විවිධ රාජ්‍ය ආයතනවලින් තෝරාගත් නිලධාරීන් දස දෙනකුට පශ්චාත් උපාධි (ශාස්ත්‍රපති/විද්‍යාපති) අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව දහයක් පිරිනැමීමට කොරියානු රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ගේ හැකියා වර්ධනය කිරීමේ අරමුණින් සහ කොරියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වේ. කොරියානු රජය වෙනුවෙන් ‘කොරියානු ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ආයතනය’ විසින් මෙම ශිෂ්‍යත්ව පිරිනැමෙනු ඇත.
පාලනය, ග්‍රාමීය සංවර්ධනය, සෞඛ්‍ය සහ තාක්ෂණය සහ පරිසරය සහ බලශක්ති යන ප්‍රධාන ක්ෂේත්‍ර 4 ආවරණය වන පරිදි මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වේ.
කෘෂිකාර්මික නිෂ්පාදනය, ගෝලීය තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති, ප්‍රජා සංවර්ධනය, කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතා නායකත්වය, ජල සම්පත් කළමනාකරණය, වායුගෝල පරිසරය, ආර්ථික සංවර්ධනය සඳහා නියාමන කළමනාකරණය යන විෂය ක්ෂේත්‍ර කෙරෙහි මෙම පශ්චාත් උපාධිවලදී වැඩි අවධානයක් යොමු කෙරේ. එමෙන්ම ශිෂ්‍යත්වලාභී රාජ්‍ය නිලධාරීන් දස දෙනාට කොරියානු කර්මාන්ත සහ සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට ද අවස්ථාව හිමි වේ.
‘කොරියානු ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ආයතනය’ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් සඳහා පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව පිරිනැමීම ආරම්භ කරන ලද්දේ 2005 වසරේදීය.
එතැන් පටන් මේ වසර දක්වා රාජ්‍ය නිලධාරීන් 84 දෙනකු මෙම වැඩසටහන යටතේ පශ්චාත් උපාධි (ශාස්ත්‍රපති/ විද්‍යාපති) ලබාගෙන ඇත.
(055)

2025 නොවැම්බර් මස 04
30
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජ්‍ය ආයතන නිලධාරීන් 10 කට පශ්චාත් උපාධි සඳහා කොරියාවෙන් ශිෂ්‍යත්ව
Amila Friday, 08 June 2018 09:05 AM
කෝ තරුණයෝ .......මෙතන වැඩි හරියක් ඉන්නේ විශ්‍රාම යන වයසේ අයනේ...................