(යොහාන් භාසුර)
විහාරස්ථානයක් මාසයකදී විදුලි ඒකක 8,500 ක් පාවිච්චි කිරීම නිසා රුපියල් ලක්‍ෂ පහමාරක විදුලි බිලක් ලැබී ඇති බවත් මෙවැනි ආකාරයට දැවැන්ත විදුලි පරිභෝජනයක් කරන ආගමික ස්ථාන පිළිබඳව රජය මැදිහත්විය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
එම විහාරස්ථානයේ පසුගිය මස විදුලි බිල රුපියල් 80,000 ක් යැයි එම විහාරස්ථානයෙන් පැමිණිල්ලක් යොමුකර ඇති බව කී රත්නායක මහතා කොළඹ 7 පිහිටි කාමර 35 කින් යුත් සිය හෝටලයේ මාසික විදුලි පරිභෝජනය ඒකක 7,500 ක් පමණක් බව ද සඳහන් කළේය.
මෙවැනි විශාල පරිභෝජනයක් ඇති ස්ථානවලට ලක්‍ෂ 5 කට වඩා වැඩි බිලක් ලැබීම වැලැක්විය නොහැකි බව කී රත්නායක මහතා සඳහන් කළේ පන්සල්වලට සහනාධාර දීම රජයේ කටයුත්තක් බවත්ය.
සමස්ත රට තුළ ඇති ආගමික ස්ථාන 48,500 ක පමණ සංඛ්‍යාවෙන් සියයට 75 ක් පමණ ඒකක 180 කට අඩු විදුලි පරිභෝජනයක් ඇති ඒවා බවත් සියයට 25 ක් පමණ වන විශාල පරිභෝජනයක් ඇති ස්ථාන ගැටලුවක් බවට පත්ව ඇති බවත් රත්නායක මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
මේ වගේ අධිකව විදුලිය පාවිච්චි කරනවා නම් සෝලා පැනල් ගහගන්න කියන්න ඕනේ... සහන දෙනවා කියන්නේ සාමාන්‍ය මිනිස්සු මේ බිල් ගෙවනවා කියන එක... පන්සල් වල වුණත් විදුලි බිල අඩු කරගන්න එයාලා දැනගන්න ඕනේ... පන්සල්වලට ඕනෑතරම් දේපළ තියෙනවානේ... අනික දායකයින් ඉන්නවානේ ඔව්වාට උදව් කරන...!
බොහෝ ආගමික ස්ථානවල ලාබ විදුලි බිලනිසා බිට්කොයින් ලබාගැනීමේ කටයුතු සිදුකරන බවට ආරංචි පැතිරෙනවා. වැඩි විදුලි පරිභෝජනය කරන පරිගණක මේ සඳහා යොදා ගන්නවා..
ඒ කරුමෙටත් දැන් අපටද කර ගහන්න වෙලා තියෙන්නේ? පැය විසිහතරම වායුසමීකරණ දාගෙන ලෝකෙට පේන්න ලයිට් දාලා දැන් අපටද බිල ගෙවන්න කියන්නේ? මේ විදිහට නම් මේ රට මේ ආත්මයේදී ගොඩගන්න බැහැ. බිල නොගෙව්වොත් ලයිට් කපනවා හැර ආයේ මොනවද කතා කරන්නේ...? මේ ආගමික ස්ථාන රටට පිළිලයක් වෙලානේ?
පන්සල්වලට මොකටද මේ සා විශාල විදුලි බිල්පත්. හවසට ගිලන්පස අරන් බණක්, භාවනාවක් කරලා, පිරිතක් අහල සුවසේ නිවන මෙනෙහි කරන් සැතපෙනවා ඇරෙන්න...
සමහර පන්සල්වල අනවශ්‍ය විදියට විදුලිය පාවිච්චි කරන හැටි අපි දැකලා තියෙනවා. ඒ මදිවට පෝය දිනවල මහ හයියෙන් ලවුඩ්ස්පීකර් දාගෙන ආධාරත් ඉල්ලනවා විදුලි බිලට.. ඒ ආධාර කොහෙට යනවද කියලා කවුද දන්නේ..?
පන්සල් වල සද්දෙට උදේ හවස පිරිත් දාන්නම ලොකු විදුලියක් නාස්ති කරනව.. කොච්චර පිරිත් දැම්මත් පේනවනෙ රටට වෙලා තියෙන දේ.. සද්දෙට පිරිත් දැම්මා ලයිට් දැම්මා කියල ශාසනේ බැබලෙන්නෙවත් රටට සෙතක් වෙන්නෙවත් නෑ, මිනිස්සුන්ගෙ කන් බීරි වෙන එක විතරයි වෙන්නෙ
බලාගෙන ගියාම රට බංකලොත් කරල තියෙන්නේ ආගමික සිද්ධස්ථානද? ආගමික සිද්ධස්ථාන වලට මෙච්චර මිනිස්සු රැස්වෙන්නේ ඇයි? ඇත්තටම, යථාර්තය අවබෝධ කර ගැනීමටද? සමහර විට මේ අර්බුදය නිසා ලංකාවේ මිනිසුන්ට යථාර්තය අවබෝධ වුනවත්ද කියලත් හිතෙනවා.
මෙවර අරගලයේ නායකත්වය ගත්තේ ආගමික නායකයින්.. ඒ නිසා දුන්නු දඬුවමක් කියලත් හිතෙනවා.
දැන් රටේ පවතින තත්තවය අනුව අනුවර්තනයවීමට, විදුලි බිල පමණක් නොව අනෙකුත් විය පැහැදම් හොඳින් කළමනාකරණය කර ගැනීමට විහාරාධිකාරී පාර්ශව උනන්දුවෙනවා නම් හොඳයි කරදරයක් නොවන විධියට.
ලවුඩ්ස්පීකර් කරදරය නිසා අවට පදිංචි මිනිස්සු කොච්චර දුක් විඳිනවද ?
නරකෙත් හොඳ පේනව වගේ මේකෙන් මේ උන්නාන්සෙලගෙ නාස්තිකාර ජීවිත එලයට ආව, මෙච්චර විදුලියක් කාබාසිනියා කරන්නෙ එක ඩොලරයක් උපයන්නද? මැදපෙරදිග බැලමෙහෙවර කරන සහ ඇඟලුම් කම්හල්වල දාඩිය හෙලන කාන්තාවන් උපයන ඩොලර් දීල ගෙන්වන තෙල් වලින් උපදවන විදුලියට නාස්ති කරනව. ඕව ගෙවන්න රජය මැදිහත් වෙනවට අපි විරුද්ධයි.
වායුසමීකරණ තුල සිරවී අධි විදුලිබල නාස්තියක් කරන කාමසුබල්ලිකානු චරිත වලට දුක්ඛ සත්‍යය යම් පමණකට අවබෝධ කොට දුන් විදුලිබල මණ්ඩලයට පිං.
පන්සල් වලට සහන දෙන එක නවත්වන එක නේද හොඳම විසඳුම.
හාමුදුරුවරු රෑට පංසල්වල තොරන් පෙන්නනවද
සෑම ආගමික සිද්ධස්ථානයකටම විදුලි ඒකක 200 ක් නොමිලේ දෙන්න. මොකද අපි ජල විදුලියෙන් නිපදවන විදුලි ඒකක වලට ලොකු වියදමක් යන්නේ නෑ . මොනවා වුණත් අපේ හර පද්ධතිය රැකෙන්න ආගම නිසයි. මෙහෙම හරි පෙර ගෙවුම් ක්‍රමය හඳුන්වා දෙන්න. සියලුම ව්‍යාපාරික සහ ගෘහස්ත වගේම රජයේ ආයතනවලට.
සාමාන්‍ය ජනතාව මුල්‍ය අර්බුයේ වැඩිම බර දරන කොටසයි. මේ වෙලාවේ දී තවත් සහන සොයනවට වඩාසියලුම පුජනීය ස්ථාන වල විදුලිය පරිභෝානය අඩු කිරීම වඩා වැදගත්.
V8 එකේ ගිහින් දන් පින්වලට වඩින්නෙ නැතුව බුදුන් වැඩිය විදියට පා ගමනින් දන් පින්වලට වැඩලා සල්ලි ඉතුරු කරගෙන බිල ගෙවන්න කියන්න. අපිටයි අපේ ළමයින්ටයි නම් පිනට දෙන ණය වලට කරගහන්න බැහැ.
පුදුමයි කාමර 36 ක හෝටලේක විදුලි බිල 7500 ක් කියන්නේ. ඒක වහලා දාලා තියන හෝටලයක්ද?
අරගලට සම්බන්ධ වෙලා හාමුදුරුවොත් ඉල්ලුවේ සිස්ටම් චෙන්ජ් එක දැන් බලන කොට ඕක්කොම බයිලා තමයි . තමන්ගේ බිල ගෙවන්න බැරිලු,
නිවන් යන්න කරැවලේ බැනේ...ඒකයි එවිවර බිලක් යන්නේ....අපේ කාලේ මෙහෙම තිබුනේ නැ අපේ හාන්දුරැවනේ ...දැන් ශැපද ....
විහාරස්ථානද විදුලි පාරිභෝජනය සීමා කරගැනීම මගින් රටට ආදර්ශමත් විය යුතුය.
බොහොමයක් පන්සල් වල තට්ටු ගණන්වල ගොඩනැගිලි හදලා කාමර කුලියට දෙනවා කලල්ගොඩ පැත්තේ එහෙම පන්සල් තිබෙනවා. ඒවායේ විදුලිබිල් තමයි ඔය.හාමුදුරුවරු ඉන්නේ කීපනමයි නමුත් විසාල ගොඩනැගිලි.
පන්සල් වලට ලැබෙන දානයත් නැති කරගන්න හදන්නේ.