
(ඉන්දිකා රාමනායක)
ප්‍රධාන මාර්ග හතරක ක්‍රියාත්මක කර ඇති මංතීරු නීතිය කැඩූ 1200 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිසිය පැවසීය.
සී.සී.ටී.වී කැමරා මගින් මෙම පිරිස හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
මන්තීරු නීතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මෙම පිරිසට හෙට (26) විශේෂ පන්තියක් ද පැවැත්වෙන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂයෙන් දැනුවත් කලයුත්තේ ත්‍රීීවීල් රථ රියදුරන්ය. මොවුන් දකුනට සංඥාදී වමටත් වමට සංඥාදී දකුනටත් හැරවීමට අමතරව වෙනත් වාහනයකට ඉඩක්නොදී මාර්ගය මැදින්ම දකුනට සංඥා දෙමින් ගමන් කරන අවස්ථා අනන්තවත් තියෙනවා. ත්‍රීරෝධ රථයකට පැයට කි.මී 40 ක් දී තිබියදී කාරයකට පැයට කි.මී 70 ක වේගයක් දී ඇත. නමුත් ඉහත දැක්වූ ආකාරයට යන ත්‍රීරෝධ රථ නිසා ගමන ප්‍රමාදවන කාරයක් හිමියෙක් ඉඩක් ලැබුනු අවස්ථාවක ඉස්සර කිරීමක් කලොත් වරදක් කලායැයි අල්ලා ගන්නේ කාරය පැදවූ කෙනාය (මෙය මටම සිදුවූ සත්‍යයම දෙයකි) මේගැනත් තරුණ ශ්‍රමය රටට වැඩක් නැතිව නාස්තිකරවන මෙම රථ ගැනත් පියවරක් ගැනීම සුදුසුය.