( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සායන සඳහා පැමිණෙන රෝගීන්ට අවශ්‍ය සායනික ඖෂධ මේවනවිට සකස්කර ඇති බැවින් ඒවා නිවසටම ලැබීමට සැලැස්වීමට නිවැරැදි ලිපිනයන් රෝහලට ලැබීමට කටයුතු කරන ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා ඉල්ලීමක් කරයි.
මෙම තොරතුරු දැනුම්දීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ 037-2222261-63-63 හෝ 037 - 2225190-91-92 යන දුරකථන අංක වලට කතා කර තම ලිපින හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හැම පුද්ගලයෙකුගේම ලිපිනය සහ අනෙකුත් වැදගත් තොරතුරු පරිගණක ගත කළ යුතුයි. ඒවා යාවත්කාලීන කිරීම ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතුයි. ඒ වගේම රටින් පිටවන ඇතුළුවන අයගේත් දත්ත එවෙලේම පොලිස් හමුදා මුලස්ථාන වලින් බලා ගන්න පුළුවන් විදිහට හදන්න ඕනේ. සංචාරකයින්ගේ සහ සියල්ලන්ගේම ආරක්ෂාව පිණිස ගයිඩ් සහ සංචාරකයින් යන එන තැන් ඒ තැන් වලට ගිය වේලාවන් පරිගණක ගත කරන්න ජංගම දුරකථන ඇප් එකක් හදන්න ඕන. 2020 වත් මෙවැනි දේවල් නැති රටක ජාතික ආරක්ෂාව ගැන කුමන කතාද ?