday, 15 May 2020 03:01 AM

නියමයි! පුරාවිද්‍යාවට අයිති ඉඩකඩම් සහ උතුරේ තිබෙන පෞරාණික පන්සල් මෙ රටේ සිංහලයාට තිබෙන අපේ අයිතිය පෙන්වීමට තිබෙන ශාක්ෂි. අපි එව්වා රැකගත යුතුයි. මුස්ලිම් රටවල තිබෙන පැරණි බෞද්ධ සිද්ධස්ථාන රැකදී තිබෙනවා නම්..., අපේ රටේ පැරණි බෞද්ධ සිද්ධස්ථාන විනාස කිරීමට, අත්පත් කර ගැනීමට විරුද්ධව දැන්වත් සිංහලයා නැගීසිටිය යුතුයි. මේ සිංහල අපගේ රටයි.

:       0       0

sharm warn Friday, 15 May 2020 06:05 AM

විල්පත්තුවේ අක්කර ගානක් කාබාසිනියා කරලා කෝමාරිකා වවන්න ගිය එකේ වැරැද්ද වහ ගන්න සහ නැති වෙන්න යන චන්ද ටික රැකගන්න ගහන ගේමක් විතරයි .. බලන්නකෝ ඔය කියන කතා කෙරෙන හැටි ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 904 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 998 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 396 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site