ඉන්දිකා රාමනායක / නිමන්ති රණසිංහ
සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි වෛද්‍ය සමිර සේනාරත්න මහතා මිට මද ලොවකට පෙර අපරාධ පරික්ෂක දෙපාර්තමේන්තුව විසින් අතඅඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වෛද්‍ය සමිර සේනාරත්න මහතා ගමන්ගත් මෝටර් රථයට ඉකුත් 2017 වසරේ පෙබරවාරි මසදිනක සයිටම් ආයතනය ආසන්නයේදි වෙඩි ප්‍රහාරයක් එල්ල වු අතර එය හිතා මතාම සැලසුම් සහගව සිදුකරන ලද සිදධියක් බවට හෙළි වි තිබු බව පොලිසිය.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් වෛද්‍ය සේනාරත්න මහතාගෙන් ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂක දෙපාර්තමේන්තුවට මිට පෙර දිනක ප්‍රශ්න කර තිබුණි.
එම ප්‍රශ්න කිරිමට අදාලව මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත
අත්අඩංගුවට ගත් සේනාරත්න මහතා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සයිටම් හිටපු ප්‍ර.වි.නිලධාරී අත්අඩංගුවට
රවින් Saturday, 09 June 2018 11:40 AM
හොඳ රියැලිටි නාට්‍ය කාරයෙක්. තවත් නාටකයක් රඟදක්වයිද දන්නේ නැහැ. රිමාන්ඩ් කළොත් සාමාන්‍ය මිනිසුන් අතරට දාන්න. කිසිම අමතර පහසුකම් දුන්නොත් බන්ධනාගාරේ ඇතුලේ හොඳ සත්‍ය නාටකයක් රඟ දක්වාවි. අන්තිමට වෙන්නේ අහිංසක නිලදාරීන් දෙතුන් දෙනෙක් අමාරුවේ වැටෙන එකයි.
රොමේෂ් Saturday, 09 June 2018 01:12 PM
මෙයා කවදා ඉඳන්ද වෛද්‍ය වුනේ?. මෙය නිවැරැදි විය යුතුයි.
ධනුෂ්ක Saturday, 09 June 2018 02:19 PM
මංජුල කියන කෙනා මේක බලනවනම් තේරුම් ගන්න මෙව්වා තමා ගැටළු. මේක අාරම්භයේ සිට කලේ රඟපෑම්, කිව්වේ පට්ටපල් බොරු. මොකටද? ජනතාව මුලා කරන්න එහෙම අායතනයක් ගැන කොහොමද විශ්වාස තබන්නේ. වංචාකාරි අායතන වලින් උපාධිය ගත්තනම් වෙන්නේ ලංකාවේ වෛද්‍ය වෘත්තිය හෑල්ලුවෙන එක. මේකට රැවටුණු ඔයාලයි ඔයාලගේ මුදලුයි අපරාදේ තමා නමුත්. ඔබලා ඉතාම සුලුතරයක්. ඔබලා නිසා අනාගතයේ බිහිවන දහස් ගණනකගේ වෛද්‍ය වෘත්තිය හෑල්ලුවෙන එක ඊට වඩා අපරාධයක්. දැන් යන්න කොතලාවලට ගිහින් පිළිවෙලකට හොඳට ඉගෙන ගන්න.
faizer Saturday, 09 June 2018 05:19 PM
ඉන්දියාව වගේ පදුරකට ගැහුවම උපාධි කාරයෝ බිහි වෙනවා ලංකාවේ...සම්මුක පරීක්ෂණයකට ගියොත් මොවුන් අමාරුවේ...උපාධිය තිබ්බට මදි.