(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෝකන්දර විද්‍යාරාජ මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පුතෙකු විසින් උදැල්ලකින් සහ පිහියකින් පහරදුන්නැයි තුවාල ලැබූ පියකු මියගොස් මව රෝහල් ගතකර ඇතැයි මාලබේ පොලිසිය කියයි.
එම ප්‍රහාරයෙන් පසු සැකකරු පියාගේ සිරුරට ගිනි තබා ඇතැයි ද පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 ක් වන රංජිත් සේනාරත්න නැමැති ත්‍රීරෝද රථ රියදුරෙකි.
තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව පුනරුත්ථාපනය ව සිටි පුතු මව විසින් මෑත කාලයේ දී නිවසට ගෙන්වා ගෙන තිබූ අතර කිසියම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධියට සැකකෙරෙන 28 හැවිරිදි සැකකාර පුතු අත්අඩංගුවට ගැනීමට මාලබේ පොලිසිය පරීක්ෂණ පවත්වයි
2025 නොවැම්බර් මස 04
320
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2133
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුතුගේ උදලු පහරින් පියා මරුට: මව රෝහලට
සුරංග Wednesday, 28 September 2022 12:36 PM
අම්මගේ ආදරය පුතා ආනන්තර්‍ය පාප කර්මයටත් යොමුකළා.. මෙම පාපකර්මයේ වැඩි කොටසක් කුඩු ජාවාරමුන්ට හිමිවෙනවා. තවත් කොටසක් ඔවුන් බේරා ගැනීමට බොරු බේගල් ගොතා උපක්‍රම යොදන අයටත් ලැබෙනවා.
පුරවැසියෙක් Wednesday, 28 September 2022 12:50 PM
අයියෝ මොකද්ද මේ කරගත්තේ දරුවෝ...? පොඩ්ඩක් ඉවසන්න බැරුව කරගත්ත පාප කර්මයක්.. පියතුමාට නිවන්සුව ලැබේවා... මව්තුමියට ඉක්මන් සුවය ලැබේවා... මේ පේනවනේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන අපරාධ... තව ඒවා නීතිගත කරන්නලු..!
soma Wednesday, 28 September 2022 02:51 PM
ඉතාමත් ම කණගාටුදායක පුවතක්. කුඩු කාරයෝ නිසා රට වැනසිලා. දැන් ළමයෙක්වත් තනියෙම පාරට යවන්න බයයි. ආර්ථික අහේනියත් එක්ක ඉස්සරහට මීටත් වඩා දරුණු දේවල් අහන්න දකින්න ලැබේවි.
විපරමා Wednesday, 28 September 2022 03:26 PM
අල්ලනවා කියන කුඩුත් ආයෙත් හොර පාරෙන් එනවා ඇති. කුඩු වසංගතය තුරන් කරන්න බැරි ඒ පිටිපස්සේ, දේශපාලුවන්, පොලිසියේ උදවිය, ඉන්න නිසා ජාවාරම් කාරයින්ගෙන් පගාවත් ලැබෙනවා. අන්තිමට රටේ තරුණ පරපුර විනාශ වෙන එකයි සිද්ද වෙන්නේ...?