
(යොහාන් භාසුර)
විදුලි ගාස්තු සියයට 75 කින් ඉහළ දැමීමත් සමඟ ඉතිරි වී තිබෙන කුඩා කර්මාන්ත වැසීයෑමේ දැඩි අවධානමකට පත්ව ඇති බවත් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කර්මාන්තවල විදුලි ගාස්තු වැඩිවූයේ කෙසේදැයි පැහැදිළි කළ යුතු බවත් සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ ජාතික සංවිධායක නිරුක්‍ෂ කුමාර මහතා පැවසීය.
ඉන්ධන අර්බුදය හේතුවෙන් කුඩා කර්මාන්ත සියයට 50 ක පමණ ප්‍රමාණයක් වැසී ගිය බව කී නිරුක්‍ෂ කුමාර මහතා කුඩා කර්මාන්තවලින් මීට පෙර විදුලි ඒකකයක් සඳහා අයකළ ගාස්තුව රුපියල් 50 කින් පමණ ඉහළ යන බව ද සඳහන් කළේය.
බොහෝ කුඩා කර්මාන්තවල රුපියල් 3,000 ක්ව පැවැති මාසික විදුලි බිල මෙම ගාස්තු ඉහළ දැමීමත් සමඟ රුපියල් 9000 ක් 10,000 ක් බවට පත්වන බවත් සත්ව ආහාර නිෂ්පාදනය සහ යෝගට් වැනි කර්මාන්ත දැඩි අර්බුදයකට පත්වන බවත් ඒ මහතා කීය.
ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කර්මාන්තවලින් සාමාන්‍යයෙන් ඒකකයකට රුපියල් 12 ක් පමණක් අයකළ බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
විදුලි බල මණ්ඩලයේ කෙරෙන නාස්තිය, දූෂණය, බෝනස් කෙරුවාවල් නැති කළොත් විදුලි ගාස්තු අඩු කරගන්න පුළුවන්. ඔන්න ඔය දුෂණ නැති කරන්න අරගල කරන්න. ඩයස්පෝරාවේ සල්ලි ඕනේ නැහැ අපි සල්ලි දෙන්නම් අරගල කරන්න.
විදුලි ගාස්තු වැඩි කිරීමෙන් බලාපොරොත්තු වන දෙයක් තමයි පරිභෝජනය අඩු කිරීම. කුඩා කර්මාන්ත වැසීයාම රජයට ප්‍රශ්නයක් නොවේ.