(අමල් වික‍්‍රමරත්න)
ගාල්ල හියාරේ රක්ෂිතයේ අනවසර මත්පැන් නිෂ්පාදනාගාර 07 ක් වටලා රුපියල් ලක්ෂ 10 වටිනා මත්පැන් මිලි ලීටර 81,400ක් සහ ගොඩා මිලි ලීටර 350,000ක් සමග සැකකරුවන් 08 දෙනෙක් ගාල්ල සුරාබදු ස්ථානය හා දකුණු පළාත් විශේෂ වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලෑබූහ.
අක්කර 400 පමණ ප‍්‍රදේශයක පිහිටා ඇති මෙම හියාරේ රක්ෂිතය තුල දියකඩිති ආශ‍්‍රිතව මෙම අනවසර මත්පැන් නිෂ්පාදනාගාර පවත්වාගෙන යන බව ගාල්ල සුරාබදු ස්ථානාධිපති ප‍්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතා පවසයි.
සැකකරුවන් සුරාබදු පනත යටතේ එක් අයෙකුට රුපියල් 50,000ක සුරාබදු ඇප මත නිදහස් කර තිබේ. මැයි 05 වැනි දා ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට නියමිතය. .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමාණය මිලිලීටර් වලින් දැම්ම එකේ දඩය රුපියල් වලින් නැතුව සත වලින් දැම්ම නම් අපුරුයි...
අර කළුතර නඩු තීන්දු අනුව පොලිසියට හොර සුරා වැටලීමට බලයක් නැහැ කියල තීන්දු වුණා. නමුත් සුරා බදු දෙපාර්තමේන්තුවේ ලොකු පිරිස් බලයක් නැහැ නේද ඔය හැටි වැටලීම් කරන්න? වහාම නීතිය වෙනස් කරලා පොලිසියටත් බලය පවරන්න රජය ක්‍රියාකළ යුතුයි කියලයි මං නම් හිතන්නේ.
ශාන්ත, ඔබ හරියටම හරි .