(රොමේෂ් මධුෂංඛ)
ශ්‍රී ලංකාව බාරයේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමෙන් රජය උතුරේ ධීවරයා නොසලකා හැර ඇති බවටත් එයින් ඉන්දීය ධීවර යාත්‍රා උතුරු මුහුදට පැමිණීම වැඩිවීමෙන් උතුරේ ධීවරයින් දැඩි ලෙස අසරණ වන බවත් ධීවර සංගම් නියෝජිතයෝ කියති.
‘එම ධීවර යාත්‍රා ලබාදීම සම්බන්ධනේ මත දෙකක් තිබෙන බවත් උතුරු ධීවර සංගමය ධීවර ඇමැති සමග සාකච්ඡා කරලා මේ වතාවේ පමණක් ධීවර යාත්‍රා දුන්නට කමක් නෑ කියන මතයට ඇවිත් තියනවා. නමුත් අපි ඒ මතයට විරුද්ධයි‘ යැයි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු නැගෙනහිර සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් මහතා පැවසීය.
‘අපි කියන්නේ මේ ධීවර යාත්‍රා දැන්ම නිදහස් කරන්න එපා කියලයි. ධීවරයො නිදහස් කළාට කමක් නැහැ. නැතිනම් ඉන්දීය ධීවරයො නිසා උතුරේ ධීවර කර්මාන්තය තව ටික දවසකින් විනාශම වෙලා යයි‘ යැයි ද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මහා ඇමතිතුමාට බැරිද තමිල්නාඩුවේ ලොකු අයියල එක්ක කතා කරන්න.