IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


මහනුවර අධි අවදානම් කලාප සිතියම්කිරීම කඩිනම් කරන්නැයි කෝප් කමිටුව කියයි

මහනුවර දිස්ත්‍රික්කයේ නායයෑමේ අධි අවදානම් කලාප හඳුනා ගැනීම සඳහා සිතියම්කරණ වැඩපිළිවෙල කඩිනමින් සිදු විය යුතු බව කෝප් කමිටුව පැවසීය. පසුගිය දෙසැම්බර් 31 වන විටත් තුම්පනේ, මිණිපේ, උඩුදුම්බර, හා හතරලියද්ද යන බලප්‍රදේශ තවමත් සිතියම්කරණයට ලක්වී නොතිබීම පිළිබඳ කෝප් කමිටුවේ අවධානයට ලක් විය.
 
ආපදා කළමණාකරණ ක්‍රියාවලිය විධිමත් කිරීම සඟහා ආපදා කළමණාකරණ පනත සංශෝධනය කිරීම ඉතා වැදගත් පියවරක් වන බවත් ඒ සඳහා පියවර ගැනීම කළ යුතු බවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ සඳහා කෝප් කමිටුවේ නිර්දේශ පාර්ලිමේන්තුවේ මතය ලෙස ඕනෑම නෛතික අවශතාවක් වෙනුවෙන් භාවිත කිරීමේ හැකියාව ඇති බවද කෝප් කමිටුවේ සභාපතිවරයා පැවසීය.
 
ඒ මහතා මේ බව සඳහන් කළේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවදානම් කලාප වල ජීවත්වන පවුල් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ කාර්යසාධනය විමර්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.
 
සිතියම්ගත කිරීමේදී මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල පසුගිය කාලය තුළ සිදුවූ නායයෑම් ප්‍රමාණය, එම ප්‍රදේශයේ ඇති ගොඩනැගිලි ප්‍රමාණය සහ අදාල ප්‍රදේශය තුළ සිදුවන සංවර්ධනයේ ස්වභාවය සලකා බැලෙන බවත් අණාවරණය විය. ප්‍රදේශ සිතියම්ගත කිරීමෙන් නායයෑම් අධි අවදානම් කළාප හා අධි අවදානම් කළාප හඳුනා ගන්නා අතර ඉන් අනතුරුව භූ කලාප අධි අවදානම්, මධ්‍ය අවදානම් සහ මඳ අවදානම් වශයෙන් කාණ්ඩ ගත කරන බවද සඳහන් විය.
 
අධි අවධානම් ප්‍රදේශවල ජීවත් වන පුද්ලයන්, ගොඩනැගිලිවල ස්ථානීය ඡායාරූප සහිත දත්ත පද්ධතිය සම්පූර්ණ කිරීමේ ප්‍රමාදය හා එම දත්ත ප්‍රදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දීමේ ප්‍රමාදය පිළිබඳව ද, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මානව ජනාවාස සැලසුම් හා පුහුණු අංශය මඟින් සකස් කර ඇති දත්ත මේ වන තෙක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හෝ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කාර්යාල සඳහා ලබා දී නොතිබීම ද කමිටුවේ අවධානයට යොමු විය.
අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල මෙම විෂයට අදාල නිලධාරීන් පත් කොට ඇති බැවින් අදාල ස්ථානීය ඡායාරූප සහිත දත්ත පද්ධතිය නිසි ආකාරයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සමග ජාල ගත කිරීමේ අවශතාවය කමිටුව මෙහිදී පෙන්වා දුන්නේය.
 
මෙම ව්‍යාපෘතියේ ක්‍රියාකාරී මට්ටමේ කටයුතු මෙහෙයවන ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් සිය විෂය යටතට අදාල ක්‍රියාකාරී සැලැස්මක් සකස් කොට තිබේද යන්න කමිටු සභාපතිවරයා මෙහිදී විමසා සිටියේය. මෙහිදී ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට නිවාස 372ක් ඉදි කිරීම‍ට සැලසුම් කර ඇති බවත් එයින් නිවාස 176ක් ඉදි වෙමින් පවතින බවයි. එයට අමතරව මේ වසර අවසාන වන විට මුළු ලංකාව පුරාම  නිවාස 1000ක් ඉදි කිරීමට සැලසුම් කොට ඇති බවද මෙහිදී අණාවරණය විය.
 
අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වෘත්තීය තනතුරු 07කට අදාල නිලධාරීන් 31 දෙනෙකුගෙන් සහ සහාය කාර්ය මණ්ඩල නිලධාරීන් 05 දෙනෙකුගෙන් සැදුම්ලත් කාර්ය මණ්ඩලයක් අවශ්‍ය බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ව්‍යාපෘති වාර්තාවේ දක්වා ඇති නමුත් එම කාර්ය මණ්ඩලය තවමත් ස්ථාපිත කොට නොමැතිවීම පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය. එම නිලධාරීන් විධිමත්ව බඳවා ගැනීමේ පටිපාටියකට අනුව බඳවා ගැනීම සඳහා කටයුතු කරන ලෙස කොප් කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.
 
මාර්ගෝපදේශ උපදෙස් අනුව කමිටු පිහිටුවා නොතිබීමෙන් ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කිරීමට අදාල රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය අවම වීම, ප්‍රතිලාභීන් තොරා ගැනීමේදී ගැටලු ඇති වීම සහ අපරික්ෂාකාරී අන්දමින් ප්‍රතිලාභ නිදහස් කිරිම නැමැති විගණන නිරීක්ෂණ පිළිබඳව ද කමිටුව අවධානයට ලක් කළේය. මෙහිදී නිලධාරීන් කමිටුවේ අවධානයට යොමු කළේ සමහර අධි අවදානම් සහිත ප්‍රදේශ ආර්ථික සහ ප්‍රතිලාභමය වශයෙන් වාසිදායක බැවින් එම ප්‍රදේශ වලින් ජනතාව ඉවත් කිරීම දුෂ්කර වී ඇති බවයි. අමාත්‍යාංශ මට්ටමින් මේ සඳහා මැදිහත් කිරීමක් අවශ්‍ය බව සඳහන් කළ සභාපතිවරයා ඒ සඳහා විධිමත් කමිටුවක් පිහිටුවීම වැදගත් වනු ඇති බවද සඳහන් කළේය.



අදහස් (0)

මහනුවර අධි අවදානම් කලාප සිතියම්කිරීම කඩිනම් කරන්නැයි කෝප් කමිටුව කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 972 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1026 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site