IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


විදුලි අර්බුදය පවතින්නේ තව දින 10 ක් බව රවී කියයි

 


රංජන් කස්තුරි 

අලුත් අවුරුදු දිනවලදී රටපුරා කිසිදු ස්ථානයක විදුලිය කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල බලශක්ති හා ව්‍යාපර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා කීය.

විදුලිය අර්බුදය පවතින්නේ තවත් දින 10 ක් පමණ කාලයක් පමණක් යැයි ද ඉන්පසුව ගැටළුව විසදෙනු ඇති බව රවී කරුණායක මහතා පැවසීය.

රාත්‍රී කාලයේ විදුලිය භාවිතා කිරීම සීමා කරන්නනැයි කළ ඉල්ලීමට ජනතාවගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිව තිබෙන බවද රාත්‍රී කාලයේ දී පැවැති විදුලිය ඒකක 3600 ත් 3700 ත් අතරවූ ඉල්ලුම මේ වන විට ඒකක 3200 පමණ දක්වා අඩුවී ඇතැයි ද ඔහු කීය.

ඉදිරියේ දී එල්.එන්.ජී. විදුලි බලාගාර 7 ක්, තාප බලාගාර සහ ගල් අගුරු බලාගාර දෙකකුත් සුර්ය සහ සුළං බලාගාරත් ක්‍රියාත්මක කර ජාතික විදුලිය පද්ධතියට මෙගාවොට් 500 ක් අලුතින් එකතු කරන බවද ඔහු කීය.



අදහස් (20)

විදුලි අර්බුදය පවතින්නේ තව දින 10 ක් බව රවී කියයි

Perera Friday, 29 March 2019 01:18 PM

ඒ කියන්නේ පාවෙන විදුලි බලගාරේ වැඩ හරි වගේ.

:       0       45

ajith Friday, 29 March 2019 01:41 PM

මෙයාගේ ජෙනරේටර් ටික ළඟම එනවා ඇති...

:       50       223

RaveendraFriday, 29 March 2019 03:05 PM

ajith මයා වෙත, ඇත්තෙන්ම ඔබ නිවැරදිය. මේ ග්‍රහයාද රට ඇම්ඩන්... හැබැයි කුඹුරේ තියෙන පැල්කොටේ ගැන නම් කිසිම මතකයක් නැහැ. බලන්න එ්කෙත් හැටි... පුදුම අවංක ඇමතියෙක් නේද මේ හාදයා....

:       2       157

dasaSunday, 31 March 2019 03:39 PM

මෙයත් නිකන් කොහා වගේ තමා. අනුන්ගේ ගෙවල් වලනේ ඉන්නේ. අනුන්ගේ පානින් එළිය බලද්දී විදුලි ප්‍රශ්නයක් නැත.

:       0       0

Hafeel Friday, 29 March 2019 03:17 PM

පුද්ගලික විදුලි බලාගාරවලින් ඔයාට තාම නිවසක් තෑගි ලැබුනේ නැද්ද?

:       4       230

BamunuarachchiMonday, 01 April 2019 05:06 PM

මම දන්නේ නැහැ ගෙදර අයගෙන් අහන්න.

:       0       0

Soma-dubayi Friday, 29 March 2019 03:57 PM

අති විශිෂ්ඨයි මැතිතුමනි, ඔබතුමා අපේ අගමැතිතුමාට යෝධ සවියක්....

:       236       241

hasantha Friday, 29 March 2019 04:53 PM

මේ පායන කාලේ ජලාශවල රොන්මඩ ඉවත් කරලා වහිද්දි වැඩියෙන් ජලය රැස් කරගන්න සැලසුමක් නැද්ද? මේ රටේ හැමදාම පායන කාලෙට කරන්ට් කපනවා ඊළඟට වහිද්දි ගං වතුර ගලනවා. කිසිම සැලැස්මක් නැති රටක් ඔහේ ඉබාගාතේ යනවා අවරුදු 71ක් තිස්සේ.

:       0       462

athuraSaturday, 30 March 2019 06:19 AM

සහතික ඇත්ත මහත්මයා...

:       0       63

RaveendraSaturday, 30 March 2019 07:45 AM

හසන්ත මයා වෙත, ඔබගේ ඉතාම නිවැරදි අදහස් අප අගය කරන්නෙමු. 225ක් වූ අම්බරුවන් රෑනම සිතන්නේ මම කෙසේ හෝ ලොක්කා වියයුතුය යන නිහීන සිතුවිල්ල නොවේද? අපේ පක්ෂය පමණක් සදාකල් රට පාලනය කළයුතුය යන්න නොවේද? රටට හෙනහත වැදුණාට කමක් නැත. අප අපගේ සිය පවුල් සමගින් ජීවත් වෙමු යන්න නොවේද? අවුරුදු 71ක් යනු සුළුපටු කාලයක්ද? මෙම පාප කර්මවලට සියලුම රජයන් මෙන්ම සියලුම මූසල පක්ෂ අඩුවැඩි නැතිව වගකිව යුතු නොවේද? එමෙන්ම ඔබ අප මෙන්ම සියලුම රටවැසියන්ද යම්කිසි දුරකට වගකිව යුතු නොවේද? එසේ අප සඳහන් කරන්නේ මෙවන් පාදඩයන් 225ක් අපේ වියදමින් සිය පවුල් සමග සුර සැප විඳීමට පත් කලේ ඉන්දියානු හෝ බටහිර පුරවැසියන් නොව ඔබ, අප මෙන්ම සියලුම ලාංකිකයන් නොවේද? පක්ෂවලට බෙදී සිටින කිසිඳු රටක් දියුණු වී නැති බව අපට ඕනෑ තරම් උදාහරණ ඇත.

:       0       122

PerakumSunday, 31 March 2019 05:10 AM

ඔබ හරියට හරි. වැරැද්ද අපේ අතේ. ඉතින් ඒ වැරැද්ද ඇයි අපි නැවත නැවතත් කරන්නේ...?

:       0       16

Anil Friday, 29 March 2019 05:10 PM

මචන්, ගියසතියේ කිව්වේ තව දින 6 යි කියලානේ...

:       0       33

gamage Saturday, 30 March 2019 05:31 AM

මෙයාගේ අද කියන දේ හෙට කියයි.... මතක නෑ... දන්නේ නෑ කියලා බැඳුම්කරේදි වගේ ..

:       0       5

menna Saturday, 30 March 2019 01:50 PM

ඒ කියන්නේ අලුත් අවුරුද්දෙන් පස්සේ ලයිට් කපනවා කියන එකද?

:       0       4

de silva Sunday, 31 March 2019 05:53 AM

ඔබතුමා ඉන්න නිවාස කාගේද කියලා දන්නේ නැති පුද්ගලයෙක්.., ඉතින් කොහොමද රජයේ වගකිවයුතු ඇමතිකමක් දරන්නේ? අපි වහිනකම් දවසට පැය කිහිපයක් කළුවරේ ඉන්නම්.., කරුණාකර ඔබතුමා නම් පුද්ගලික විදුලිබලාගාර සමග ගිවිසුම් නම් අත්සන් කරන්න යන්න එපා.. එවැනි වැඩ සිහිබුද්ධිය ඇති කෙනෙකුට පවරන්න.

:       0       2

Udaya Sunday, 31 March 2019 07:07 AM

ඇයි අර්බුදය එන්න කලින් මේ ගැන සිතුවෙ නැත්තේ? අර්බුදය තුළින් යම් වාසියක් ලබාගන්න විය හැකියි.

:       0       1

ranjith Monday, 01 April 2019 12:24 AM

මේ රට විනාස කරනවා නිලදාරින් සහ පාර්ලිමේන්තු හොරු

:       0       0

sarath jayasinghe Monday, 01 April 2019 02:32 AM

තව දවස් දහයකින් අවුරුද්දට කර්මාන්තශාලා වහනවා. එතකොට කොහොමත් විදුලිය ඕන වෙන්නේ බොහොම අඩුවෙන්

:       0       0

Perakum Monday, 01 April 2019 04:19 AM

ඔය නිකන් අනං මනං කියවන්නේ නැතුව වග කිවයුතු ඇමති වරයෙක් හැටියට මේ ගැටලුවට ස්ථාවර විසඳුමක් දෙන්න. ඇයි අපි සුළු පරිමාන පාරිභෝගිකයින්ට නොමිලයේ බැරිනම් සහන මිලකට සුර්ය පැනල නොදෙන්නේ....? එහෙම කලොත් මේ ප්‍රශ්නය සදහටම විසඳෙනවා. ඒත් විදුලි බල මණ්ඩලයේ අධිකාරීන් ඒකට ඉඩ දෙන්නේ නැහැ. පායන කාලෙට පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගෙන සාක්කු පුරවා ගන්න බැරි වෙනවා නේ.

:       0       35

Bamunuarachchi Monday, 01 April 2019 05:03 PM

ඔයාලා විදුලිය නොකපන බව කීවේ 2015 සිටමයි. ඕක අද ඊයේ කියපු කතාවක් නොවෙයි. ඕක අහලා දැන් කණේ කරගැටත් ඇවිල්ලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 911 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1000 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 397 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site