(සිතුම් චතුරංග)
යාපනය, අරියාලෙයි මනියතෝට්ටම් ප‍්‍රදේශයේ ස්ථාපිත කර තිබූ පොලිස් මුරකුටියක් කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර ඇති බව යාපනය පොලිසිය පවසයි.
මනියතෝට්ටම් ප‍්‍රදේශයේ සිදුවන නීති විරෝධී ක‍්‍රියා සහ වැලි ජාවාරම් වැළැක්වීම සඳහා මෙම මුරකුටිය ස්ථාපිත කොට තිබූ බව පොලිසිය පැවැසීය.
මාස කිහිපයක් අදාල ප‍්‍රදේශයේ තිබූ පොලිස් මුරකුටිය භාවිතයට නොගෙන තිබූ අතර පසුව එය කිසයම් පුද්ගලයින් පිරිසක් ගිනිතබා ඇත. ගිනිතැබුවේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් කිසිවෙකුගේ කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් විය හැකි බවට සැක පළකරන බව යාපනය පොලිසිය සඳහන් කළේය
COMMENTS
නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියන්නේ නැතුව ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න.
අපරාධකරුවන් කැමතිවෙයිද පොලිස් මුර පොළවල් වලට?
ගම්මන්පිල මහතා මේකටත් කොටින්ගේ වැඩක් කියාවිද දන්නේ නැත...
දැන්මම අගමැතිගේ හයිය අරගෙනද..? මෙහෙම ගියොත් ඉස්සරහට කොහොම වෙයිද..?